-ලංකා ඊ නිව්ස් වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.සැප්.10, ප.ව.11.45) රනිල්ගේ දකුණු අතක් වන ප්‍රකට දේශපාලකයෙක් පසුගියදා ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය ඇමැතුවේ ය. ඔහු පුද්ගලිකව ලංකා ඊ නිව්ස් සමග කලක් සිටම මිත්‍රයෙකි. රනිල්ගේ දකුණු අත වන් නමුත් ඔහු පිළිබඳ දූෂණ චෝදනා එල්ල වී නැති අයෙකි.
"කොහොමද මොකද වෙන්නේ?" ඔහු ඇසුවේ ය.
"මුකුත් නෑ මාලිමාව ලොකු මාජින් එකකින් දිනනවා වගේ" ලංකා ඊ නිව්ස් කීවේ ය.
"ඔව් මාලිමාව දිනනවා වගේ තමයි. නමුත් අපේ ලොක්කා තමයි දෙකට එන්නේ. සජිත් අපිටත් වඩා අඩුවෙන් ගන්නේ" රනිල්ගේ දකුණු අත තමන් පරදින බව පිළිගනිමින් කීවේ ය.
"ඔයගොල්ලෝ හිතන්නේ අනුර කොච්චරක් විතර ගනීවිද? " නැවත රනිල්ගේ දකුණු අත ඇසුවේ ය.
"අපිට පේන විදිහට නම් එදා චන්ද්‍රිකා ගත්ත වාර්තාගත පසන්ටේජ් එක සියයට හැට දෙකයි දශම ගණනට වඩා ගනීවි" ලංකා ඊ නිව්ස් පිළිතුරු දුන්නේ ය.
"එක් අතකින් ඔයාට කියන්න මෙයා, ජේවීපීය දිනන එක ගැන මගේ යටි හිතේ පොඩි සතුටකුත් තියනවා" රනිල්ගේ දකුණු අත අප විශ්මයට පත් කරමින් කීවේ ය.
"ඇයි එහෙම කියන්නේ?" ලංකා ඊ නිව්ස් විමසුවේ ය.
"නෑ අනේ මේ පල් වෙච්ච දේශපාලන මඩ ගොහොරුව සුද්ද කරන්න ජේවීපී ම එන්න ඕනෑ. අපේ පක්ෂ වලට ඒක කරන්න කවදාවත් බෑ. අනික අපි කාලයක්ම පාර්ලිමේන්තුවේ ඉඳලා තියනවානේ. මං දන්නවා අනුර බුද්ධිමත් මිනිහෙක්.." රනිල්ගේ දකුණු අත අවංකවම පැවසීය.
"අනුර දිනන එක ගැන ඔයාගේ යටි හිතේ පොඩි සතුටක් තියනවා නම් කරන්න තියෙන්නේ එක දෙයයි.." ලංකා ඊ නිව්ස් කීවේ ය.
"මොකක්ද?" ඔහු ඇසුවේ ය.
"ඡන්දය දාද්දි අර වට කරපු එක අස්සට ගිහිල්ලා මාලිමාවට ඡන්දය දාන එකයි. මොකෝ ඕක ඔයාගේ ලොක්ක දකින එකක්යැ" ලංකා ඊ නිව්ස් කීවේ ය.
'රනිල්ගේ දකුණු අත' සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. සල්ලාපය තව ගොඩක් දුර පැවැති නමුත් ඒවා එතරම්ම වැඩක් නැති නිසා නොලියා සිටිමු.
(මෙය ගොසිපක් නොවේ. සත්‍ය සිද්ධියකි)
---------------------------
by (2024-09-10 19:49:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි