-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.සැප්.16, ප.ව. 11.30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිලකරත්න දිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න හොර පාරෙන් වයස අවුරුදු දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු කර තිබේ.
වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන වයස අවුරුදු දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවසර ලබාදී ඇත්තේ එම කණ්ඩායමට ලිමන්සා තිලකරත්න නීති විරෝධී ආකාරයට ඇතුළත් කර ඇති බවට විවිධ පාර්ශව පෙන්වා තිබිය දී ය. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී නොවූ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ද වන (ද්විත්ත පුරවැසි) ලිමන්සා තිලකරත්න නීති විරෝධී පැරෂුට් ක්‍රමයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර තිබේ .
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ රනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියාවේ සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඇතුලත්ව සිටියේ නැත.
එහෙත් තිලකරත්න ඩිල්ෂාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ෂම්මි සිල්වා ඇතුළු බලධාරීන් තේරීම් කමිටුවට බලපෑම් කර ලිමන්සා තිලකරත්න කණ්ඩායමට ඇතුළත් කළහ. ඉන් පසුව ලිමන්සා තිලකරත්න ද ඇතුළත් දහසය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ක්‍රීඩා ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතියට යොමු කළේ ය.
තිලකරත්න ඩිල්ෂාන් යනු කුප්‍රකට රාජපක්ෂ සට්ටැඹියෙකි. වසර 2019 ජනාධිපතිවරණයේදී ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා දරදිය ඇද්දේ ය. වසර 2020 මහ මැතිවරණයේදී ඔහු පොහොට්ටුවෙන් තරඟ කරන බව නිවේදනය කළ නමුත් අවසානයේ ඔහුට නාමයෝජනා නොලැබිණි. මෙයින් කලකිරීමට පත් තිලකරත්න ඩිල්ෂාන් සිය පවුලේ සාමාජිකයන් සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලබා ගත්තේ ය.
ශ්‍රී ලංකාවේ සිටින කාලයේ දී ඩිල්ෂාන්ගේ දියණිය පාසැල් හෝ ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව සිටියේ නැත. ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූවාය. එහෙත් ඇයට ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ මට්ටමට දක්ෂතා දැක්වීමට නොහැකි විය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් පන්නා දැමීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් සිය පවුල සමඟ යළි සිය රට පැමිණියේ සිය දියණිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමේ බලාපෙරොත්තුවෙනි. ඕස්ට්‍රේලියාවේදී අයුතු බලපෑම් සිදුකර ඩිල්ෂාන්ට තම දියණිය ජාතික කණ්ඩායමට තබා පාසැල් කණ්ඩායමකට හෝ ඇතුළු කිරීමට නොහැකිය.
ශ්‍රී ලංකාවේ කිසිදු මට්ටමක ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය නොකළ සිය දියණියව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක් කිරීමට ඩිල්ෂාන් යොදා ගන්නේ වයස විසිතුනෙන් පහළ දේශීය කාන්තා සුපර්ලීග් තරඟාවලියයි. මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් මේ තරඟාවලිය සඳහා තෝරාගනු ලැබේ. එහෙත් කිසිදිනෙක මෙරට කාන්තා ක්‍රිකට් තරඟයකට සහභාගී නොවූ ලිමන්සා තිලකරත්න දඹුල්ල කණ්ඩායමට තෝරා ගන්නේ තිලකරත්න ඩිල්ෂාන්ගේ බලපෑම හේතුවෙනි.
හොර පාරෙන් ලිමන්සා තිලකරත්න දඹුල්ල කණ්ඩායමට එක්වුවද ඇයට එම තරඟාවලියේදී කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් තේරීම් කමිටුව ඇයව වයස අවුරුදු දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා නොගත්තේ ය. එහෙත් අවසානයේ ෂම්මි සිල්වා ඇතුළු බලධාරීන්ගේ සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ බලපෑම හේතුවෙන් ලිමන්සා තිලකරත්නව කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය.
හොර පාරෙන් ලිමන්සා තිලකරත්නව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් කිරීම හරහා වසර ගණනාවක් මෙරට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිදු වන බැවින් ලිමන්සා තිලකරත්න ඇතුළත් කණ්ඩායමට අවසර නොදෙන ලෙස ක්‍රීඩා ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බොහෝ පාර්ශව ඉල්ලීම් කළහ. ෂම්මි සිල්වා අතේ නැටවෙන රූකඩයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිමන්සා තිලකරත්න ඇතුළත් කණ්ඩායමට සිය අනුමැතිය ලබාදුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස, දූෂණය නවතා, රටේ තරුණ තරුණියන්ට සාධාරණය යුක්තිය එලෙස ඉටු කළේ ය.
මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාසට සහයෝගය දැක්වීමට තිලකරත්න ඩිල්ෂාන් එක් විය. ඩිල්ෂාන් එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ෂම්මි සිල්වාගේ මගපෙන්වීම යටතේ බව ද වාර්තාවෙයි. සජිත් ප්‍රේමදාස බලයට පත්වුවහොත් තම දූෂිත වැඩපිළිවෙළ සුපුරුදු ආකාරයට ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සහය ඩිල්ෂාන් හරහා ලබා ගැනීම ඔහුගේ ඉලක්කයයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ දූෂිතයන් සමගි ජන බලවේගයට එකතුවෙමින් සිටින බවට මෙයට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ දී රටට අනතුරු ඇඟවීමක් කළේ ය.
වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වුවහොත් තිලකරත්න ඩිල්ෂාන්, ෂම්මි සිල්වා සමඟ එක්ව චමරි අතපත්තු ඉවත්කර තම දියණිය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කරනු නියතය. ඔවුන් නියෝජනය කරන්නේ එතරම් අන්ත දූෂිත, සදාචාර විරෝධී, නින්දිත දේශපාලන බලවේගයකි. ඒ බව මේ සිද්ධියෙන් රටට සනාථවෙයි.
---------------------------
by (2024-09-16 20:58:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි