-සම්පත් දිල්ලිමුණි වාර්තා කරයි
(ලංකා ඊ නිව්ස් -2024.දෙසැ.15, ප.ව.11.45) කිතුණු සම්ප්‍රදායයේ මහාගරුතම පිළිවෙතක් වන පාප්තුමන් තේරීමේ ක්‍රියාවලිය, ලෝක ආගම් ඉතිහාසයේ වැදගත්ම මොහොතක් ලෙස සැලකේ. මෙවරත් එම සන්ධිස්ථානයේදී, ශ්‍රී ලංකාවේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, ලෝක පාප් තුමන් ධූරය සඳහා සුදුසුකම් ලැබූ කාදිනල්වරුන්ගේ විශේෂ මණ්ඩලය තුළට ඇතුළත් වීම, ශ්‍රී ලංකාවේ විශේෂ අභිමානයක් ලෙස හැඳින්විය හැකිය.
කාදිනල් මැල්කම් හිමිපානන් වහන්සේ ගේ විශිෂ්ට නායකත්වය, විවිධ ආගමික හා ජාතික කටයුතු සඳහා නොසැලී දායකවීම, පමණක් නොව කිතුණු අධ්‍යාපනයේ ඔහු ලබා ඇති ලෝක පරිමාණයේ දැනුම ලෝක කතෝලික සංගමය තුළ අගනා පිළිගැනීමක් ලබාදී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ අභීත ආගමික නායකයෙකු වශයෙන්, දුප්පත් ජනතාවගේ අයිතිවාසිකම් රැකීමේදී සහ සාමය ස්ථාපිත කිරීමේදී විශිෂ්ට පුරෝගාමියෙකු බවට පත් වූ අතර, විවිධ ආගම් සහ ජාතික සහයෝගිතාවය දිනා ගැනීමේ අභියෝග මනාව ජය ගැනීමට දායක වූයේය.
ලෝකයේ 200 කට ආසන්න කාදිනල්වරුන්ගෙන් වතිකානුවට රැස්ව, රහස් ඡන්ද මඟින් පාප්තුමන් තෝරාගනු ලබයි. මේ සඳහා 2/3 බහුතරය ලබාගත් කාදිනල්තුමන් ඊළඟ පාප්තුමා ලෙස පත්වේ. මේ වසරේදී මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නාමයෝගය, ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට අමතරව ලෝකයේම අවධානයට ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ ආඩම්බරය සහ ගෞරවය රැකගනිමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් මා හිමිපාණන් ඊලඟ පාප් වහන්සේ ලෙස තේරී පත් වුවහොත් එය මගින් ශ්‍රී ලංකාව ලෝකයේම අවධානය දිනා ගනු ඇතැයි ලෝක ජනමාධ්‍ය වාර්තා කර තිබිණ. මානුෂිය ගුණාංග සහ මානුෂිය කටයුතු මඟින් ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වී ඇති උන්වහන්සේ සිය ජීවිතයම අභිමානවත් ගෞරවයකින් සරසමින්, ශ්‍රී ලංකාව ලෝක කතෝලික සංගමය තුළ උසස් ම මට්ටමකට ගෙන ඒමට කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොවපුරාම මැල්කම් රංජිත් කාදිනල්තුමාට ඇති ගෞරවය, නිසාවෙන් උන්වහන්සේ නව පාප්තුමන් ධූරය සඳහා තේරී පත් වුවහොත්, ශ්‍රී ලාංකික ජනතාවගේ අභිමානය ජාත්‍යන්තර මට්ටමකට ගෙන යාමට හැකි වේවි. එමගින් "ශ්‍රී ලාංකිකයෙකුගේ නායකත්වය යටතේ ලෝකයේ අනාගතය හැඩකළ හැකිය " යන්න ලංකා ඊ නිව්ස් අපේ පැතුමයි.
---------------------------
by (2024-12-16 00:16:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි