~

රෙදි ඉල්ලේ; කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් දැලට මාට්ටු..!

-සම්පත් දිල්ලිමුණි ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.දෙසැ.28, ප.ව.11.00) රුපියල් ලක්ෂ 90 ක් අල්ලස් ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිලිණ ගමගේ ගේ සහෝදරයෙකු වන සලෝචන ගමගේ සහ දුශාන්ත දිනේෂ් ඒකනායක යන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. සලෝචන ගමගේ පොහොට්ටුවේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ද වේ.

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90 ක මුදලක් අල්ලස්  ලෙස ලබාගැනීමේ දී මෙම පුද්ගලයන් දෙදෙනා මෙලෙස සිකුරාදා (27) පස්වරු 3.08 ට පිටකෝට්ටේ ගැමිගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කරනු ලැබූ අතර, විමර්ශන තව දුරටත් සිදුකරන බැවින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සැකකරුවන් ලබන ජනවාරි 06 දක්වා රිමාන්ඩ් කෙරිණ.

පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ටොරිංටන් ඇවෙනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ රුපියල් කෝටි 11 ක වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇත.

විවිධ චෝදනා යටතේ වැඩ තහනමට පවා ලක්‌ වී සිටි තවමත් චෝදනා රාශියකට  වරින් වර නම ගෑ වී සිටිමින් තවමත් රාජකාරී කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ට දැන් පවසන්නට ඇත්තේ කුමක් ද?  තමන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගත් නිලධාරීන්ට  පෙරලා චෝදනා ඉදිරිපත් කර තම  සහෝදරයාට ඇප ලබා දීමට සුක්ෂම මෙහෙයුමක් කරන්නේද?

අයියලා මල්ලිලා ඔක්කොම චෝදනා ලැබ දඬුවම් ලැබුවෝ. නඩුකාරයෙක්  කියා  හිතන්නවත් බැරි තරමට එහා  ගිය දේශපාලන සම්බන්ධ කම්..

තම සහෝදරයා ට  මෙන්ම  කොළඹ නඩු අහන  තිලිණ ගමගේ ටත් පසුගිය කාලයේ චෝදනා එල්ල විය. කැලෑවකින් අල්ලා ගන්නා ලද අලි පැටවකු බලපත්‍රයක් නොමැතිව සිය භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ  මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නීති පති දෙපාර්තමේන්තුව මගින් අධි චෝදනා ඉදිරිපත් කරනු ලැබීය,

මීට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෙස සේවය කරමින් සිටියදී වැඩ තහනමට ලක්‌ වූ තිලිණ ගමගේ  තමා ළඟ තබාගෙන සිටි ඇත් පැටවා බැලීමට පින්නවල අලි අනාථාගාරය වෙත ගොස් කලහාකාරී ලෙස හැසිරීම සම්බන්යෙන් ඔහුට එරෙහිව චෝදනා පහක් යටතේ පොලිස්පතිවරයා මගින් විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ දිලීප පීරිස් විසින් 2016 පෙබරවාරි මස 10 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය න් පවා මීට පෙර නියෝගයක් ඉල්ලා සිටින ලදී.

ටිකට්පතක් නොමැතිව පින්නවල අලි අනාථාගාරයට ඇතුළුවිම, ආහාර ලෙස පලතුරු කූඩයක් ගෙනයාම, මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරීයා වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළුවීම, ඇතුළුවීම තහනම් යැයි සඳහන් දැන්වීම් පුවරුවක් තිබියදී එම ස්ථානයෙන් ඇතුළුවීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන වැරදි තිලිණ ගමගේ විසින් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පොලිස්පති හරහා පවත්වන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් එදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පසු කලෙක අලි නඩුවෙන් ඔහු නිදොස් කරුවෙකු ලෙස සමාජයට පිවිසිය ද ඔහු ඇත්ත වශයෙන්ම  එවැනි චෝදනාවකට ලක්‌ විය යුතුම පුද්ගලයෙකු වීය.

මෙවැනි චෝදනා ලැබූ පුද්ගලයෙකු මෙන්ම  දේශපාලන හෙන්චයියන් වටා කැරකි කැරකී ඉන්නා  තිලිණ ගමගේ වැන්නෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වී සිටීමම  යුක්තියට කරනා නිගරුවක් බව ජනතාව කියති.  පසුගිය කාලයේ පවා  විවිධ චෝදනා රාශියක්  තිලිණ ගමගේ ට විරුද්ධව  පෙළ ගැසී ඇත. මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ඔහු සම්බන්ධයෙන්  චෝදනා මුඛයෙන් කතා කර ඇත.

එදා නීතිපති දෙපාර්තාමේන්තුවෙන් අධිචෝදනා ලැබූ  තිලිණ ගමගේ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ය.  එදා තමන්ට චෝදනා එල්ලවූ  නීතියෙන්  ම තම සහෝදරයා අල්ලස් රැගෙන  මාට්ටු  වී හිර වී ඇත්තේ  තමන්ගේ නඩුකාර තනතුරේ  රෙදි ගලවමින්ය.

උත්තරීතර නීතියක් පවතින වා යැයි කියන ශ්‍රීලංකාවේ යුක්තිය පසිඳලන්නේ යම් යම් කාල වල චෝදනා වලට ලක්‌ වූත්, මෑත කාලීනව  අල්ලස් ගෙන මාට්ටු වූ සහෝදරයන් සිටිනා තිළිණ ගමගේ වැන්නන් නම්  රටේ ජනතාවට අබ සරණබව  කියන්නේ  ඉතාමත් දුක්බරවය.

-සම්පත් දිල්ලිමුණි

---------------------------
by     (2024-12-28 20:22:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links