-කීර්ති විජයබාහු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජන.22, ප.ව.11.30) ඒ දවස 2016 ජුනි 15 දාය. කැබිලිතිගොල්ලෑව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එල්ල වූ ක්ලේමෝ ප්‍රහාරයකින් එහි ගමන් ගත් මගීන් බොහෝ දෙනෙකු ගේ ජීවිත අහිමි විය.මේ සිදුවීම මුළු රටේම ජනතාව කම්පනයට පත්කරවන ශෝකාන්තයක් වූයේ ජනමාධ්‍ය වලින් අනාවරණය කරන රූප රාමු වලිනි. ඒ බස් රථයේ ගමන් ගත් එකම පවුලේ අය ගෙන් තුවාල ලබා ජීවිතය බේරුණු අයගේ කම්පනයද ඥාතීන් අහිමි වීමෙන් වැලපෙන අයවලුන්ගේ වේදනාවද මාධ්‍ය තුළ සංසරණය වූයේ යුද්ධයේ ම්ලේච්ඡ බවින් දකුණේ ජනතාවගේ සිත තුළ අනුවේදනීය තැති ගැන්වීමක් වන ආකාරයෙනි.
එහිදී දකුණේ ජනතාවගේ වඩාත් අවධානය දිනා ගත් සිදුවීමක් වූයේ රටේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඒ ස්ථානයට යාමය. ජනාධිපතිවරයා ගේ ඒ ගමන ඔහුගේ වීරත්වය හා මානුෂික බව ඉහළ නංවන්නක් බවට පත් කරවන කාරණයක්ද විය. වර්තමානයේදී ද මහින්ද රාජපක්ෂගේ වීරත්වය ගැන ඔහුගේ අනුගාමිකයන් සඳහනක් කරන විට කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරයෙන් පසුව ඔහු එම ස්ථානයට යාම උදාහරණයක් ලෙස පෙන්වා දෙන අවස්ථා බොහොමයකි.
එහෙත් කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය පිළිබඳව ඇතැම් යුද නිරීක්ෂකයන් තුළ ඇති වූ සැකය තවමත් නිරාකරණය වී නැත්තේ එම බස් ප්‍රහාරයේ වගකීම එල්ටීටිය හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයකින් ඒ දින වල බාර ගනු නොලැබුණ නිසාය.තමන් එල්ටීටීයේ ක්‍රියාධරයකු ලෙස සිටින අවධියේ හමුදා හා පොලිස් නිළධාරීන් 40000 ක් ඝාතනය කරන ලද බව කරුණා අම්මාන් ප්‍රකාශ කරන ලද්දේ මඩකලපුව පැවැති මහජන රැස්වීමකදීය.එහෙත් කැබිලිතිගොල්ලෑව බස් රථයට එල්ල වූ ප්‍රහාරය හා සම්බන්ධව මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම විමතියට කාරණයකි.
මෙම ප්‍රහාරය පිටුපස රජයේ මිලිටරි හමුදාවල රාජපක්ෂලා විසින් සංවිධානය කර තිබූ සාහසික කල්ලි සිටින බවට සැකයක් ඒ දින වල සිටම යුද නිරීක්ෂකයන් තුළ පැවතුනි.ඒ සැකය තහවුරු කිරීමේ සාක්ෂියක් ඕපා දූපයක් ලෙස හෝ එම ප්‍රහාරය සිදු වූ දිනවල මිල්ටෙරි සාමාජිකයන් අතර කතා බහ වෙමින් පැවතුණි.එය සමාජයේ විවෘත භූමියට ප්‍රසාරණය නොවූයේ රාජපක්ෂෙලාගේ බල ආධිපත්‍යය තුළ සැඟවුන දාමරික කම් පිළිබඳව බොහෝ මිලිටරි සාමාජිකයන්ට රහසක් නොවීම නිසාය.
මේ ඕපාදූපයේ අන්තර්ගතය තුළ ඉතා බිහිසුණු හා තැති ගන්වන කුමන්ත්‍රණකාරී සිද්ධි දාමයක් සැඟවී තිබුණි.ඒ කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය සිදු වීමට විනාඩි ගණනකට පෙර රටේ ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂ කොළඹින් ගුවන් ගත වී ඇත්තේ එම ප්‍රදේශයට යාමටය. එම බස් ප්‍රහාරය ජනපතිවරයාට වාර්තා වන්නේ ගුවනේදී බවට මිලිටරි සාමාජිකයන් බොහෝ දෙනෙකු අතර රහස් කතා බහ වලදී සාකච්ඡාවට ගැනුන කාරණයක් විය. පැමිණිලිකරුවාත් දඩයක්කාරයාත් එකම පුද්ගල පාර්ශවයන් බව ඉන් තහවුරු වුවද කිසිවෙකුත් ඒ ගැන ප්‍රතිචාර නොදැක්වූහ. සියල්ල නිහඬව අසා සිටීම විනා වෙනත් විකල්පයන්ද නොවීය. රාපක්ෂලා මෙහෙයවූ සාහසික මිලිටරි කල්ලි වලින් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම ඒ සියල්ලන්ටම වඩා වැදගත් වූ බව නිසැකය.
මිනිස් ජීවිත පිළිබඳව වටිනා කමක් රාජපක්ෂලාට නොවීය. ඔවුන්ගේ එකම අපේක්ෂාව වී තිබුණේ සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා වූ අපේක්ෂාව පමණමය. යුද්දය මුවාවෙන් ඔවුන් බොහෝ ජාවාරම්වල නිරත වූහ. ඒ ජාවාරම් පිළිබඳව වූ සත්‍යය සමාජයට ගලා ඒම වලක්වා ගැනීම පිණිස රාජපක්ෂලා විසින් ඇති දැඩි කළ චීවරධාරී පෝරිසාදයෝ රැළක්ද වූහ. එම පෝරිසාද රැළ මුදා හරින ලද මානසික මෙහෙයුම් තුළ රාජපක්ෂලාගේ ආරක්ෂාව සහතික වූ අතර එම ක්‍රියා දාමය ඔවුන් වීරයන්ද ලෙස අභිෂේක ගන්වන්නට ශක්තිමත් අඩිතාලමක්ද සපයන ලදී.සමාජය ද්‍රෝහීන් ලෙස සළකන ලද එල්ටීටීඊ නායකයන්ට කප්පම් ගෙවමින් හා ඔවුන් හා රහස් සම්බන්ධතා ගෙන යමින් රාජපක්ෂලා ක්‍රියා කරන ලද දෙබිඩි පිළිවෙත කිසිවෙකුට හෙළිදරව් නොවන තරමට ශක්තිමත් දේශපාලනික ස්ථාවරයක්ද රට තුළ පවත්වාගෙන යාමට රාජපක්ෂවරු සමත් වූහ.
කැබිලිතිගොල්ලෑව බස් රථයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඝාතනය වූ මළ කඳන් තුළින් පවා මහින්ද රාජපක්ෂ සිය දේශපාලනික බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුවා මිස හෘද සාක්ෂියට එකඟව දුක් වූවා නොවේ. මිනිසුන් රැවටීමට හා මුලා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සතුව ඕනෑ තරම් තුරුම්පු තිබිණි. ඒ තුරුම්පු සියල්ල සිංහල බෞද්ධ පිරිත් පැන් වලින් පොඟවා ගත් ඒවා බැවින් දකුණේ සමාජයට මහින්ද රාජපක්ෂ ගැන කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් නොතිබුණි. ඔහු වීරයෙක් බවට රූපාන්තරය වන්නේ ඔර්ජිනල් තක්කඩිකම වසන් කර ගනිමිනි. සමස්ත සමාජයයම සුනාමි ඛේදවාචකයෙන් කම්පනයට පත්ව සිටින මොහොතක ඉන් විපතට පත් වූ මිනිසුන් සඳහා ජාත්‍යන්තරයෙන් එවන ලද විශාල මුදල් ආධාර තොගයක් කිසිම හිරිකිතයක් නොමැතිව තමන් ගේ පෞද්ගලික ගිණුමට වංචනිකව පවරා ගත් අමානුෂික පාදඩයකු මවුබිම බේරාගැනීමට සද් භාවයෙන් යුද වැදුන බව සඳහන් කිරීම පවා බඩ කොරවන තරමේ විහිළුවකි. තිස් වසරක් තිස්සේ මෙරට පැවැති යුද්ධය නිමා කරන ලද්දේ හමුදාපති වරයා වූ ජනරාල් සරත් ෆොන්සේකාගේ බලහත්කාරී දඩබ්බර හා සටන්කාමී මෙහෙයුම් නිසා මිස මහින්ද රාජපක්ෂගේ වීරත්වය නම් නොවේ.
රාජපක්ෂ වරුන් මිනිස් ජීවිත ගැන්නේ කෑලි ගාණටය. කැබිලිතිගොල්ලෑව බස් රථයට ක්ලේමෝ ප්‍රහාරය සැළසුම් කෙරෙන්නේද ඒ මානසිකත්වයෙන් බව පැහැදිලිය. වර්තමානයේ තිබෙන ජාතික ජන බලවේගය ආණ්ඩුව කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවත් ඉන් මේ වන විටත් වසන් වී ඇති සත්‍යය අනාවරණය වනු ඇතැයිද අපි සිතමු.ඒ සැබෑව තුළ මහින්ද රාජපක්ෂගේ ම්ලේච්ඡ කෙරුවාව සමාජයට දැන ගන්නට හැකි වෙන බව අපට විශ්වාසය. ඒ එම සිදුවීම සැබවින්ම පාස්කු ප්‍රහාරය හා සමානම සාහසික සැළසුමක් මත දියත් වූ මිලිටරි මෙහෙයුමක් නිසාය.
---------------------------
by (2025-01-22 21:54:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි