~

පෙත්සම්කරයන්, මානසික ලෙඩුන්ගෙන් පිරි ශ්‍රී ලංකා විදේශ සේවය ගොඩ දාගන්නේ කෙසේ ද? ඇමැති විජිතට උපදෙසක්..!

-සම්පත් දිල්ලිමුණි ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.පෙබ.12, ප.ව.10.35) ශ්‍රී ලංකා විදේශ සේවය වසර ගණනාවකට පෙර උසස් රාජ්‍ය සේවයක් ලෙස සලකනු ලැබූ අතර එහි නිලධාරීන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නැංවීමට දැඩි කැපවීමක් පෙන්නුම් කර ඇත. දැන් එම සේවාව රටේ ප්‍රතිරූපය පසෙක දමා තමාගේ පුද්ගලික ප්‍රතිරූපය සහ තම පවුලේ අයට  විදේශ සංචාර සහ දරුවන්ට ඉගැන්වීම සදහා පමණක් අරමුණු කරගත් සේවාවක් බවට පත් වී ඇත.  

ඈත අතීතයේ විදේශ සේවාව යනු ගරු ගාම්භීර සේවාවකි, එයට සුදුසකම් ඇති අයම පමණක් එහි සේවය කළහ. අතීතයේ දේශමාන්‍ය ආචාර්ය වර්නන් මෙන්ඩිස්, බර්නාඩ් තිලකරත්න , හර්මන් ලෙනාඩ් ද සිල්වා , යෝගේන්ද්‍ර දුරේයිසාමි, විල්හැල්ම් වෞටර්ස් යන ශාන්තමත්, දක්ෂ හා නවෝත්පාදනශීලී රාජ්‍යතාන්ත්‍රිකයන්  විය. මෑතකදී ජයන්ත ධනපාල, H.M.G.S. පලිහක්කාර, වෛද්‍ය ක්‍රිස් නෝනිස්, ප්‍රසාද් කාරියවසම්, මහේෂිනි කොලොන්නේ යන මහත්ම මහත්මීන්ද මෙයට අමතරව දේශපාලන මතිමතන්දර කෙසේ තිබුනත් ක්‍ෂනුකා සෙනෙවිරත්න  මහත්මියද  නායකත්වය හා රාජ්‍යතාන්ත්‍රික විචක්ෂණය මැනවින් අවබෝධ කරගත් රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස අපට හදුන්වා දිය හැකිය. ඔවුන්  ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් කැපවීමෙන් රාජ්‍යතාන්ත්‍රික සේවය ඉටු කර ඇති නිලධාරින් වන අතර මේ අතරින් තානාපති විල්හැල්ම් වෞටර්ස් මහතා තම දිවිමගේ අන්තිම අවධියේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මහත් කැපවීමෙන් රාජ්‍යතාන්ත්‍රික සේවය ඉටු කර තිබු දක්ෂ නිලධාරියෙක් බව නැවතත් කිව යුතුය. ඔහු  ශ්‍රී ලංකාවේ විදේශ සේවයට දැඩිව කැපවූ, ''මිය නොයන නායකයෙකු'' වූ බව විවාදයකින් තොරව පැවසිය යුතුය,

විදේශ සේවයේ දැන් ස්වභාවය සහ ලෙඩ පෙත්සම්කරයෝ

විදේශ සේවා නිලධාරීන් කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ වෘත්තීය ප්‍රවණතා පිළිබඳව මහජන විවාදයක්  පවතී. සමහර අවස්ථාවලදී විදේශ සේවයේ ස්වභාවය පවා හඳුනා ගැනීමට අපහසු වී ඇත. මන්ද එය සියල්ලටම අනුරූප නොවේ. විදේශ සේවය  තුළ උසස් තනතුරු හිමිවීමේදී බොහෝවිට අනෙක් සෙසු නිලධාරීන්ගේ විරෝධය දැකගත හැකි අතර, ඒ සඳහා විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරන බව පැවසිය යුතුමය. තමන්ගේ ජ්‍යේෂ්ඨත්වය අනුව තනතුරු ලබාදිය යුතු බව මතය ද ඔවුන් අතර පැතිර ඇත. එමඟින්, විදේශ සේවා තුළ රිලා න්‍යාය  ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ. විදේශ සේවා නිලධාරීන් අතර තරඟය ප්‍රබල වීමත් සමඟ යුරෝපීය රටවල් වෙත පත්වීම සඳහා වැඩි උත්සාහයක් දක්නට ලැබේ. එයට විරුද්ධව, අප්‍රිකා, මාලදිවයින, ලතින් ඇමරිකා වැනි ප්‍රදේශ වල තානාපති කාර්යාල බොහෝ නිලධාරීන්ට නොසන්සුන් ස්ථාන ලෙස මෙන් පෙනේ. එම නිසා අනෙකාට විරුද්ධව වැඩිම පෙත්සම් ලියන  සේවාව බවට විදේශ සේවය පත් වී ඇත.  විදේශ සේවයේ දැනට  සේවයේ සිටින එක්තරා පුද්ගලයෙකු ''පෙත්සම්කාරයෙකු''  බවට පත් වී ඇත. යන යන තානාපති කාර්යාල වල නිලධාරිනියන් බියට පත් කර තම වසඟයට ගැනීමටද මෙම පුද්ගලයා කටයුතු කරයි.

සමහර විදේශ සේවා නිලධාරීන් විදේශ අමාත්‍යාංශය තුළ ආරවුල් මට්ටමින් හැසිරෙන අතර, විවිධ විවාද සහ ප්‍රේම සබඳතා හේතුවෙන් රාජකාරි මට්ටමින් ඈත් වී රාජ්‍යත්‍රාන්ත්‍රික ගැටළු පැත්තකට විසි කර තම ගැටළු  වලට  විසඳුම් සොයා ගැනීමට  මහත් වෙහෙසක් දරයි.

ඇතැම් නිලධාරින් සහ නිලධාරිනියන්ට දැඩි මානසික ගැටළු ඇති වී ඇත. සමහර නිලධාරිනියන්ගේ මානසික ආබාධ හේතුවෙන් තම ස්වාමි පුරුෂයන්ට කරන වද හිංසා හේතුවෙන්  දික්කසාද කර ඇත. සමහර ස්වාමි පුරුෂයන් ගෙල වැලලාගෙන මියගොස් ඇත. සමහර නිලධාරිනියන් තම දරුවන්ට මෙන්ම සේවය කරන ආයතනයේ නිලධාරින්ට මානසික පිඩාවන් එල්ල කරමින් අපහසුතාවයට පත් කර ඇත. එමෙන්ම තවත් නිලධාරින් කණ්ඩායමක් ඉන්දියාව වැනි රටවල් ඉලක්ක කර ගනිමින් එම රටවල් වලට ගොස් තම රාජ්‍යත්‍රාන්ත්‍රික බලයට මුවා වී ව්‍යාපාර කරති.

එමෙන්ම තම නිවාස වල සේවය කිරීමට රැගෙන යනු ලබන සේවක සේවිකාවන්ට අතිශය අමානුෂික අන්දමින් සලකන බව වාර්තා වී ඇත. සමහර තානාපති නිලධාරීන්ට උසාවි මගින් දඬුවම් කර ඇත.

සජින් වාස් සමයේ නැට්ට පස්ස පැත්තේ ගසා ගෙන සිටි විදේශ සේවා සංගමය නින්දෙන් අවදි වේ

විදේශ රාජ්‍යතාන්ත්‍රික සේවය නවීන ජාත්‍යන්තර සබඳතා පද්ධතියේ ව්‍යවස්ථාපිත හා වැදගත් භාගයක් වුවද, බොහෝ රටවලදී වෘත්තිය රාජ්‍යතාන්ත්‍රිකයින්ට පමණක් සීමා නොවී, වෙනත් විශේෂිත ක්ෂේත්‍රවල පුහුණුවීම් ලත් සහ පළපුරුදු පුද්ගලයින්ද විදේශ තානාපතිවරයන් ලෙස පත්කරනු ලැබේ.

විශේෂයෙන්ම, බටහිර රටවල් බොහෝමයකදී දේශපාලන පත්කිරීම් හෝ වෙනත් වෘත්තීය ක්ෂේත්‍රවල සිටි විශිෂ්ටයන් පත් කිරීම සාමාන්‍ය ය. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඉන්දියාව, චීනය, රුසියාව, ඇතුළු බොහෝමයක රටවල් තම ජාතික ආර්ථික ප්‍රවණතා, ව්‍යාපාරික සහ අභ්‍යන්තර දේශපාලන අභිප්‍රාය අනූව තානාපතිවරුන් පත්කරයි.

විදේශ සේවා සංගමය මීට පෙර රාජපක්ෂ පාලනයේදී එවකට සිදු වූ අසාධාරණ දේශපාලන පත්කිරීම් සම්බන්ධයෙන් අබමල් රේණුවක කිසි විරෝධයක් දැක්වූයේ නැත. එදා සජින් වාස් කියන හැම දේටම ''යර්ස් සර්'' කියමින් නැට්ට පස්ස පැත්තේ ඔබාගෙන සිටි විදේශ සේවා සංගමය  අද වන විට අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය විසින් සිදුකරන දේශපාලන පත්කිරීම් සම්බන්ධයෙන් විශේෂිත විරෝධයක් දක්වයි. මෙය වෘත්තීයමය සාධාරණ ඉල්ලීමක්ද? සැබවින්ම නැත. මෙය විදේශ සේවයේ ඉන්නේ මහලොකු කෙරුම්කාරයින් බවට රටට පෙන්වීමට දඟලන නාටකයකි.

ඔය විදේශ සේවයේ දඟලන නාට්‍යකාරයින් රටට කරන ලද සේවය කුමක්දැයි තමාගේ හිතින්ම අසා දැනගත යුතුය.  පාර්ටි සහ ආරධනා වලට ගොස් මදුවිත තොල ගා සන්තර්පණය වී තමාගේ දරුවන්ට ඉගැන්වීම සහ හම්බකිරීම ඇරෙන්නට කුමක් කළේ දැයි තේරුම් ගත යුතුව ඇත.

බොහෝ තානාපති කාර්යාල වල හැම ලොක්කෙක් ගැනම ඒ රටවල් වල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විමසුවහොත් ලුණු ඇඹුල් ඇතිව අසා ගැනීමට පිළිවන.

ශ්‍රී ලංකා පමණක් නොව වෙනත් රටවල් වලද වෘත්තිය රාජ්‍යතාන්ත්‍රිකයින්ට  අමතරව වෙනත්  පුද්ගලයින් විදේශ තානාපතිවරු ලෙස සහ මහකොමසාරිස්වරු  ලෙස පත්කර ඇත

විශේෂයෙන්,  බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ඔහු වෘත්තිය රාජ්‍යතන්ත්‍රිකයෙකු නොවන නමුත්, ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය  ක්ෂේත්‍රයේ  තිබූ හසල අත්දැකීම් නිසා විශාල වැඩකොටසක් රට වෙනුවෙන් කිරීමට ඔහුට හැකි විය.  වෘත්තිය රාජ්‍යතාන්ත්‍රිකයින්ට වඩා එවැනි පුද්ගලයින්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වඩාත් ප්‍රායෝගික දැනුමක් තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ  රාජ්‍ය නායකයා වෙත ලංවීමට ක්‍රිස් නෝනිස් මහතා ට හැකිවිය. ඔහු රට වෙනුවෙන් බොහෝ වැඩ රාශියක් ඉටු කරන ලද අයෙක් බව දැන් නන්දොඩවන විදේශ සේවා සංගමය නැමති අටමගලට පෙන්වා දිය යුතුව ඇත. විදේශ සේවා සංගමය නමැති අටමගලේ මහ ලොකු කෙරුම් කරුවන්ට හැකි එකම දෙය නම් දෙන ''දෙන දේ කා ඔහේ බලාගෙන සිටීම'' පමණක් බව පැවසිය යුතුය.

විදේශ ඇමතිට පුංචි උපදෙසක්

විදේශ සේවයේ මෑතක සිට දඟලන කිසිම අයෙකු රට වෙනුවෙන් වැඩක් කර නොමැත. කරපු වැඩක් ඇත්නම් ලඟට ගෙන්වා ඇමතිතුමා විමසා දැනගත යුතුය. තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් රටේ රාජ්‍ය නායකයාට විදෙස් රාජ්‍යත්‍රාන්ත්‍රික සංචාර කොපමණ ප්‍රමාණයක්  සැලසුම් කර දුන්නාද? කොපමණ ආයෝජන ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමටත් ලංකාවේ ව්‍යාපාර වලට විදෙස් රටවල් වලට දොර ඇර දුන්නාද යන්න ගැනත් විමසා බැලීම වටී . විදේශ සේවාවේ යෙදෙන අයට ලැබෙන වරප්‍රසාද ගැන සොයා බලා අඩුම තරමින් ඒවාට හිලව් වන ආකාරයේ සේවාවක් වක් ලබා දෙනවාදැයි නැවත නැවතත් පසු විපරම් කර බැලීම ඔබගේ රාජකාරිය බව විදේශ අමාත්‍යතුමාට සැල කර සිටිමු.

විදේශ සේවාවේ නිලධාරීන් අතරම බෙදීමක් ඇතිවී ඇත. ඔවුන් බෙදෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය, සන්සුන් තැන් ලබා ගැනීම, සහ තානාපති තනතුරු පිළිබඳව ඇති උත්සාහය මතය. එබැවින්, නිලධාරීන් අතර එකමුතුවක් නැතිවීම විදේශ සේවාවේ ප්‍රධාන අඩුපාඩුවක් වී ඇත. අනෙකා පරයා රට වෙනුවෙන්  නොව තම පුද්ගලිකත්වය පමණක් ඉස්මතු වන ආකාරයට වැඩ කිරීම මගින් ගැටළු රාශියක් පැන  නැගී ඇති බව පෙන්වා දිය යුතුය.

එමෙන්ම පෞර්ෂත්වයක් නොමැති පුද්ගලයන් රාශියක් මෙම සේවාවට පැමිණ ඇත. සමහර නිලධාරිනියන් අඩි හතරක් වත් උස නැත, හරියට සාරියක් පටලවා ගැනීමට නොහැකිය, සිනාවක් නැත, මුහුණේ ලේ කදුලක් නැත, සමහරුන් මානසික පීඩනය සඳහා බෙහෙත් බොති, සමහරු  මේකප් වලින් ගත නංවා අනෙක සියලු වැඩ පසෙකලා ඇත.

ඉතින් අමාත්‍යතුමනි, මෙහෙම රාජ්‍යත්‍රාන්ත්‍රිකයන්  සිටින රටක් මෙහෙම පැවතීමත් පුදුම සහගතය. ඔය විදේශ සේවා සංගම් කියන ආකාරයට ඔලුව පහත් කරගෙන සිටිය හොත් ඔබතුමාටද වෙන්නේ රෙදි ගලවාගෙන ගෙදර යාමටය. සජින් වාස් වැනි  මිනිහෙක් ගෙන් වුවත් ඉගෙන ගැනීමටද යම් දේවල් ඇත. එදා විදේශ කටයුතු අමාත්‍යංශයේ සජින් වාස් ට උඩින් කාක්කෙක් ට වුවද පියඹා යාමට අවස්ථාව ලබා නොදී ඔය වැඩක් නොකරන විදේශ සේවා නිලධාරින් එකා පිට එකා ගාල් කර තැබුවේ ටිකක් බුරුල දුන්නේ නම් තමාගේ කර උඩ නැග බල්ටි ගැසීමට ඔය නිලධාරින් කටයුතු කරන බව අනුමානයෙන් දැන ගෙනය. එබැවින් ඔය සේවාවේ නිලධාරින් ටික එක මිටකට ගෙන වැඩ පමණක් ගැනීමට ඔබ දක්ෂ විය යුතුය. රට වෙනුවෙන් වැඩක් නොකරන නිලධාරින් ගැන පසු විපරම් කොට වහාම ලංකාවට ගෙන්වා පැත්තකින් එක මිටට ගාල් කර වැඩ කළ හැකි දක්ෂ මිනිසුන් පත් කර යැවීම කළ යුතුය. දක්ෂයින්ට විදේශ සේවයද, පුද්ගලික සේවයද කුමක් උවද කම් නැත. ඔය විදේශ සේවා සංගම් කියන අටමගලට බිය නොවී  ඕනෑම සුදුස්සෙකු   තානාපති සේවයේ තනතුරකට පත් කර යැවීම ඔබගේ කාර්යභාරයයි. ජයවේවා..!  

-සම්පත් දිල්ලිමුණි විසිනි

---------------------------
by     (2025-02-12 17:38:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links