~

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය සෙවීමට පොලිසිය මහජන සහාය පතයි.!

(ලංකා ඊ නිව්ස් -2025.පෙබ.20, ප.ව.11.30) සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුවූ අතර ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බව හෙළි වී තිබේ. ඇය ද නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන පැමිණ ඇත.

වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති නමුත් මේ වන තෙක් ඇය සොයා ගැනීමට හැකි වී නැති බව සඳහන් වේ.

පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන ඇය අවුරුදු 25 ක තැනැත්තියක වන අතර ඇය 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන් වේ.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591727 – අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසයට හෝ 0718591735 ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඉහත කී ඉෂාරා සෙව්වන්දි සමග දුරකථනයෙන් සම්බන්ධතා පැවැත්වූ පොලිස් කොස්තාපල් වරයෙකු අද අත් අඩංගුවට ගෙන තිබිණ. එකී පොලිස් නිලධාරියා මීගමුව පොලිසියේ අපරාධ අංශයේ උසාවි රාජකාරි කළ අයෙකි. අවුරුදු 25 ක් වන ඔහු පාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

---------------------------
by     (2025-02-20 20:23:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links