~

ඩීසල්, ගල්අඟුරු මාෆියාවක් ගැන බැන අඬගසන සෝලා මාෆියාව සහ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය..!

-සුන්දරා ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මාර්තු.28, ප.ව.11.30) අඛණ්ඩ විදුලි සැපයුමක් අපේක්ෂිත කර්මාන්තශාලා, රෝහල්, වෙළද ආයතන ආදිය මෙන්ම  ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන් අඛණ්ඩව නියමිත ප්‍රමිතියෙන් යුතුව විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය කරුණකි.

එය හිරු එලිය ලැබෙන, නැතිවන පරිදි වෙනස් ලෙස සූර්යාලෝකය මගින් විදුලිය නිපදවීම මත සෘජුව යැපීමේ හැකියාව නොමැති වේ.

ජාතික පද්ධතියක විදුලි පරිභෝජන ධාරිතාව මත 100% ක් සූර්යාලෝකය පදනම්ව , විශේෂයෙන් බැටරි පද්ධතියක ගබඩා නොකර සෘජුව සැපයෙන විට, වෙනස් වන සූර්යාලෝකයට පදනම්ව විදුලිය නොලැබීම, සීමාවීම තුල විදුලි උපකරණ , යන්ත්‍ර සූත්‍ර ඇණහිටීමට සිදුවේ.

එබැවින් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති වහල මත ඉදිකිරණ සූර්ය බල පද්ධති වලින් ලැබෙන විදුලිය විචල්‍ය වීමට සාපේක්ෂව අඛණ්ඩව ස්ථාවර විදුලිය බලයක් සැපයීම වෙනුවෙන්, පහසුවෙන් නිපදවන විදුලි ධාරිතාව සහ සැපයීම වෙනස් කළ හැකි ඩීසල් බලාගාර ක්‍රියාත්මකව තබා ගැනීම අනිවාර්ය වේ.

ඩීසල් වලට වඩා පිරිවැය අඩු , ඉහල ධාරිතාව සහිත ගල් අඟුරු හෝ LNG බලාගාර වලින් අදාළ ක්ෂණික වෙනස් වීම පාලනය කිරීමේ තාක්ෂණික නොහැකියාව නිසාවෙන් එය ජාතික පද්ධතියේ පදනම් ධාරිතාව වෙනුවෙන් ආර්ථික ථලදායී ලෙස යොදා ගැනීමද සිදුවේ.

රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සහ ජනතාවගේ ජීවන බර අඩු කිරීම  සහ ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන් අඩු මිලට විදුලිය සැපයීම සඳහා කටයුතු කරන ලංකා විදුලි බල මණ්ඩලයේ බලශක්ති කළමනාකරණ ක්‍රියාවලිය සඳහා එක් එක් බලාගාර වල ධාරිතාව සමගින් සූර්යාලෝකය මගින් සැපයෙන විදුලිය ද කළමනාකරණ කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.

මේ වන විට , වහල මත ඉදිකරණ සූර්ය බල පද්ධති මගින් ජාතික විදුලි බල පද්ධතියේ අඩු සැර බෙදාහැරීම් ජාලය හරහා විදුලිය ලබා ගැනීම පාලනය කළ යුතු මට්ටම දක්වා පැමිණ ඇත.

ජනතාවාදී ලෙස අඩු මිලට විදුලිය සැපයීම සහ පද්ධති කළමනාකරණය ඇතුලත්ව රටේ විදුලිය කළමනාකරණය සම්බන්ධයෙන් පියවර ගැනීම යටතේ සූර්යාලෝකය මගින් නිපදවන විදුලිය සම්බන්ධයෙන් නව ගාස්තු ක්‍රමයක්ද සහිතව තාක්ෂණික ක්‍රමවේද සංශෝධනයකට අදාළ කැබිනට් පත්‍රිකාවක් එලි දක්වා ඇත.

මෙම කැබිනට් පත්‍රිකාවේ තීන්දු තීරණ වලට එරෙහිව තාක්ෂණ ඇගැයීමක් හෝ නොමැතිව මාධ්‍ය හරහා අසත්‍ය සමාජ ගත කරනු දක්නට ඇත.

මෙම විවේචන ආත්මාර්ථකාමීබව සහ පටු දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් සිදුවන බව හොඳින් විද්‍යාමාන වන කරුණකි.

සෝලා මාෆියාව....

සූර්ය බල පද්ධති වහලමත ස්ථාපනය මගින් අධික ලාභ ලැබූ අයවලුන් මෙම අසත්‍ය සමාජගත කිරීමේ නිරතවනු දක්නට ඇති අතර මෙය සූර්ය බල විදුලි මාෆියාවක් ම බව තහවුරු වන කරුණු අපමනය.

වහල මත සූර්ය බල පද්ධති වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රු 37/- ක වැඩි මිලක් නියමව පැවතියදී 5kW පද්ධතියක් සඳහා රු ලක්ෂ 12 -14 ක් වන මිලක් බලපැවති අතර, ඒකකය රු 27/- වීමෙන් පසුව එය ලක්ෂ 7 -   8 පමන දක්වා අඩු වීමට යෙදුණේ පාරිභෝගික ඉල්ලුම වැඩිවීම සහ සමාගම් අතර තරඟය පදනම්ව මිස වෙනත් බදු සහන ⁣ආදීය පදනම්ව නොවීය.

සෝලා සමාගම් ලබාගත් අධික ලාභයේ තරම ඒකක මිල අඩුවීම සමගින් හෙළිදරව් වීමට යෙදිනි. ඒ අනුව නව විදුලි ඒකක මිල, පවතින පද්ධති මිලට අනුව සාපේක්ෂ අගයක් ගනී.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රු 15/-  ගෙවීමක් ලබන සහ ලැබීමට නියමිත සූර්ය බල පද්ධති හිමිකරුවන් ද සිටී. එහෙත් ඔවුන් පද්ධති සඳහා වැය කළ පිරිවැයට සාපේක්ෂව එදා බලපැවැත්වූ ගිවිසුමට අදාළ මිලක් විය.

සියලු සූර්ය බල පද්ධති සඳහා බලපවත්වන බවට සෝලා මාෆියා කරුවන් විසින් හුවා දක්වන වහල මත ඉදිකරන සූර්ය බල පද්ධති විදුලි ඒකකයක මිල රු 19/- ක් වීම බලපානූ ලබන්නේ අලුතින් සූර්ය බල පද්ධති සවිකරන අයවලුන් සඳහා පමනි.

වත්මන්  සූර්ය බල විදුලි පද්ධති සඳහා ගෙවන  ගාස්තුව වෙනස් නොවන තත්වයක් තිබියදී වැඩි මිලක් ලබන අයවලුන් සඳහා ද ගාස්තු අඩු කරන බවට අදාළ මාෆියාකරුවන් සමාජ ගත කිරීම බරපතල වරදකි.

සූර්ය බල පද්ධති වෙනුවෙන් ජනතාවට දැරීමට සිදුවන පිරිවැය අඩුවීම සහ ජනතාවට සපයන අඛණ්ඩ , ප්‍රමිතියෙන් යුතු විදුලි ඒකකයක් සඳහා  කර්මාන්ත හෝ  ජනතාව වෙතින් අයකරණ ගාස්තු අඩු කිරීමේ ජාතික සැලැස්ම සහ සූර්ය බල පද්ධති මගින් සැපයෙන විදුලියයේ නිචල්‍ය සහ අස්ථාවර බව කළමනාකරණ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට දැරීමට සිදුවන පිරිවැය මත මිලදී ගැනීමේ මිල අවම කිරීම සහ පාලනය  ඩීසල්, ගල් අඟුරු හෝ සෝලා මාෆියාවකට අවශ්‍ය පරිදි සිදුවිය යුතු නැත.

එබැවින් වර්ථමාන  සාමාන්‍ය 5kW පද්ධති මිල අනිවාර්යයෙන් ලක්ෂ 5 හෝ 6 මට්ටමට පැමිණවීමට ආදී වශයෙන් පද්ධති මිල අඩුකිරීමට සිදුවීම සෝලා මාෆියාවේ අධික ලාභයට හරස් වන හේතුව  ඔවුන්ගේ කලබගෑනියට අදාළ ප්‍රධාන කරුණ වේ.

සෝලා මාෆියාව නිසා පවතින පද්ධති අවධානමට ලක්වීම...

සූර්ය බල පද්ධතියක් ජාතික බෙදාහැරීම් ජාලයට එකතු කිරීමට අදාළ තාක්ෂණ හැකියාව මත ලබාදෙන නිශ්කාෂණය ලබා ගැනීම සුර්ය බල විදුලි පද්ධතියක් වහල මත ඉදිකිරීමට අදාළ මූලික කාර්ය වේ.

එසේ නිශ්කාෂණය ලබාදීමට අදාළ තාක්ෂණික හැකියාව නොමැති විට බෙදාහැරීමේ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් නොමැතිව තවදුරටත් සූර්ය බල විදුලි පද්ධති අදාළ බෙදාහැරීම් ජාලයට සම්බන්ධ කිරීම යනු දැනට එහි සිටින අනෙකුත් සූර්ය විදුලි බල පද්ධති වලටද අහිතකර ලෙස බලපානු ලබයි.

ඒ අනුව සූර්ය විදුලි බල පද්ධති වල ඉන්වටර වෝල්ටීයතාව ඉහල ගොස් ස්වයංක්‍රීයව විසන්ධි වීම මගින් විදුලිය නිපදවීම ඇණහිටීම පවා සිදුවේ.

සෝලර් මාෆියාවට අනුගත ලං වී ම දූෂිත නිලධාරීන් ගේ අකටයුතු...

ලංකා විදුලි බල මණ්ඩලයේ දූෂිත නිලධාරීන් විසින් අල්ලස් මත නිශ්කාෂණය ලබාදීම සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන සූර්ය බල පද්ධති ස්ථාපන සමාගම් යටතේ මෙම අකටයුතු සිදුවේ.

අදාළ නිශ්කාෂණය ලබාදීම් පිළිබඳව  ස්වකීය වෙබ් අඩවි හරහා දත්ත ප්‍රසිද්ධ කිරීම මගින් සුපිලිපන්නබව පහසුවෙන් තහවුරු කිරීමේ හැකියාව පැවතියද  පවත්වාගෙන යනු ක්‍රමය දූෂිතයන්ට අනුග්‍රහය සැපයීම කණගාටුවට කරුණකි.

අදාළ අකටයුතු පිළිබඳව සූර්ය බල පද්ධති හිමිකරුවන් ගේ සමාජ මාධ්‍ය වල මේ සම්බන්ධයෙන් කරුණු කාරනා නිතර සමාජගත වෙමින් පවතී.

එබැවින් , රටේ පැවති ජඩ දේශපාලන සංස්කෘතිය වෙනස් උනාසේම ඔවුන්ට අනුගත දූෂිත නිලධාරීන් මැඩ පැවැත්වීම ද කාලෝචිත අවශ්‍යතාව කි.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වගකීම් විරහිත බව...

මහජන උපයෝගිතා කොමිසමේ මාර්ගෝපදේශය අනුව වහලමත සූර්ය බල පද්ධති ස්ථාපනයට අදාළ සමාගම් ලියාපදිංචිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදුකරනු ලබයි.

එහෙත් , අදාළ ලියාපදිංචි සමාගම් සිදුකරන අකටයුතු හෝ මිල කළමනාකරණ සම්බන්ධයෙන් වගවීමක් සිදුනොවීම වහල මත සූර්ය බල පද්ධති ස්ථාපනය කරණ විදුලි පාරිභෝගිකයන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවකි.

අලෙවියෙන් පසු සේවා සැපයීම නොසලකාහැරීම ලොකු, කුඩා සෝලා සමාගම් වල පොදු ලක්ෂණයකි. මෙසේ පාරිභෝගික සේවා ඉටු නොකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් වෙතින් දඩ අයකිරීමේ ක්‍රමවේදයක් හෝ නොමැති සූනිත්‍ය බලශක්ති අධිකාරිය පාරිභෝගික ගැටලු විසඳාදීම සඳහා  උදාසීන වීම සහ මැදිහත් නොවීම මගින් සෝලා මාෆියාවට බලවත් අනුග්‍රහයක් සපයනු ලබයි.

කැබිනට් පත්‍රිකාවේ සඳහන් ජනතාවාදී යෝජනා....

ට්‍රාන්ස්පෝමර  ධාරිතාව ට අනුව අදාළ  බෙදාහැරීම් පද්ධතියට සම්බන්ධ කළහැකි Ongrid සුර්ය බල පද්ධති ධාරිතාව ඉක්මවන විට තවත් සූර්ය බල පද්ධති එකතු කිරීමට අපහසු වේ.

නිවාස ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශ වල විදුලි ට්‍රාන්ස්පෝමර වැඩි වශයෙන් පැවතියද , ඒවායේ ධාරිතාව 100KVA හෝ 160KVA අඩු මට්ටමේ පැවතීම සුලභ වේ.

එබැවින් කුඩා ට්‍රාන්ස්පෝමර වලට අදාළව විශාල ප්‍රමාණයේ, එනම් 20kW හෝ 40kW ධාරිතාව සහිත පද්ධති කීපයක් සවිකළ විට 5kW ප්‍රමාණයේ කුඩා පද්ධති රාශියක් සඳහා වන විභවතාව අහිමි වීම තුල විදුලි පාරිභෝගිකයන් රාශියක් අසාධාරණයට ලක්වීම පැවති ක්‍රමයේ පැවති බරපතල දෝෂයක් විය.

මෙම අසාධාරණය මැඩ පැවැත්වීම සඳහා අදාළ ස්ථාපනයේ  පාරිභෝජනය කරන ගිවිසුම් ගත ධාරිතාව මත පදනම්ව වහල මත සූර්ය බල පද්ධති ධාරිතාව තීරණය කිරීම සඳහා නියමයක් බලාත්මක කර ඇත.

සූර්යාලෝකය පවතින විට ජාතික බෙදාහැරීම් පද්ධතියට එකතු කිරීමේ විභවතාව අහිමි විදුලි පාරිභෝගිකයන් සඳහා නව තාක්ෂණය සමගින් දිරිගන්වන මිලක් සහිත ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී , සූර්යාලෝකය ඇති විට විදුලිය නිපදවීම සහ විදුලි පරිභෝජනය සඳහා වැඩිම ඉල්ලුම පවතින රාත්‍රී 6.30 ත් 10.30 ත් අතර කාලය තුල බැටරි පද්ධතියක් හරහා එම විදුලිය ජාතික පද්ධතියට ලබාදීමට සහ ඒ සඳහා රු 45/- ඉක්මවූ මිලක් එනම්,  අදාළ Highbrid සූර්ය බල පද්ධති පිරිවැයට සාපේක්ෂ වන ඉහල මිලක් නියම කර ඇත.

අවිධිමත් බවින් යැපුනු සෝලා මාෆියාවේ පටු අභිලාෂයන්...

සෝලා මාෆියාව යනු හුදෙක් වහල මත සවිකරනු ලබන සූර්ය බල පද්ධති සවිකිරීම කිරීම මගින් යැපෙන සීමිත පිරිසක් මිස සමස්ථ සූර්ය බල සංවර්ධනයට යොමුවූ පිරිසක් හෝ එවැනි ආයෝජකයන් නො⁣වන බව ඔවුන් විසින් මාධ්‍ය හරහා කරන පටු විවේචන වලින් පෙන්නුම් කරනු ලැබේ.

තාක්ෂණය යෝග්‍යතාව මත තීන්දු කළ ධාරිතාවක්  සෘජුව සැපයීම වෙනුවෙන් ට්‍රාන්ස්පෝමර ආශ්‍රිතව පොලොවේ ඉදිකරණ සූර්ය බල පද්ධති හරහා අඩු මිලට විදුලිය ලබා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කිරීම ද සෝලා මාෆියාවේ විවේචනය ට ලක් වුනේ එවැනි ව්‍යාපෘති වලින් විශාල ලාබයක් මාෆියාවට අත්කරගැනීමට නොහැකි හේතුවෙනි.

රටේ නිශ්පාදන සහ සේවා සඳහා අවශ්‍ය බලශක්තිය ලාභදායක වීම මගින් අදාළ පිරිවැය අඩුවීම තරඟකාරී අපනයන වෙළඳාමට  සෘජුව දායක වන කාරණයකි. එහෙත් මෙම සෝලා පද්ධති එකලස් කරන්නන්ගේ ක්‍රියා පිළිවෙත තුල රටේ සංවර්ධනයට දායකවීමේ  සැබෑ අභිලාෂයක් ඔවුන් වෙතින් පෙන්නුම් කරන්නේ නැත.

සෝලා මාෆියාව කියන පරිදි වහලමත පද්ධති ස්ථාපනය කිරීමට සැමට අවස්ථාව දීමට ජාතික පද්ධතිය ප්‍රථිසංවිධානය, සංවර්ධනය සඳහා පිරිවැය රජය මගින් දැරීම සහ ඔවුන් ලබාදෙන විදුලිය පාලනයකින් තොරව වැඩි මිලට ලබා ගතයුතුය යන හිතලු සමාජ ගත කිරීම තාක්ෂණික දැනුම ඇති අයවලුන්ගේ හාස්‍යයට භාජනය වෙමිනි.

සෝලා මාෆියාවෙන් මිදුනු පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා මඟ..

ලංකා විදුලි බල මණ්ඩලයේ, ලංකා විදුලි සමාගමේ ලියාපදිංචි වරලත් ඉංජිනේරු උපදේශකයන් ගේ අධීක්ෂණය යටතේ අදාළ විභවතාව අනුව පොලොව මත සූර්ය බල පද්ධති ස්ථාපනය කිරීම සඳහා සමාගම් හෝ තරුණ ව්‍යවසායක කණ්ඩායම් හෝ  සමූපකාර සමිති ස්ථාපිත කිරීමට පහසුකම් සැලසීම සහ  තරඟකාරී ටෙන්ඩර් කැඳවීම වැනි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම තුලින් යෝජිත කැබිනට් පත්‍රිකාවෙන් අපේක්ෂිත  කළමනාකරණය සහිතව රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක  ඵලදායි ලෙස ජයගත හැකි වනු ඇත.

-සුන්දරා

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/57

---------------------------
by     (2025-03-28 19:08:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links