-කුරුණැගල නාගරික බදු ගෙවන්නන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.
(ලංකා ඊ නිව්ස් -2025.අප්‍රේල්.20, ප.ව.10.20) ඡන්දයට පෙර කුරුණෑගල බදු ගෙවන නාගරික ජනතාව පහත කරුණු දැඩි අවධානයට ලක් කරන ලෙස ඉල්ලා කුරුණැගල නාගරික බදු ගෙවන්නන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදිය.
2025/05/06 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ඔබ නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ පාලන බලය ලබාදීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
පසුගිය පාලනය තුළ ඔබගේ බදු මුදලින් සෑදූ කඩකාමර නගරාධිපති, තුෂාර සංජීව විතාරණ, නියෝජ්‍ය නගරාධිපති හා අනිකුත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හිතුමතේ බෙදාගෙන ඇති ආකාරය පහතින් දැක්වේ.
ඔබ ඡන්දය ලබාදී සභාවට යැවූ මන්ත්‍රීවරුන් ඒ අතර සිටින්නේද බලන්න.
1. මධ්‍යම වෙළඳපොළ III අදියර C-13 දරණ කඩකාමරය තුෂාර සංජීව විතාරණ විසින් ඔහුගේ සහෝදරයෙකු වන ජනක සංජය විතාරණ වෙත එකී තුෂාර සංජීව විතාරණගේ ලිපිනය භාවිතා කර කඩකාමරයක් ලබා දී ඇත.
2. මධ්‍යම වෙළදපොළ III අදියර C-8 දරණ කඩකාමරය තුෂාර සංජීව විතාරණ විසින් ඔහුගේ සහෝදරයෙකු වන ජනක සංජය විතාරණ වෙත එකී තුෂාර සංජීව විතාරණගේ ලිපිනය භාවිතා කර කඩකාමරයක් ලබාදී ඇත.
3. බස් නැවතුම්පොළ හිස් අවකාශ අදියර II කඩකාමර 12, තුෂාර සංජීව විතාරණගේ ඥති සබඳතාව නිරීක්ෂණය වේ. රාජ්‍ය ගිණුම්කාරක සභාව අවිධිමත් ලෙස ලබාදුන් බදුකරුවන් ඉවත්කරන ලෙස නියෝග ලබාදුන් කඩකාමර තම වියදමින් ඉදිකළ බවට රු.1,393,273 ක මුදලක් ලබාගෙන තිබූ අතර නැවත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් පසුවද , නැවත ජනක සංජය විතාරණ වෙත එම කඩකාමර ලබා දී තිබු බව ද එකී ක්‍රමවේදය අවිධිමත් බව ද කියා සිටි.
4. බස් නැවතුම්පොළ හිස් අවකාශ අදියර II කඩකාමර 13, තුෂාර සංජීව විතාරණගේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු අයෙකුගේ මවගේ නමින් තුෂාර සංජීව විතාරණගෙන් බද්දට ලබාගෙන ඇති බවත් මේ වන විට එකි කඩකාමරය වෙනත් අයෙකු සඳහා අතුරු බද්දට දී ඇත.
5. මාළිගාපිටිය වෙළද සංකීර්ණ අංක 5 කඩකාමරය ඉමියා මුදියන්සේලාගේ කුමුදුනී ජයතිලකට ලබාදි ඇති අතර වැව රවුම පරිශ්‍රය හා කඩකාමර බදුගත් ඉමිහාමි තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශනාථ රෝහිත බණ්ඩාර නැමති අය අතර පවුල් සම්බන්ධයක් ඇත. මෙම කඩකාමරය භෞතික පරීක්ෂාවේදී මෙම ස්ථානයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන බවත් එම කඩකාමරය තුෂාර සංජීව විතාරණගේ ට අයත් බවත් ඒ පිළිබඳව ඒජන්සියේ සේවකයන් සාක්ෂි ලබාදී ඇත. ඒ අනුව වෙනත් පුද්ගලයන්ගේ නම් යොදා කඩකාමර ලබා ගැනීමක් නිරීක්ෂණය වන බව පෙනි ගොස් ඇත.
6. බස් නැවතුම්පොළ හිස් අවකාශ අදියර I අංක 2 කඩකාමරය සම්බන්ධයෙන් භෞතික පරීක්ෂාවේදී මෙම කඩකාමරය තුෂාර සංජීව විතාරණගේ ඥාතියෙකුගෙන් (නෑනා) ඉමියා මුදියන්සේලාගේ කුමුදුනී ජයතිලක ලබාගෙන ඇති බව අනාවරණය විය.
1. මාළිඟාපිටිය අංක 1 කඩකාමරය සහ මධ්‍යම වෙළඳපොළ III අදියර G-4 දරණ කඩකාමරය බී.ඩී. අරුණ ශාන්ත සුමේධගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ බී.ඩී සංජය උදය කුමාරට කඩකාමරය ලබා දී තිබේ.
2. මධ්‍යම වෙළඳපොළ පළමු මහල F-2I දරණ කඩකාමරය බී.ඩී. අරුණ ශාන්ත සුමේධගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ බී.ඩී.එස්. පෙරේරාට කඩකාමර ලබා දී ඇත.
3. මාළිගාපිටිය අංක 7 හා 7-C දරණ කඩකාමර සහ මධ්‍යම වෙළඳපොළ A-09 දරණ කඩකාමරය අරුණි මහේෂි ප්‍රේමසිරිගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ ඩබ්.එච්.ජේ.එල්. ප්‍රේමසිරිට කඩකාමර ලබා දී ඇත.
4. මධ්‍යම වෙළඳපොළ III අදියර A-8 දරණ කඩකාමරය අරුණි මහේෂිකා ප්‍රේමසිරිගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ ජී.එල්.පී.ජේ. ප්‍රියලාල්ට ලබා දී ඇත.
5. බස් නැවතුම්පොළ හිස් අවකාශ I අදියර 18 කඩකාමරය අරුණි මහේෂිකා ප්‍රේමසිරිගේ කඩකාමරයක් බවත් එය එදිරිසිංහ මුදියන්සේලාගේ රන්මැණිකේ විසින් බද්දට ගෙන ඇති බවත් මේ වන විට එකී කඩකාමරය විකිණීමට කටයුතු කරන බවත් අනාවරණය වී ඇත.
6. බස් නැවතුම්පොළ හිස් අවකාශ II අදියර දම්මිත් නන්දලාල් අතුකෝරාළ නාගරික මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලිපිනය භාවිතා කර ඩී.එල්. අතුකෝරාළ විසින් බද්දට ගෙන ඇති අතර අවිධිමත් ලෙස කඩකාමර ඉදිකිරීමට අවසර ලබාදීම හේතුවෙන් මෙම කඩකාමරය ඉදිකිරීමට වැය වූ මුදල ලෙස රු.1,393,273ක මුදලක් ගෙවා ඇත.
7. මධ්‍යම වෙළඳපොළ III අදියර A-10 දරණ කඩකාමරය දම්මිත් නන්දලාල් අතුකෝරාළගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ ජේ.එම්. අතුකෝරාළට ලබා දී ඇත.
8. මධ්‍යම වෙළදපොළ III අදියර A-11 දරණ කඩකාමරය දම්මිත් නන්දලාල් අතුකෝරාළගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ එච්.එම්.ජී.කේ.එස්. හේරත්ට ලබා දී ඇත.
9. බස් නැවතුම්පොළ හිස් අවකාශ II අදියර සඳහා දෙවනවතාවට ටෙන්ඩර් කැදවීමේදී දම්මිත් නන්දලාල් අතුකෝරාළගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාතියෙකු වූ එව්.එම්.පි.කේ.එස්. හේරත්ට කඩකාමරයක් ලබාගෙන ඇත.
10. මධ්‍යම වෙළඳපොළ III අදියර B-8 දරණ කඩකාමරය ඩබ්.ඒ. විජයානන්ද වෙඩිසිංහගේ ඥාති සබඳතාවක් මත ඩබ්.ඒ.එල්.සී. වෙඩිසිංහ ට ලබා දී ඇත.
11. බස් නැවතුම්පොළ හිස් අවකාශ 1 අදියර අංක 15 සඳහා ඩබ්.ඒ. විජයානන්ද වෙඩිසිංහගේ ඥාති සබඳතාවක් ඇති ඩබ්.ඒ. ලක්ෂාන් චතුරංග වෙඩිසිංහට බද්දට ලබා දී තිබූ බවටද මෙම කඩකාමරය රු.6,500,000කට විකිණිමට කටයුතු කරන බවද පෙනීගොස් ඇත.
12. මධ්‍යම වෙළඳපොළ III අදියර G-1 දරණ කඩකාමරය ඒ.ඩී.තාරක ලිවේරාගේ ඥාති සබඳතාවක් ඇතී ඒ.ටී.එස්.එම්. ලිවේරාට බද්දට ලබා දී ඇත.
13. බස් නැවතුම්පොළ හිස් අවකාශ II අදියර ඒ.ඩී. තාරක ලිවේරා නාගරික මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලිපිනය භාවිතා කර ඔහුගේ මව වන එම්.බී.ටී. ප්‍රියංගිකා යන අය විසින් බද්දට ගෙන ඇති අතර අවිධිමත් ලෙස කඩකාමර ඉදිකිරීමට අවසර ලබාදීම හේතුවෙන් මෙම කඩකාමරය ඉදිකිරීමට වැය වූ මුදල ලෙස රු.1,393,273 ක මුදලක් නැවත ගෙවා ඇත.
14. මධ්‍යම වෙළඳපොළ III අදියර G-5 දරණ කඩකාමරය එම්.එම්. මොහොමඩ් රිස්විගේ ඥාති සබඳතාවක් මත එම්.ආර්.එම්. ශාකීර්ට බද්දට ලබා දී ඇත.
15. බස් නැවතුම්පොළ හිස් අවකාශ II අදියර එම්.එම්. මොහොමඩ් රිස්වි නාගරික මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලිපිනය භාවිතා කර එම්.ආර්.එම්. ශාකිර් විසින් බද්දට ගෙන ඇති අතර අවිධිමත් ලෙස කඩකාමර ඉදිකිරීමට අවසර ලබාදීම හේතුවෙන් මෙම කඩකාමරය ඉදිකිරීමට වැය වූ මුදල ලෙස රු.1,393,273ක මුදලක් ඔහු වෙත නැවත ලබාදී ඇත.
16. මධ්‍යම වෙළඳපොළ පළමු මහල F-20 දරණ කඩකාමරය සමන්ත කුමාර කරුණාසිංහගේ පෞද්ගලික ලිපිනය භාවිතා ඇති ඥාති සබඳතාවක් මත ශ්‍රීමාල් කරුණාසිංහට බද්දට ලබා දී ඇත.
17. මධ්‍යම වෙළඳපොළ III අදියර B-03 දරණ කඩකාමරය සමන්ත කුමාර කරුණාසිංහගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාති සබඳතාවක් ඇතියමුනා වීරසිංහට බද්දට ලබා දී ඇත.
18. මධ්‍යම වෙළඳපොළ III අදියර G-03 දරණ කඩකාමරය සමන්ත කුමාර කරුණාසිංහගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාති සබඳතාවක් ඇති වයි.පී. මාරසිංහට බද්දට ලබා දී ඇත.
19. බස් නැවතුම්පොළ හිස් අවකාශ II අදියර කඩකාමරයක් පී.එම් වරුණ ප්‍රේමරත්න නාගරික මන්ත්‍රීවරයාගේ ඥාති සබඳතාව මත ටී.පී.ඩී. තලකොටුව බද්දට ගෙන ඇති අතර බදුකරුවන් කඩකාමර ඉදිකිරීම හේතුවෙන් නැවත මුදල් ගෙවීමේ රේඛනය ඉවත්කර රු.1,393,273 ක මුදලක් ලබාගෙන තිබූ අතර අවිධිමත් ක්‍රමවේදයකට කඩ ලබාදීමක් සිදුකර ඇත.
20. MC Plaza A-I2 දරණ කඩකාමරය පී.එම් වරුණ ප්‍රේමරත්න ගේ පෞද්ගලික දුරකථන අංක ටෙන්ඩර් පෝරමයේ යොදා ඥාති සම්බන්ධයක් ඇති ශිරන්ති සංජීවනීට බද්දට ලබා දී ඇත.
21. හිස් අවකාශ II අදියර බී.ඒ.සුසන්ත නාගරික මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලිපිනය භාවිතා කර බී.ඒ. සුදිල්ක ලංකා විසින් බද්දට ගෙන ඇති අතර අවිධිමත් ලෙස කඩකාමර ඉදිකිරීමට අවසර ලබාදීම හේතුවෙන් මෙම කඩකාමරය ඉදිකිරීමට වැය වූ මුදල ලෙස රු.1,393,273 ක මුදලක් ගෙවා ඇත.
22. බස් නැවතුම්පොළ හිස් අවකාශ II අදියර බී.එම්. සමුද්‍රා සුභාෂිණි බාලසූරිය නාගරික මන්ත්‍රීවරියගේ පුද්ගලික ලිපිනය භාවිතා කර ගිහාන් ඒකනායක( ස්වාමියා) විසින් බද්දට ගෙන ඇති අතර අවිධිමත් ලෙස කඩකාමර ඉදිකිරීමට අවසර ලබාදීම හේතුවෙන් මෙම කඩකාමරය ඉදිකිරීමට වැය වූ මුදල ලෙස රු.1,393,273 ක මුදලක් නැවත ගෙවා ඇත.
23. මධ්‍යම වෙළඳපොළ III අදියර A-6 දරණ කඩකාමරය සහ මධ්‍යම වෙළඳපොළ III අදියර B-6 දරණ කඩකාමරය බී.එම්. සමුද්‍රා සුභාෂිණී බාලසූරියගේ පෞද්ගලික ලිපිනය භාවිතා කර ඥාති සබඳතාවක් මත ගිහාන් ඒකනායකට (ස්වාමියා )බද්දට ලබා දී ඇත.
24. මධ්‍යම වෙළඳපල III අදියර H-07 කඩකාමරය නදීශානි සුගන්දිකා නාගරික මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන එම්.බි.පී. කුමාර නමින් ලබාගෙන ඇත.
25 . බස් නැවතුම්පල හිස් අවකාශ පළමු අදියර අංක 09 කඩකාමරය. හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ ගේ ඥාති සම්බන්ධතා මත (මස්සිනා) එම්. මහින්ද බාලසූරියගේ නමින් ලබාගෙන ඇත.
26 .බස් නැවතුම්පල හිස් අවකාශ පළමු අදියර අංක 07 කඩකාමරය සුමිත් කුමාර උඩවාසලගේ නියෝජ්‍ය නගරාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන සුරංග පරාක්‍රම කරුණාසිංහ ඔහුගේ ඥාති සොහොයුරෙකු බව විගණනයට අනාවරණය වූ අතර, අයථා ලෙස කඩකාමර ලබා ගැනීමටද කටයුතු කර ඇත.
27. හිටපු නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර උඩවාසලගේ බිරිඳගේ නැගණිය වන එච්.ඩී. දමයන්ති තමාරා කුමාරි නමින් බස් නැවතුම්පල හිස් අවකාශ දෙවන අදියර අංක 07 කඩකාමරය ලබාගෙන ඇත.
28. හිටපු නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර උඩවාසලගේ බිරිඳගේ නැගණිය වන එච්.ඩී. දමයන්ති තමාරා කුමාරි නමින් මධ්‍යම වෙළඳපල III අදියර A-3 දරණ කඩකාමරය ලබාගෙන ඇත.
29 . බන්දු ජයසේකර නාගරික මන්ත්‍රී විසින් ඔහුගේ ඥාති සොහොයුරෙකු මඟින් මාළිඟාපිටිය ප්‍රේක්ෂකාගාරය කඩකාමර අංක 06 ලබාගෙන තිබූ බව අනාවරණය විය.
30. නාගරික මන්ත්‍රී බන්දු ජයසේකර ගේ මස්සිනා වන ඉසඩ්.ඒ.එෆ්. හම්සා නමින් මධ්‍යම වෙළඳපල III අදියර A-12 දරණ කඩකාමරය ලබාගෙන ඇත.
31. නාගරික මන්ත්‍රී බන්දු ජයසේකර ගේ පුතා වන ජී.එන්. ඩිනෝන් නමින් මධ්‍යම වෙළඳපල III අදියර B-12 කඩකාමරය ලබාගෙන තිබූ බව අනාවරණය වීය.
32.. බස් නැවතුම්පල හිස් අවකාශ පළමු අදියර 14 කඩකාමරය බන්දු ජයසේකර මන්ත්‍රීවරයාගේ මස්සිනා වන එම්.ආර්. හම්සාගේ නමින් ලබාගෙන ඇත.
33. සුමේධ අරුණ ශාන්තගේ ඥාති සොහොයුරෙකු වන ශාන්ත ලක්ෂ්මන් වේවැල්දෙණිය නමින් බස් නැවතුම්පලේ හිස් අවකාශ පළමු අදියර අංක 8 කඩකාමරය ලබාගෙන තිබුණි.
34. නාගරික මන්ත්‍රී අසාර්දීන් මොසිනුදීන් ගේ භාර්යාව වන එස්.එෆ්. සෆ්නා නමින් මධ්‍යම වෙළඳපොළ III අදියර G-7 කඩකාමරය ලබාගෙන තිබු බව අනාවරණය විය.
36. මධ්‍යම වෙළඳපල G-8 දරණ කඩකාමරය නාගරික මන්ත්‍රී අසාර්දීන් මොසිනුදීන්ගේ භාර්යාව වන එස්.එෆ්. සෆ්නා නමින් ලබාගෙන ඇත.
නාගරික බදු ගෙවන්නන්ගේ බදු මුදලින් පෞද්ගලික සුඛ විහරණය සඳහා ලැප්ටොප් ලබාගෙන ඇති ලැයිස්තුව පහත වේ. ඔබ ඡන්දය ලබාදී පත්කළ මන්ත්‍රීවරුන් මෙම ලැයිස්තුවේ ඉන්නවාද බලන්න.
1. නගරාධිපති තුෂාර සංජීව විතාරණ. අංක 334, කොළඹ පාර, වැහැර, කුරුණෑගල
2. නාගරික මන්ත්‍රී ඒ. ගාමිණි පෙරමුණගේ. අංක 161, ගැට්ටුවාන පාර, කුරුණෑගල.
3. නාගරික මන්ත්‍රී වරුණ ජී. ප්‍රේමරත්න. අංක 361, පුත්තලම් පාර, කුරුණෑගල.
4. නාගරික මන්ත්‍රී සී.බී.එච්.ඩබ්.බී.ටී.බී. ඇල්ලේපොල. අංක 05, බමුණු ගෙදර පාර, වැවරවුම, කුරුණෑගල.
5. නාගරික මන්ත්‍රී විජයානන්ද වෙඩිසිංහ. අංක 187, පුත්තලම් පාර. කුරුණෑගල.
6. නාගරික මන්ත්‍රී බී.ඩී. අරුණ ශාන්ත සුමේධ. අංක 47, දකුණු රවුම් පාර, 1 පටුමඟ, වෙලන්ගොල්ල.
7. නාගරික මන්ත්‍රී ඒ.පී.පී. බන්දු ජයසේකර. අංක 42. ආඳාගල පාර, පොල්අත්තාපිටිය, කුරුණෑගල.
8. නාගරික මන්ත්‍රී ඩිලාන් තාරක ලිවේරා. අංක 84/1, ගැට්ටුවාන පාර, කුරුණෑගල.
9. නාගරික මන්ත්‍රී රජිත ලසන්ත ජයවර්ධන. අංක 132/18, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල.
10. නාගරික මන්ත්‍රී දම්මිත් නන්දලාල් අතුකෝරල. අංක 122/10, නිශ්ශංක මාවත, මල්කඩුවාව, කුරුණෑගල.
11. නාගරික මන්ත්‍රී එම්.එම්. මොහොමඩ් රිස්වි. අංක 61/1, උඩයාර් මාවත, තෙලියාගොන්න, කුරුණෑගල.
12. නාගරික මන්ත්‍රිනී එම්. සෙල්වනායගී. අංක 90/72, විල්ගොඩ පාර, කුරුණෑගල.
13. නාගරික මන්ත්‍රිනි නීතිඥ සමුද්‍රා සුභාෂිණි බාලසූරිය. අංක 20, දෙවන පටුමග, පුබුදු මාවත, කොළඹ පාර, කුරුණෑගල,
14. නාගරික මන්ත්‍රිනි අරුණි මහේෂිකා ප්‍රේමසිරි. අංක 384, බණ්ඩාරනායකපුර, මල්කඩුවාව, කුරුණෑගල.
15. නාගරික මන්ත්‍රී සමන් කුමාර කරුණාසිංහ. අංක 47/1, උඩවල්පොල, කුරුණෑගල.
16. නාගරික මන්ත්‍රී එම්.එම්. අෂාර්දීන් මොයිනුදින්. අංක 40/7, මුහන්දිරම් වීරතුංග මාවත, කුරුණෑගල.
17. නාගරික මන්ත්‍රී බී.ඒ. සුසාන්ත. අංක 38/17 b, වැහැර, කුරුණෑගල.
වැදගත් කරුණ නම් පසුගිය කාලයේ පාලනය මෙහෙය වූ තුෂාර සංජීව විතාරණ දූෂිත ,වංචනික, නගරාධිපති, අධිකරණයෙන් දඬුවම් ලබා මේ වන විට ප්‍රජා අයිතිය ද අහෝසි වී සිටි. එනමුත් බල පෙරේතකම කොතෙක්ද කියා ඔබ දන්නවාද? පසුගිය පාලනය තුළ සිදුකළ වංචා දූෂණ වසා ගැනීමට ඔහු විසින් කඩ, ලැප්ටොප් මෙන්ම වෙනත් මූල්‍ය ආදායම් මාර්ග සලසා දුන් මන්ත්‍රීවරුන් මෙන්ම පිටත සිටි ඔහුගේ හිතවතුන් ද විවිධ පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම් වලින් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර සිටී. එම පුද්ගලයින් පහත දැක්වේ.
ඔවුන් නියෝජනය කරන පක්ෂ වලට මෙන්ම කණ්ඩායම වලට ඔබගේ වටිනා ඡන්දය භාවිතා නොකරන ලෙස, කුරුණෑගල නාගරික බදුගෙවන්නන්ගේ සංගමය ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටී. මන්දයත් පවතින පළාත් පාලන මැතිවරණය තුළ කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා බෝනස් මන්ත්‍රීධූර බෙදෙන අතර, එම මන්ත්‍රීධූර එකතු කරමින් සභාවේ බලය නැවත තුෂාර සංජීවගේ න්‍යාය පත්‍රයට නතුවීමට ඉඩ තිබේ.
1. සුමේධ අරුණ ශාන්ත (හිටපු නාගරික මන්ත්‍රී)
2. වරුණ ප්‍රේමරත්න (හිටපු නාගරික මන්ත්‍රී)
3. තාරක ලිවේරා (හිටපු නාගරික මන්ත්‍රී)
4. මොහොමඩ් රිස්වි (හිටපු නාගරික මන්ත්‍රී)
1. සමුද්‍රිකා බාලසූරිය (හිටපු නාගරික මන්ත්‍රී)
2. චුලා මෙන්ඩිස් ( හිටපු නාගරික මන්ත්‍රී )
3. ඉරෝෂා නිශාන්ති (තුෂාර සංජීවගේ බිරිඳගේ නැඟණිය)
4. ලලිත් ඉන්දික (තුෂාර සංජීවගේ අසල්වැසියා)
5. සංජීව තන්ද්‍රිආරච්චි (තුෂාර සංජීවගේ හිටපු ලේකම්)
6. ඈන් ඩන්ස්ෆර්ඩ් (තුෂාර සංජීවගේ ව්‍යාපාරික සහකාරිය)
1. සුමිත් බංඩාර (හිටපු නියෝජ්‍ය නගරාධිපති)
1. ත්‍යාගරාජා (හිටපු නාගරික මන්ත්‍රී)
1. රජිත ජයවර්ධන ( හිටපු නාගරික මන්ත්‍රී )
1. ඒ. ගාමිණි පෙරමුණගේ (හිටපු නගරාධිපති)
1. ඉර්ෆන් තාජුදීන්
ඉහත සඳහන් ඇතැම් කණ්ඩායම් වලට තරඟ කිරීමට ඇප මුදල් ද ලබා දී ඇත්තේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විසිනි. මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන . ඔබ දැනුවත් වන්න. තවද ඔබගේ අසල්වැසි නාගරික ජනතාව ද දැනුවත් කරන්න. දුශිත වංචනික රූකඩ නැවත පත්කර නොගැනීමට ඔබ බුද්ධිමත් වන්න .
---------------------------
by (2025-04-20 17:06:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි