~

"කිසිදු තර්ජනයක් අනාවරණය වී නැත": දේශබන්දු තෙන්නකෝන්ට කංජිපානි ඉම්රාන්ගේ අවතාර තර්ජනය පිළිබඳ කතාව...!

-LeN ඉංග්‍රීසි සංස්කරණයට විශේෂ වාර්තාකරුවෙකු ලියූ ලිපියක සිංහල පරිවර්තනයකි-

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.03, ප.ව.11.30) රාජපක්ෂ පාලනයෙන් පසු කොළඹ දේශපාලන කරළියේ ප්‍රසිද්ධ හිතෝපදේශයක් තිබේ. එනම් "නීතිය ඔබේ දොරට තට්ටු කරන විට, 'මෙන්න පාතාලය ඇවිල්ලෝ' කියා කෑ ගසන්න" යන්නයි.

ශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එකී මන්ත්‍රය හදවත තුලටම  ගෙන ඇති බව පෙනේ. පසුගිය සතියේ ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ විදේශයකට පලාගිය මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් හෙවත් "කන්ජිපානි ඉම්රාන්" ගෙන් තමාට තර්ජනයක් එල්ල වී ඇති බවයි. දේශබන්දුට අනුව, ඔහු පොලිස්පති ලෙස සිටිය දී මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන 'යුද්ධය' නිසා කන්ජිපානි ඉම්රාන් තමාගෙන් පළිගැනීමට යන බවයි.  

නමුත් කරුණු කිහිපයක් එකතු නොවේ - කන්ජිපානි ඉම්රාන් වර්තමානයේ දන්නා සෑම ගෝලීය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකින්ම පාහේ සැඟවී සිටින බවත්  ඔහු කෙතරම් වසන් වී ද යත්, 2019 සිට ඔහුගේම කැඩපත පවා ඔහුව දැක නැති බවයි.

"හිටපු පොලිස්පතිට  කන්ජිපානි ඉම්රාන්ගෙන් විශ්වාසදායක තර්ජනයක් නොමැති" බව බුද්ධි ආරංචි මාර්ග දෙකක් ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත. එක් අයෙක් තවදුරටත් මෙසේ කියා තිබේ. "කන්ජිපානි ඉම්රාන් තමන් ජීවතුන් අතර සිටීම සඳහා ඕනෑවට වඩා උනන්දුයි. අනෙක ඔහු අනුන්ට තර්ජන කිරීමට උනන්දු වනවාට වඩා ඔහුව සොයා ගන්නවාට බයයි." එසේ නම් දේශබන්දු මෙවැනි කතාවක් ගොතන්නේ ඇයි?

පාතාල ලෝකයේ අවතාර සහ ඇතුළත සැබෑ සතුරන්..

කථාව නැවත සලකා බලමු. හිටපු පොලිස්පති තෙන්නකෝන් දැනට පාර්ලිමේන්තුව තුලින්ම නීතිමය පරීක්ෂාවට ලක්ව සිටී. ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ද තිබේ. අල්ලස් කොමිසම ඉදිරියේ ද පැමිණිලි කිහිපයක් තිබේ. වාර්තාවලින් පෙනී යන්නේ ඔහුගේ ධූර කාලය තුළ පොලිසියේ ඉහළ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාල වෙත යොමු කළා නොව මත්ද්‍රව්‍ය ජාල වෙතින් ඔවුන්ව හරවා යවන ලද බවයි.

දැන්, වාමාංශික NPP රජය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා අසාමාන්‍ය ආශාවක් පෙන්වන බැවින්, කාකි ඇඳුමින් සැරසුණු ඉහළ නිලයන් කිහිප දෙනෙකුට නින්ද අහිමි වෙමින් පවතී. තෙන්නකෝන් ද ඒ අතර සිටින්නෙකි.  

“දේශබන්දු ඕනෑවට වඩා දන්නවා,” කොළඹ ව්‍යාපාරිකයෙක් මෙම වාර්තාකරුට පැවසීය. “ඒ වගේම ඔහු ඕනෑවට වඩා දේ කළා.” එම ප්‍රකාශය හිටපු පොලිස්පතිවරයා ගේ බිය ගැන ප්‍රකාශයකි.  එක් අතකින්, දේශබන්දු රහස් හෙළි කරන්නෙකු ලෙස සැලකේ. දශක ගණනාවක දේශපාලන-පොලිස් කුමන්ත්‍රණ පිළිබඳ හෙළි කළ හැකි අයෙකි. අනෙක් අතට, ඔහු පොලිස් ඇඳුමකින් ආවරණය කළ, බ්ලැක්මේල්, අල්ලස් සහ කෲරත්වයේ ගබඩාවක් ලෙස සැලකේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මිථ්‍යාව..

තෙන්නකෝන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව යුද වැදුණු අයෙකු ලෙස පින්තාරු කිරීම හාස්‍යජනක ය. ඔහුගේ ධුර කාලය තුළ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් බොහෝ විට කැමරා ඉදිරියේ රඟ දැක්වූ ටෙලි නාටක ය. වීදි මට්ටමේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ට එරෙහිව පෙළපාළි ගොස් දඬුවම් කළ බව ප්‍රදර්ශනය කළ නමුත් ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට ඒවා බලපෑවේ නැත.

ඊටත් වඩා භයානක දෙය නම් දේපළ වෙළඳාම් පිළිබඳ මතභේදාත්මක ව්‍යාපාරිකයන් සමඟ ඔහුගේ තිබූ සමීපත්වයයි. ඔහු උතුරු කොළඹ සහ මීගමුවෙහි ඉඩම් කොල්ලකෑමේ මෙහෙයුම් කිහිපයකම පහසුකම් සපයන්නා ගේ භූමිකාව ඉටු කළේ ය. ඒවායින් සමහරක් දැන් නීතිමය වශයෙන් අභියෝගයට ලක්ව ඇත.

හිටපු CID නිලධාරියෙකු පැවසූ පරිදි: "දේශබන්දු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කළේ නැත. ඔහු ඒවා කළමනාකරණය කරමින් සිටියේය."

වාසිය කුමක්ද?

ඉතින් කන්ජිපානිගේ අවතාරයට ආයාචනා කිරීමෙන් දේශබන්දුට ලැබෙන වාසිය කුමක්ද? වාසි එකක් නොව කිහිපයක්ම තිබේ.

පළමුව, එය මාධ්‍ය අවධානය වෙනතකට යොමු කරයි. “මරණ තර්ජනය” ගැන අඬමින් සිටින දේශබන්දු තෙන්නකෝන්ට 'වින්දිතයාගේ සළුවෙන්' ආවරණය ලද හැකිය. එමගින් ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග නිසා රැස්වන අඳුරු වලාකුළු වල අවධානය වෙනතකට යොමු කළ හැකිය.

දෙවනුව, එය වැඩි දියුණු කළ ආරක්ෂාවක් සඳහා අඩිතාලම දමයි. නඩු පැවරීමෙන් සහ මහජන කෝපයෙන් තමාව ආරක්ෂා කර ගැනීමේ පහසු ක්‍රමයකි. සියල්ලට පසු, ආරක්ෂිත මිනිසෙකුට සිතාසි නිකුත් කිරීම දුෂ්කර ය.

තෙවනුව, එය පොලිස් නිලයන් තුළ ඔහුට අනුකම්පාව දිනා ගැනීමට උපකාරී වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට පක්ෂපාතීව ද සිටිති.

නමුත් සමහර විට තෙන්නකෝන්ට ඇති භයානකම තර්ජනය හෙලිමටයක් පැළඳ එන තුවක්කුකරුවෙකුගෙන් නොවිය හැකිය. තර්ජනය පැමිණෙන්නේ තමන් නිහඬ කළා යැයි සිතූ පුද්ගලයින්ගෙන් විය හැකිය. ව්‍යාපාරිකයන්, දේශපාලන ක්‍රියාකරුවන්, වරක් දේශබන්දුගේ “සේවය” සඳහා මුදල් ගෙවූ සහ දැන් නිරාවරණයට බිය වන දේපොල ජාවාරම් කරුවෙන්ගෙන් විය හැකිය.

මෙම සන්දර්භය තුළ, මරණ තර්ජන කතාව ගොතන්නේ සමහර විට එය දේශබන්දු පසුපස හඹා එන පාතාලයක් නිසා නොව, ඔහුව නිහඬ කිරීමට අවශ්‍ය සුදු කරපටි ලෝකයෙන් විය හැකිය.

බොහෝ කරුණු පසුපස මුදල් තිබේ..

බොහෝ කරුණු පසුපස මුදල් තිබේ. අභ්‍යන්තර තොරතුරු වලින් පෙනී යන්නේ අල්ලා ගත් භාණ්ඩ නිදහස් කිරීමේ සිට ඉඩම් මාරු කිරීම් දක්වා සෑම දෙයක් සඳහාම "පහසුකම් සැලසීම" වෙනුවෙන්  තෙන්නකෝන්ගේ කාලයේ "ගාස්තු" අය කර ඇති බවයි. දිගුකාලීන ආරක්ෂාවක් අපේක්ෂාවෙන් කප්පම් ගෙවූ බොහෝ දෙනෙක් දැන් පාවා දී ඇති බවක් පෙනේ. මහජන හැඟීම් වෙනස් වීමත් සමඟ, ඔවුන් ප්‍රසිද්ධියට පත් වීමට හෝ ඊටත් වඩා නරක ලෙස අධිකරණය ඉදිරියට යන බවට තර්ජනය කිරීමට පටන් ගෙන තිබේ.

"දේශබන්දු මිතුරන් ඇති කරගත් තැන්වලම සතුරන් ද ඇති කර ගත්තා," විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පැවසුවේ ය.

කීර්තිය බිඳ වැටීම..

දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රතිරූපය කෙතරම් ඉක්මනින් බිඳ වැටේ ද යන්න  තක්සේරු කිරීම දුෂ්කර ය. රාජපක්ෂ හිතවාදී මාධ්‍ය විසින් "මත්ද්‍රව්‍යවලට එරෙහි බලකොටුවක්" ලෙස වරක් ප්‍රශංසා කරන ලද ඔහු දැන් ඉවත ලන කෙසෙල් ලෙල්ලක් ලෙස පෙනේ.

ලෝකය රඟ මඬලකි. තෙන්නකෝන් වරක් අණ දුන් බලධාරීන්ම ඉක්මනින්ම මාංචු දමා ඔහුව රැගෙන යා හැකිය. අල්ලස් කොමිසම නිහඬව සංරක්ෂිත ලිපිගොනු ඇද ගැනීමට පටන් ගෙන තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව තෙන්නකෝන්ගේ අණ යටතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරක්ෂා කළ නඩු "නැවත ඇගයීමට" යන බව වාර්තා වේ. හිටපු නිලධාරීන්ගේ කුඩා කණ්ඩායමක් පවා සාක්ෂි දීමට සූදානම් වෙමින් සිටිති. සමහරු නිර්නාමිකව, තවත් සමහරු තොරතුරු හෙළි කරන්නන්ගේ ආරක්ෂාව යටතේ සිටිති.

අවසානය..

අවසානයේ දී, දේශබන්දු තෙන්නකෝන්ගේ කතාව පශ්චාත් යුධ ශ්‍රී ලංකාව පිළිබඳ උපමාවක් බවට පත්විය හැකිය.  දණ්ඩමුක්තිය කිලෝග්‍රෑම් ගණනට විකුණනු ලැබූ රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ සත්‍යය වගවීමට එරෙහි යුද්ධයේ තවත් කතාවක් විය හැකිය.

ඔහු කන්ජිපානි ඉම්රාන්ට බිය වන බව ඔහු කියා සිටී. නමුත් සැබෑ බිය, පෙනෙන පරිදි, ඔහුගේම ඇතුළත පවතී.

-LeN ඉංග්‍රීසි සංස්කරණයට විශේෂ වාර්තාකරුවෙකු ලියූ ලිපියක සිංහල පරිවර්තනයකි-

---------------------------
by     (2025-05-03 20:13:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links