~

නේටෝ සාමාජිකයෙකු පාකිස්තානය සමඟ පෙම් කරද්දී ඉන්දියාව උපායමාර්ගික බියකරු සිහිනයක..!

-LeN ඉංග්‍රීසි සංස්කරණයේ ආරක්ෂක සහ උපායමාර්ගික කටයුතු වාර්තාකරු ලියූ ලිපියක සිංහල පරිවර්තනයකි.

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.04, ප.ව.11.40) හෙට ඉන්දියාව පකිස්ථානය සමඟ යුද්ධයකට ගියහොත්, දකුණු ආසියානු උපායමාර්ගික සමීකරණය නැවත ලියැවෙනු ඇත. ඒ ඉස්ලාමාබාද් හෝ නවදිල්ලිය විසින් නොව, සැතපුම් 6,000 ක් දුරින් සිටින බලවේගයක් විසිනි. එය බ්‍රසල්ස් හි තැපැල් අංකයක් සහ '5 වන වගන්තිය' ශුද්ධ ලියවිල්ලක් මෙන් උපායමාර්ගික සමීකරණයට ඇතුළත් වනු ඇත.

එය අපගේ සද්දේ දාන අසල්වැසියාට දැන් නේටෝවේ ඥාති සහෝදරයෙකු සිටින බව සොයා ගැනීමකි. සබ්මැරීන, චන්ද්‍රිකා ආවරණ, වළාකුලු විනිවිද දැකීමේ හැකියාව ඇති ඩ්‍රෝන යානා වලින් පිරුණු ගබඩාවක් සහිත වනු ඇත.

නේටෝව යනු යුදමය වශයෙන් බලවත් රටවල් 30 කින් සමන්විත උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් North Atlantic Treaty Organization වේ.

අපි කාරණයට බසිමු: ඉන්දියාව සමඟ ගැටුමකදී පකිස්ථානයට සහාය වීමට බලවත් නේටෝ රටක් සූදානමක් පෙන්නුම් කර ඇත. මෙය හුදෙක් නිෂ්ක්‍රීය කතාබහක් හෝ රාජ්‍ය තාන්ත්‍රික කචබොචයක් නොවේ. අපි කතා කරන්නේ ඉන්දියානු සාගරයට යවන ලද සබ්මැරීන, කලාපයේ පාලන රේඛාවට (Line of Control) ඉහළින් කැරකෙන බුද්ධි තොරතුරු ඩ්‍රෝන, පාකිස්ථාන හමුදා සැලසුම් සඳහා සහාය වන නිරීක්ෂණ චන්ද්‍රිකා පද්ධතියක් සහ වැඩිදියුණු කළ ඊළඟ පරම්පරාවේ F-16 ෆයිටර් ජෙට් ආදියෙන් අනුග්‍රහය දැක්වීමක් ගැන ය.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ අඳුරු ගුහා තුළ, මෙය රතු කොඩියකට වඩා වැඩි දෙයකි. එය දිලිසෙන නියොන් ආලෝකයක් වන අතර එහි මෙසේ සඳහන් වේ: "අපි එහි සිටිමු, අපි මිසයිල ගෙනාවෙමු."

නේටෝවේ 5 වන වගන්තිය සහ උපමහාද්වීපික උභතෝකෝටිකය..

නැගී එන සියලු බල තත්ත්වයන් තිබියදීත්, ඉන්දියාව නේටෝවේ සාමාජිකයෙක් නොවේ. පාකිස්ථානය ද නේටෝවේ සාමාජිකයෙක් නොවේ. නමුත් ඉන්දු පාකිස්ථාන් ගැටුමේ දී නේටෝ සාමාජිකයෙකු එක් පැත්තක් සමඟ ක්‍රියාකාරීව පෙළ ගැසෙන විට, ගතිකත්වය අඳුරු වේ. 5 වන වගන්තිය වැදගත් වන්නේ මෙහි දී ය.

උතුරු අත්ලාන්තික් ගිවිසුමේ 5 වන වගන්තිය නේටෝවේ ප්‍රසිද්ධ සාමූහික ආරක්ෂක වගන්තිය වන අතර, එහි සඳහන් වන්නේ එක් සාමාජිකයෙකුට එරෙහිව සිදුවන සන්නද්ධ ප්‍රහාරයක් සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන බවයි. එය ඉතා සරල නමුත් දේශපාලනික වශයෙන් බියජනක සංකල්පයකි. A රටට (නේටෝ සාමාජිකයා ) B රටෙන් (ඉන්දියාව යැයි කියමු) සීරීමක් හෝ සිදුවුනොත්, නේටෝ සන්ධානයේ ඉතිරි රටවල් න්‍යායාත්මකව ප්‍රතිචාර දැක්වීමට බැඳී සිටී. අවශ්‍ය නම් න්‍යෂ්ඨික මිසයිල ද සමඟ.

කලකට පෙර ජෝර්ජ්ටවුන් හි සම්මන්ත්‍රණ ශාලාවක ශාස්ත්‍රීය අභ්‍යාසයක් වූ මෙම 5 වන වගන්තිය දැන් හදිසියේම ඉතා සමීප යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ.

ඉස්ලාමාබාද්හි නේටෝවේ නව මිතුරා..

නිලධාරීන් විසින් පහසුවෙන් හෙළි නොකළ නමුත් ආරක්ෂක කවයන් තුළ එතරම් රහසිගත නොවන අනන්‍යතාවයක් ඇති මෙම විශේෂිත නේටෝ සාමාජිකයා, බහු පෙරමුණු වලදී පාකිස්තානයට සැලකිය යුතු ලෙස සහාය දැක්වීමට එකඟ වී ඇති බව සඳහන් වේ. ඒවා නම්,

සබ්මැරීන් යෙදවීම්: නේටෝ හි වේගවත් ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදේ මුර සංචාරයේ යෙදී සිටින බව නාවික ආරංචි මාර්ග තහවුරු කර ඇති අතර, එය "කලාපීය ආරක්ෂක අධීක්ෂණය" යන මුවාවෙන් යොදවා ඇත. යථාර්ථයේ දී, පාකිස්තානයට ඉන්දියානු නාවික හැකියාවන් නිරීක්ෂණය කිරීමට එහි රේඩාර් තොරතුරු උපකාරී වේ.

ඩ්‍රෝන් ශක්තිමත් කිරීම්: පැය 36 කට වඩා වැඩි කාලයක් ගුවනේ රැඳී සිටිය හැකි සිය ගණනක් නිරීක්ෂණ ඩ්‍රෝන යානා, "ඒකාබද්ධ මෙහෙයුම් මූලධර්මයක්" යටතේ පාකිස්තානයට මාරු කර ඇත. බෝල්ටික් මෙහෙයුම් වලදී නේටෝව භාවිතා කරන එකම 'කෘතිම විවර රේඩාර් තාක්‍ෂණයෙන්' (synthetic aperture radar)  එකී ඩ්‍රෝන යානා සන්නද්ධ කර ඇති බව වාර්තා වේ.

චන්ද්‍රිකා නිරීක්ෂණ: උතුරු ඉන්දියාව පුරා කාලීන හමුදා චලනයන් අධෝරක්ත කිරණ මගින් හඳුනාගන්නා පැහැදිලි රූප ලබා ගත හැකි කක්ෂීය හැකියාවන් (High-resolution orbital assets) සහිත චන්ද්‍රිකාවන්ගේ ප්‍රවේශය දැන් පාකිස්තානයට  ලබා දී තිබේ. ඔබේ සහකරු විසින් ඔබගේ අහසට දියුණු ඇසක් ලබා දෙන විට ඔබට තවදුරටත් භූමිය නිරීක්ෂනයට සපත්තු අවශ්‍ය නොවේ.

සමුද්‍රීය යුධ සැලසුම්: නේටෝ නාවික උපදේශකයින් පකිස්ථාන නාවික හමුදාව සඳහා යාවත්කාලීන කරන ලද යුද මූලධර්ම කෙටුම්පත් කර ඇති බව වාර්තා වන අතර, මුම්බායි සහ විශාකාපට්නම් අවහිර කිරීමේ අභ්‍යාසයන් සහ ඉන්දියානු වරාය යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාරක මාර්ග ඊට ඇතුළත් වේ.

මිසයිල පද්ධති: සියල්ලටම වඩා කරදරකාරී වන්නේ ඉන්දියාවේ දකුණු කෙළවර වන කන්‍යාකුමාරි වෙත දක්වාම ළඟා විය හැකි, විශාල පරාසයක් සහිත කෲස් මිසයිල ඇතුළුව අලුතින් සංවර්ධනය කරන ලද මිසයිල තාක්‍ෂණය පාකිස්ථානයට රහසේම ණයට ලබා දීමයි. මෙයින් අදහස් කරන්නේ මානසිකව හෝ මිලිටරිමය වශයෙන් දැන් ළඟා නොවිය නොහැකි ස්ථානයක් ඉන්දියාවේ කොහේවත් නොමැති  බවයි.

නේටෝ සගයාගේ අනුග්‍රහයෙන් පාකිස්තානයේ පැරණි F-16 ප්‍රහාරක යානා බලඇණියට නව මුහුණුවරක් ලැබී ඇත. නව ගුවන් යානා, 'රහසිගත-අනුකූල ෆියුස්ලේජ් ආලේපන' (stealth-compatible fuselage coatings) සහිත දිගු දුර රේඩාර් ආදිය ලැබී ඇත. stealth-compatible fuselage coatings යනු රේඩාර් පරාවර්තන සහ අධෝරක්ත හඳුනාගැනීම් අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර එමඟින් ඉලක්කයක්  හඳුනාගැනීමේ හැකියාව අඩු කරයි. මෙම ආලේපන සාමාන්‍යයෙන් රේඩාර් සංඥා අවශෝෂණය කර, ඒවා තාපය බවට පරිවර්තනය කර රේඩාර් පද්ධතියකට නැවත පරාවර්තනය වන ප්‍රමාණය අවම කරයි. මේ හේතු නිසා 1980 ගණන්වල සීතල යුද යුගයේ F-16 ප්‍රහාරක ජෙට් යානා තවදුරටත් එතරම් පැරණි වී ඇති බවක් නොපෙනේ.

ඇත්ත වශයෙන්ම, ඒවා වඩාත් භයානක ලෙස යොදා ගැනීමට හැකි බව පෙනේ.

සෞදි අරාබියෙන් පාකිස්ථානයට 'ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්'..

සෑම අවස්ථාවකම දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාකිස්තානය, එහි සාම්ප්‍රදායික ලොකු තාත්තා වන සෞදි අරාබිය සමඟ ද මේ වන විට සම්බන්ධ වී ඇත. ඉන්දියාව සමඟ පූර්ණ පරිමාණයේ සතුරුකම් ඇති වුවහොත් හදිසි මූල්‍ය එන්නත් ලබා දෙන බවට සෞදිය පාකිස්ථානයට පොරොන්දු වී ඇති අතර, එනිසාම ඉස්ලාමාබාදයට ගෑස් බිල් ගෙවීම සඳහා යුද්ධය නතර කිරීමට අවශ්‍ය නොවන බව සහතිකයක් ලබා දී තිබේ.

සෞදි අරාබි රජ පවුල අදාළ නේටෝ සාමාජිකයා සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව කියනු ලැබේ. සමහර විට ගුවන් කඳවුරු, ඉන්ධන සංචිත සහ  ගල්ෆ් කලාපයෙන් හදිසි අවි ගබඩා වෙත ප්‍රවේශය ලබා දීමේ ස්වරූපයෙන් සැපයුම් සහාය ලබා දෙනු ඇත.

ඇත්ත වශයෙන්ම, පාකිස්තානය බහු විධිත යුධ බලකොටුවක් නිර්මාණය කර ඇත. ඊට නේටෝ තාක්‍ෂණය, ගල්ෆ් මුදල් සහ දේශීය බූට් සපත්තු අඩංගු ය.

මෙය නවදිල්ලිය භීතියට පත් කරන්නේ ඇයි?

පාකිස්ථානයට කෙටි, තියුණු සහ දඬුවම්කාරී ප්‍රතිචාරයක් සඳහා වූ ඉන්දියානු මූලධර්මය ප්‍රධාන උපකල්පන දෙකක් මත රඳා පැවතිය යුතුය.

1. පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රිකව හුදකලා කිරීම.
2. ජාත්‍යන්තර ප්‍රජාව දෙපාර්ශවයෙන්ම උත්සන්න වීමක් නොව සංයමයක් ඉල්ලා සිටිනු ඇත.

නේටෝ සාමාජිකයෙකු හෝ මේසයත් පෙරළාගෙන පාකිස්ථානයට සහාය දැක්වීමට තීරණය කළහොත් උපකල්පන දෙකම ඉන්දියානු වාසියට හේතු වනු ඇත.  ඕනෑම ඉන්දියානු පළිගැනීමක් නේටෝ මිත්‍රයෙකුට එල්ල කරන ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වුවහොත් එය යුද්ධය උප මහාද්වීපික රඟහලේ සිට ගෝලීය ගැටුමකට මාරු වනු ඇත.

ඉන්දියානු මිසයිල නේටෝ ජාතියකට අයත් වත්කම් විනාශ කිරීමට හේතුව වොෂින්ටනය, බර්ලින්, පැරිස් සහ අන්කාරා වෙත පැහැදිලි කිරීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට බල කෙරෙනු ඇත. එය සිදුවනුයේ ද නැව් සමූහයක් බෙංගාල බොක්ක වෙත පැමිණීමට පෙර ඔවුන්ට පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබුණොත් පමණි.

නීතිමය හිඩැස් සහ උපායමාර්ගික ක්‍රියා..

ඉන්දියාව නේටෝ සාමාජිකයෙකුගේ වත්කමකට, උදාහරණයක් ලෙස පාකිස්ථානය සමඟ ක්‍රියාත්මක වන සබ්මැරීනයකට පහර දුන්නොත් 5 වන වගන්තිය ක්‍රියාත්මක විය හැකිද?

කෙටි පිළිතුර: තාක්ෂණිකව ඔව්, නමුත් එය සංකීර්ණයි.

5 වන වගන්තිය නේටෝ සාමාජිකයින්ට ඔවුන්ගේ ප්‍රතිචාරයන් අභිමතය පරිදි ගැනීමට ඉඩ සලසයි. එනම් ස්වයංක්‍රීයව යුද්ධයක් ඇතිවෙනවා කියා අදහස් නොකරයි. එයින් අදහස් කරන්නේ අනෙක් සාමාජිකයින්ට එය සියල්ලන්ටම පහරදීමක් ලෙස "සලකා බැලිය යුතු" බවයි. නමුත් දේශපාලනිකව, එකී සීමාව භයානක ලෙස අඩුය. නේටෝ ජාතිකයෙකු විසින් ගුවන්ගත කරන ලද එක් ඩ්‍රෝන යානයක් බිම හෙළනු ලැබුවද, ඉන්දියාව මිතුරන් නොමැති සහ ඕනෑවට වඩා සතුරන් සහිත රාජ්‍ය තාන්ත්‍රික කොන්වීමකට අවදානමක් ඇත.

"නේටෝ සගයාට" සහාය දැක්වීමට අමතර නේටෝ සාමාජිකයින් දෙදෙනෙකු කැමැත්ත පළ කර..

දැනටමත්, බ්‍රසල්ස් වෙතින් එන මැසිවිලිවලින් පෙනී යන්නේ අනාගතයේ ඕනෑම දකුණු ආසියානු ගැටුමකදී තම "නේටෝ සගයාට" සහාය දැක්වීමට අමතර නේටෝ සාමාජිකයින් දෙදෙනෙකු කැමැත්ත පළ කර ඇති බවයි. එයට හමුදා උපදේශකයින්, රේඩාර් ආධාරක පද්ධති සහ පකිස්ථානය සඳහා ගුවන් ආරක්ෂක උපදේශන ඇතුළත් වේ.

උපායමාර්ගික ගෙල සිර කිරීමක්..

ඉන්දියාවේ ආරක්ෂක ආයතන නැවත ක්‍රමාංකනය කිරීමට තදියම් වී සිටින බව වාර්තා වේ. චන්ද්‍රිකා ප්‍රතික්ෂේප කිරීමේ පද්ධති, ප්‍රති-UAV පද්ධති සහ ගැඹුරු මුහුදේ ශබ්ද තරංග ජෑම් කිරීමේ පද්ධති හදිසි ප්‍රමුඛතා අතර වේ.

ඉන්දීය නාවික හමුදාවෙන් මෑතකදී කාන්දු වූ ලේඛනයකින් යෝජනා කරන්නේ නේටෝ නාවික සැලසුම්වලට එරෙහි නොවන යුධ සංහිඳියාවක් ඉන්දියාව අනාගත මූලධර්මවල දී අනුගමනය කළ යුතු බවයි. සමහර විට ඒ නවදිල්ලි යුද විද්‍යාලය කලින් මෙවැනි තත්ත්වයක් සිතා නොසිටි නිසා විය යුතු ය.

ඇත්ත වශයෙන්ම, සන්සුන් වීමට ඉල්ලා සිටින හඬවල් තිබේ. විශ්‍රාමික ජෙනරාල්වරු අනතුරු අඟවන්නේ මෙය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික 'රැවටීමක්' විය හැකි බවත්, ඉන්දියාව ඕනෑවට වඩා ආක්‍රමණශීලී ලෙස හැසිරීමෙන් වළක්වාලීමට අදහස් කරන ඉත්තන් ඇදීමක් විය හැකි බවත්ය. නමුත් ඩ්‍රෝන යානා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට වඩා වැඩි වන අතර සබ්මැරීනයකට කලාපීය යුද්ධයේ තරාදිය ඉහළට ඔසවා තැබිය හැකි ලෝකයක, ඉන්දියාව මෙය 'රැවටීමක්' ලෙස හැඳින්වීමට කැමති නොවනු ඇත.

ඉන්දියාවේ විකල්ප: මිතුරන් දඩයම් කිරීමේ සමය

බටහිර රටවල් ඉස්ලාමාබාදයේ කාඩ්පත ක්‍රීඩා කරන්නේ නම්, ඉන්දියාව නැගෙනහිරට නැඹුරු විය යුතුය.

දැනටමත්, නවදිල්ලිය, රුසියාව, ඉරානය සහ වියට්නාමය සමඟ පවා නිහඬව තම සම්බන්ධතාවයන් තීව්‍ර කර ඇත. නේටෝවට එරෙහිව සටන් කරන හෝ සතුටින් මධ්‍යස්ථව සිටින සියලුම රටවල්, හයිපර්සොනික් ප්‍රති-ඩ්‍රෝන සැපයීම සඳහා රුසියානු අවි සමාගම් සමඟ නිහඬ ගනුදෙනු පිළිබඳ කතා පවතී. ටෙහෙරානය සමඟ  තෙල්-මිසයිල ගිවිසුමක් පිළිබඳ කටකතා ද පවතී.

දකුණු ආසියාවේ ප්‍රකෝප කිරීමකින් තොරව නේටෝ සාමාජිකයෙකු මිලිටරිමය වශයෙන් සම්බන්ධ වීම, ද්විපාර්ශ්වික ගැටුමක බාහිර උත්සන්න කිරීමක් නැතහොත් ජාත්‍යන්තර සම්මතයන් උල්ලංඝනය කිරීමක් බවට තර්ක කරමින් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නීතිමය ආවරණයක් ලබා ගැනීමට ද ඉඩ තිබේ.

නමුත් සැබෑ දේශපාලනයේ දී, සම්මතයන් අත පිස්නා බවට පත් වේ. පැවතීමට නම් උපාය මාර්ග අවශ්‍යයම ය.

අවසානය..

අනාගත යුද්ධයකදී නේටෝ රාජ්‍යයකට පකිස්ථානයට සහාය විය හැකි බවට වූ අදහස කලක් මනඃකල්පිතයක් විය. දැන් එය දකුණු ආසියාවේ බිඳෙනසුලු ආරක්ෂක ගෘහයේ මතුවෙමින් පවතින පැල්මකි.

එය අපහසු යථාර්ථයක් ද හෙළි කරයි: යුරෝපීය ආරක්ෂාව සඳහා අත්ලාන්තික් සමාජයක් වූ නේටෝව දැන් වඩ වඩාත් ගෝලීය මෘගයෙක් වී ඇති බවයි.  ඉන්දියාව, එහි වර්ධනය වන ශක්තිය තිබියදීත්, තවමත් ඉන්නේ ආරක්ෂාවෙන් පිටත මෙන්ම ගින්නේ රේඛාව තුළය.

මෙහි මහා උත්ප්‍රාසය කුමක්ද?  චීනයට එරෙහිව ආරක්ෂක බලකොටුවක් ලෙස නේටෝ රාජ්‍යයන් විසින් ඉන්දියාවට දිගු කලක් තිස්සේ ආචාර කර ඇත. නමුත් 5 වන වගන්තිය පලිහක් නොව උගුලක් බවට පත් වුවහොත්, නවදිල්ලිය නේටෝව සැබෑ මිතුරෙකු ලෙස නොව සැඟවුණු විරුද්ධවාදියෙකු ලෙස දැකීමට පටන් ගත හැකිය.

මේ අතර, ඩොක්ලම් සහ ලඩාක් කෙරෙහි අවධානය යොමු කළ ඉන්දියානු හමුදා සැලසුම්කරුවන් දැන් නව කෙටි යෙදුම්, නව මිසයිල ගමන් පථ සහ ඉතා පැරණි ක්‍රීඩාවක නව නීති ඉගෙන ගනිමින් සිටී;

බටහිරයන් ඔබේ සතුරා සන්නද්ධ කරන අතරතුර අවදි නොකරන්න.!

-LeN ඉංග්‍රීසි සංස්කරණයේ ආරක්ෂක සහ උපායමාර්ගික කටයුතු වාර්තාකරු ලියූ ලිපියක සිංහල පරිවර්තනයකි.

---------------------------
by     (2025-05-04 20:39:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links