(ලංකා ඊ නිව්ස් -2025.මැයි.05, ප.ව.11.00) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔලුව විසින් වත්මන් ජනාධිපති අනුර දිසානායක පිළිබඳ කරන ලද අසත්‍ය සහ ද්වේශ සහගත අවලාදය යළි ඔහුටම පාරාවළල්ලක් සේ කැරකී ඇවිත් තිබේ.
පළාත් පාලන ඡන්දයට හරියටම දින දෙකක් තිබිය දී ඔහු මේ ප්‍රකාශය කෙළේ ද ඔහුට එරෙහිව රජයේ දේපොල අවභාවිතා කළ බවට වූ නඩු කටයුත්තක දී ඇප ලබා අධිකරණ භූමියෙන් එළියට පැමිණි අවස්ථාවේ දී ය. එකී නඩුවට පාදක වූ කාරණය නම් තුසිත හල්ඔළුව ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස ක්‍රියා කර ඉන් ඉවත්ව යද්දී ලොතරැයි මණ්ඩලය සතු ඇපල් අයි ෆෝන් දුරකථනයක් සහ ඇපල් ලැප්ටොප් පරිඝනකයක් රැගෙන යාමයි.
අධිකරණ භූමියෙන් එළියට ආ තුසිත හල්ඔළුව කියා සිටියේ වත්මන් ආණ්ඩුවට කප්පම් නොගෙවන කිසිදු ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරික පහසුකම් ලබා නොදෙන බවත්, රේගුවෙන් කුඩු, රත්තරන් සහ අවි ආයුධ අඩංගු කන්ටේනර් 300 ක් නිදහස් කරගෙන ගොස් තිබෙන බවත් ය. ඊට පසු ඔහු කරන භයානක අවලාදය නම් ජනාධිපති අනුර දිසානායක අද සිටින ධනවත්ම දේශපාලනඥයා බවත් ඔහු රුපියල් බිලියන 4 ක් හෙවත් ලක්ෂ හතලිස් දහසක් එල්ටීටීඊයේ දෙමළ ඩයස්පෝරාවේ අයෙකු හරහා ග්‍රීසියේ නැව් සමාගමක ආයෝජනය කර ඇති බවයි.
ආයෝජනය කරන්න එනවා නම් ව්‍යාපාරිකයන්ගෙන් වතුර වීදුරුවක් වත් එපා යයි ආණ්ඩුව කියද්දී ආණ්ඩුව කප්පම් ලබා ගන්නවා යයි කීම පුදුමාකාර ය. මන්ද යත් දූෂණයට එරෙහි දිගු කාලයක මාධ්‍ය අත්දැකීම් ඇති ලංකා ඊ නිව්ස් වන අප වෙත එවැනි කිසිදු පැමිණිල්ලක් වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලැබී නොමැති නිසා ය. ඒ වෙනුවට අප වෙත ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියා සිටියේ තමන් කෙතරම් රාජපක්ෂලාට ලැදිව කටයුතු කර ඇති නමුත් එකල ඔහු ලබා ගත් සෑම පහසුකමක් වෙනුවෙන්ම රාජපක්ෂලාට කප්පම් දී ඇති බවයි. ඔහුගේ වචනයෙන්ම කීවොත් "මමනේ දන්නේ මචං මං කොච්චර රාජපක්ෂලාට කප්පම් ගෙව්වා ද කියා. මම මේ ආණ්ඩුව ගේන්න කිසිදු වැඩක් කෙළේ නැතත් මට මගේ ව්‍යාපාර කරගෙන යන්න කිසිදු බාධාවක් මේ ආණ්ඩුවෙන් කරලා නෑ. දැන් මට අඩුම ගණනේ කප්පම් නොගෙවා බිස්නස් කරගෙන යන්න පුළුවන්කම ම කොච්චර දෙයක්ද?" යි එකී ව්‍යාපාරිකයා කීවේ ය. එකී ව්‍යාපාරිකයා මුළු රටම දන්නා කියන අයෙකි. ඔහු පවසනා පරිදි ඔහු දිනකට ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලෙස ඇ. ඩොලර් ලක්ෂ 2 ක් පමණ රැගෙන එන අයෙකි. ඒ අනුව ද තුසිත හල්ඔළුව කියා ඇත්තේ අමූලික කෙප්පයක් බව හෙළි වේ.
කුඩු, රත්තරන් සහ අවි ආයුධ අඩංගු කන්ටේනර් 300 ක් නිදහස් කරගෙන ගොස් ඇතැයි කීම ද එවැනිම අවලාදයකි. කුඩු, රත්තරන්, අවි ආයුධ සමානව බෙදී ගියහොත් කුඩු කන්ටේනර් 100 ක් ද, රත්තරන් කන්ටේනර් 100 ක් ද, අවි ආයුධ කන්ටේනර් 100 ක් ද විය යුතුය. මේවා විශ්වාස කිරීමට තරම් ගොන්නුන් ලංකාවේ ඇතැයි තුසිත හල්ඔලුව සිතනවා නම් ඔහු මොනතරම් බූරුවෙක් ද?
තුසිත හල්ඔළුව කී භයානකම අවලාදය නම් අනුර රුපියල් බිලියන 4 ක් හෙවත් ලක්ෂ හතලිස් දහසක් එල්ටීටීඊයේ දෙමළ ඩයස්පෝරාවේ අයෙකු හරහා ග්‍රීසියේ නැව් සමාගමක ආයෝජනය කර ඇති කතාව ය. මෙහි බරපතල කාරණා දෙකකි. එකක් නම් අනුර දිසානායක නම් පුද්ගලික චරිතය නොව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඒ ධූරයට එල්ල කරන දූෂණයේ චෝදනාව ය. අනෙක් කරුණ නම් මෙයට එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාව ද ගාවා ගැනීමෙන් රට තුල ජාතීන් අතර නොසන්සුන්තාවයක් ගොඩ නැගීම ය.
පොඩි නැත, අනුර දිසානායකට නැව් සමාගමකට අයෝජනය කිරීමට රු. බිලියන 4 ක් තරම් විශාල මුදලක් තිබේ නම් ඔහුගේ පුත්‍රයා අර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වේටර් වරයෙකු ලෙස රිඹ කාගෙන රැකියාවක් කරන්නේ මන් ද? කිසිවෙකු නොදැන ඔහුට අපූරුවට තාත්තාගේ නැව් සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් දැරිය හැකි නොවේ ද?
එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාව ද ගාවා ගැනීමෙන් රට තුල ජාතීන් අතර නොසන්සුන්තාවයක් ගොඩ නැගීම වඩාත් හානි දායක ය. ඒ මන්ද යත් දශක ගණනාවකට පසු උතුර දකුණ නැගෙනහිර බටහිර සියළු ජාතීන් සමගි වී සිටින අවස්ථාවක මෙවැනි ජාතීන් අතර අසමගිය ඇතිවන කතා ගෙතීම පැහැදිලිවම නීතියෙන් අමතක නොවන දඬුවම් ලැබිය යුතු කාරණයකි.
කෙසේ වෙතත් තුසිත හල්ඔළුවගේ කිසිදු පදනමක් නැති භයානක අවලාදයට එරෙහිව ඊයේ නීතිඥ අකලංක උක්වත්ත නමැති අයෙකු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ගොනු කරමින් තුසිත හල්ඔළුවට සේම ඒ තක්කඩි කතාව ප්‍රචාරය කළ අයට ද එරෙහිව සුදුසු නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා තිබිණ.
ඒ සම්බන්ධයෙන් අද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ද ඊට එක් විය.
---------------------------
by (2025-05-05 18:10:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි