-සම්පත් දිල්ලිමුණි එක්සත් රාජධානියේ සිට ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.12, ප.ව.11.20) එක්සත් රාජධානියේ ආගමන ක්‍රමය සම්පුර්ණයෙන්ම යළි ප්‍රති සංවිධානය කිරීමට රජය අද (මැයි 12) නිකුත් කළ නව “Restoring Control over the Immigration System” ධවල පත්‍රිකාව මඟින් ගෙන ආ විශාල වෙනස්කම් ශ්‍රී ලංකිකයින්ටද දැඩි බලපෑම් සිදුකරනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පවසති.
මෙම 82 පිටු ගණනක ධවල පත්‍රිකාව මඟින් Skilled Worker වීසා මාර්ගය, Care Worker වීසා, උපාධිධාරීන්, පවුල් පදනම් නීති , සහ නීතිවිරෝධී පදිංචිකරුවන් සම්බන්ධ සියළුම ක්‍රමවේදයන් වෙනස් කිරීම සඳහා රෙගුලාසි මාලාවක් යෝජනා කර ඇත.
ප්‍රධාන වෙනස්කම්:
දැනට ක්‍රියාත්මක නීතියට අනුව, Skilled Worker වීසා යටතේ බ්‍රිතාන්‍යයේ වසර 5 ක් අඛණ්ඩව පදිංචිව සිටි පුද්ගලයින්ට පදිංචි අයිතිය (PR / ILR) සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත. නමුත් නව යෝජනාපත්‍රය මඟින් මෙම අවශ්‍ය කාලසීමාව වසර 10ක් දක්වා දිගු කිරීමට යෝජනා කර තිබේ.
නව ආගමන නීති අනුව, විදේශයන්ගෙන් care workers බඳවා ගැනීම නවතා දමා ඇත. ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවා ගැනීම් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින අය අතරින් සිදු කිරීමට නීතිමය අවධානය යොමු කරනු ඇත. එසේම, දැනට care worker වීසා සහ Skilled Worker වීසා යටතේ බ්‍රිතාන්‍යයේ සිටින පුද්ගලයන් සඳහා 2028 දක්වා වීසා දිගු කිරීමට සහ වීසා වර්ග මාරු කිරීමට අවසර ලැබෙන බව නීතිමය වශයෙන් සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර සිසුන්ට උපාධියෙන් පසු UK හි practical work experience ලබා ගැනීමට PSW visa යටතේ වසර 2ක කාලයක් රැඳී සිටීමේ අවසරයක් මීට පෙර හිමිව තිබුණි. එය Skilled Worker visa එකකට මාරුවීමට මැදිවියක් ලෙසද භාවිතා කළ හැකි වූයේය. නමුත් නව නීති අනුව, PSW visa කාලසීමාව මාස 18ක් ලෙස සීමා කර ඇත.
ඊට අමතරව, sponsor institution එකක අධීක්ෂණය ප්‍රමාණවත් නොවන්නේ නම්, නව ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සීමා කිරීමටද නව නීති මඟින් ඉඩ සැලසෙයි.
නව ආගමන ප්‍රතිපත්ති යටතේ, එක්සත් රාජධානියේ පවුල් ජීවිතය හා පුද්ගලික ජීවිතය සුරක්ෂිත කරන යුරෝපීය මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ 8 වගන්තිය (Article 8 ) භාවිතයෙන් පදිංචිය සඳහා කරන ඉල්ලීම් අය සඳහා දැඩිව සීමා කිරීමට රජය තීරණය කරයි. නෙරපිය යුතු විදේශිකයන් Article 8 භාවිතයෙන් නීතිමය ක්‍රියාවලිය හරහා වාසි ලබා ගැනීමේ උත්සාහයන් අඩු කිරීමට නව නීති රීති ගෙන එනු ඇත. පවුල් සහ පුද්ගලික ජීවිතය යටතේ විශේෂ නඩු තීන්දු මගින් පදිංචිය ලබාදීම සීමා කිරීමට නීති ගෙන එනු ඇත.
Skilled Worker වීසා හිමියන්ට හා ඔවුන්ගේ යැපෙන්නන් (dependants) සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ නව ප්‍රමිතියක් හඳුන්වා දීමට කටයුතු කරමින් ඇත. මෙම යෝජනාවන් මගින්, ඉදිරියේදී බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයන් සඳහා භාෂා දැනුම පරීක්ෂා කරන වැඩපිළිවෙලක් සහ ඒ පිළිබඳව ආරම්භක සහ අඛණ්ඩ සංවර්ධන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට දැඩි අවධානයක් යොමු වී තිබේ.
අවසන් වසර කිහිපය තුළ care, hospitality, construction සහ health care වැනි ක්ෂේත්‍රවල රැකියා සඳහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් රටවල සංක්‍රමිකයන්ට, නව ආගමන නීති දැඩි බලපෑම් ඇති කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පදිංචි අයිතිය (PR) සඳහා අවශ්‍ය සේවා කාලය වසර 5 න් වසර 10 දක්වා දිගුවීමේ අවදානමක් උද්ගත වී ඇත, Skilled Worker වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් උපාධි මට්ටමට (RQF Level 6) ඉහළ දැමීම, සහ විශේෂ වීසා මාර්ග අවහිර කිරීම මගින්, බ්‍රිතාන්‍යයට පැමිණීම සඳහා සැලසුම් කරමින් සිටි බොහෝ අයගේ බලාපොරොත්තු මේ වනවිටත් බිඳ වැටී ඇත. අනාගතය සඳහා සූදානම් වූ සංක්‍රමිකයන්ට මේ වෙනස්කම් තීව්‍ර අභියෝගයක් වන අතර, ස්ථාවර ජීවිතයක් පිහිටුවීමේ ඔවුන්ගේ දැක්ම නැවත සවිමත්ව සලකා බැලිය යුතු තත්ත්වයක් උද්ගත වී ඇත.
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස මෙම යෝජිත නීති සම්මත කරනු ලැබූ පසු ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ නියමිත ක්‍රියාවලිය ආරම්භ වන අතර, මෙම නව නීතිමාලාව 2025 වසරේ අග භාගයේදී ක්‍රියාත්මක විය හැකි බව නිළ නොවන වාර්තා පෙන්වා දෙන අතර, නිශ්චිත දිනයන් සම්බන්ධ නිල තහවුරු කිරීම මෙතෙක් සිදු වී නැත. නව නීති ක්‍රියාත්මක වීමෙන් පසුව, වසර 5ක සේවක අවධියක් සම්පුර්ණ කරමින් පදිංචි අයිතිය (PR/ILR) ලබා ගැනීමට බලාපොරොත්තු වන Skilled Worker වීසා හිමියන් සඳහා පැරණි නීතිය යටතේ අයදුම් කිරීමට අවසර ලැබෙන transitional protections තිබේ ද යන්න තවමත් පැහැදිලිව සනාථ වී නොමැති අතර, මෙම ගැටළුවට අදාල නිල උපදෙස් ඉදිරි දිනවලදී නිකුත් විය හැකි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
---------------------------
by (2025-05-12 20:07:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි