~

පාර්ලිමේන්තුවේ දී පිළිකුල් සහගත නගරං කාරයෙකු ලෙස හැසිරෙන පා.ම. දොස්තර රාමනාදන් අර්චුනා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වේ ..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.14, ප.ව.7.30) පාර්ලිමේන්තුවේ දී කතානායකට අවනත නොවී ක්‍රියා කිරීම හේතුවෙන් සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කර පාර්ලිමේන්තුවෙන් ඉවතට ඇද දැමූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාමනාදන් අර්චුනා තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව අද නිවේදනය කර තිබේ.

ඔහු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන්නේ තමන්ගේ පිළිකුල් සහගත නගරං හැසිරීම පිළිබඳ වරදකාරී තේරුම් ගැනීමකින් නොව ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් ඔහුට එරෙහිව පැවරූ නඩුවකට මුහුණ දීමෙන් වැලකීම සඳහා ය.

ඕෂල හේරත් ලංකා ඊ නිව්ස් වෙත පැවසූ අන්දමට රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේම නීති විරෝධී අන්දමට ය. එනම් ඔහු වෛද්‍යවරයෙකු ලෙස රජයේ සේවයේ සිටිමින්ම පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කර තිබේ. එය නීති විරෝධී වේ. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඔහු නීත්‍යානුකූලව රජයේ සේවයෙන් ඉවත් විය යුතු ය. ඉහත කී කාරණය මතු කරමින් ඕෂල හේරත් අධිකරණයේ නඩුවක් ගොනුකරමින් රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රීධූරය තහනම් කරන නියෝගයක් ඉල්ලා තිබිණ. එකී නඩුව ඊයේ විභාගයට ගත් විට රාමනාදන් අර්චුනාගේ නීතිඥවරයා වෙනත් දිනයක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ජුනි මාසයේ දිනයකට නඩුව කල් තබා තිබිණ. නඩුවෙන් තමාට සිද්ධවීමට නියමිත අකරතැබ්බය දන්නා අර්චුනා ඊට ප්‍රථම අද තමා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කෙළේ ය. ලැයිස්තුවේ ඊලඟට සිටිනා කාන්තාවකට මන්ත්‍රීධූරය ලබා දීමට ඉඩ දී තමා ඉල්ලා අස්වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඩයනා ගමගේ ගේ ද්විත්ව පුරවැසිභාවය පදනම් කරගෙන ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට නඩු කිව්වේ ද ඕෂල හේරත් විසිනි.

ඕෂල හේරත් වැඩි දුරටත් ලංකා ඊ නිව්ස් වෙත කීවේ මාලිමා රජයේ වත්මන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන උපාලි පන්නිලගේ ද මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ සිය රාජකාරියෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී බවයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙද්දී  රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස රාජකාරි කෙළේ ය. ඔහු එම ධූරයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී මැතිවරණයට ඉදිරිපත් වී තිබේ. අර්චුනාට වූ සන්තෑසියම උපාලි පන්නිලගේ ට ද අත්වීමට නියමිත බව ඕෂල හේරත් පවසයි.

මේ නඩු දෙකෙන් පසු, එවැනිම තවත් 4-5 දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඒ අයට ද එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඕෂල හේරත් වැඩි දුරටත් කියා සිටී.

ඕෂල හේරත් ද මීට පෙර අවස්ථාවක දී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ අයෙකි. නමුත් ඔහු දැන් ජයග්‍රහණය කළ අයගේ අනීතික ජයග්‍රහණයන්ගේ මාරක සතුරෙකු වී තිබේ.

---------------------------
by     (2025-05-14 14:07:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links