~

දේශපාලන පාතාලයෙන් මතු වූ ‘රන් ගිනි අවියෙන්’ හිටපු ඇමැතියන් ගණනාවක් ඇතුලට

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.22, ප.ව.6.20) හිටපු ඇමැති දුමින්ද දිසානායකගේ රන්-රිදී ආලේපිත ටී. 56 ගිනි අවියක් හැව්ලොක් ටවුමෙන් මතු වීමෙන් පසු දේශපාලන පාතාලයේ නායකයන් වන හිටපු ඇමැතියන් ගණනාවක් වහන් වීමට පලා යමින් සිටින බව වාර්තා වෙයි.

මේ දේශපාලන පාතාලය පසු ගිය දශක ගණනාවක් පුරා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ අපරාධ රාජ්‍යයේ ආරක්ෂකයන් ය. පසුගිය මාස කීපය තුල සිදු වූ 40 කට ආසන්න මිනිස් ඝාතන පිටුපස සිටින්නේ ද මේ දේශපාලන අපරාධ කල්ලියයි. ඔවුන් මිනිස් ඝාතන සඳහා පමණක් නොව කෙළිබඩු හැටියට ද ස්වයංක්‍රිය ගිනි අවි තබා ගෙන සිටි බව හැව්ලොක් ටවුමෙන් මතු වූ අවිය තහවුරු කරයි. මේ අපරාධ සංස්කෘතියේ ස්වභාවය පෙන්නුම් කරයි.  

උඩරට රාජධානියෙන් පසු ‘රනින් හා රිදියෙන්’ කැටයම් කළ ගිනි අවි ගැන යලිත් අසන්නට ලැබුණේ සදාම් හුසේන්ගේ ඉරාකයෙනි. එවැනි පුවතක් යලිත් ආවේ පෙරේදා [20] දහවලේ කොළඹ රාජධානියේ වැල්ලවත්ත පොලීසියෙනි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළ ආකාරයට තිඹිරිගස්යායේ හැව්ලොක් සිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂකයන් දුන් ඔත්තුවක් මත 68 හැවිරිදි ස්ත්‍රියක් පදවා ගෙන යමින් තිබූ සුඛෝපභෝගි වාහනයක ඩිකියේ ටී 56 වර්ගයේ මේ අවිය තිබුණේ ය. පොලීසිය පවසන ආකාරයට මේ ගිනි අවියේ විශේෂත්වය වන්නේ එය රන් හා රිදී ආලේපිත එකක් වීමය.

හැව්ලොක් සුපිරි නිවාසවල පාලකයන් කළ නිවේදනයක සඳහන් වන්නේ එය ‘සෙල්ලම්’ බඩුවකැයි සිතා තම ඥාති දරුවෙකුට තෑගි දීමට එම සැකකාරිය අවිය බත්තරමුල්ලේ නිවසකට ප්‍රවාහන කරමින් සිටි බවය. කෙසේ වෙතත් එම සැකකාරිය සමඟ ඇගේ ලේලියක වූ කසාක්ස්ථාන් ජාතික ස්ත්‍රියක ද මේ වන විට පොලිස් අත් අඩංගුවේ පසුවේ. පොලිසිය මේ වන විට එම අවිය සැකකාරියට දුන් බව කියන තරුණයෙකු ද එම තරුණයාගේ සේවය ලබා ගත් හිටපු ඇමැතියෙකු වූ දුමින්ද දිසානායක ද ප්‍රශ්න කිරීමට සොයමින් සිටි.

චමල්ගේ කතාව...

මේ රන් - රීදී ආලේපිත ගිනි අවිය හසු වීමට දින කීපයකට පෙර හිටපු කතානායකවරයෙකු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා වූ චමල් රාජපක්ෂ ගෙන් රටේ දිනපතා සිදුවෙන සාපරාධි මිනිස් ඝාතන ගැන විමසු විට "පාතාලයේ මේ ඝාතන ඉදිරියේ දී දෙගුණ - තෙගූණ වෙන්න පුළුවනි" යි කීවේය. හිටපු උප පොලිස් පරීක්ෂකයෙකු වූ චමල් රාජපක්ෂ දේවල් කියන්නේ ආවාට ගියාට නොවේ. පාතාලයට ප්‍රේමදාසලා, රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා හා සිරිසේනලා දුන් ගිනි අවි ප්‍රමාණය දන්නේ ඔවුන්ම පමණය.

ඇන්ටිජන් දිලිත් ගේ සෙල්ලම..

එයින් එළියට එකක් ගිරිතලේ හමුද කඳවුරෙන් එළියට පැන්නේය. ගිරිතලෙන් “ඉස්සු” ස්වංක්‍රීය ගිනි අවි දුසිම් 07 කොළඹට ආවේ “ජනමාධ්‍ය” නමින් වෙස් ගැන් වූ වාහනයකය. එය ජනමාධ්‍ය බවට තහවුරු කරන්නට ඉදිරිපස අසුනේ ආවේ සර්වජන පක්ෂයේ නායක හා ලිබර්ටි පුවත්පත් සමාගමේ හිමිකරු දිලිත් ජයවීරගේ ‘සති අග අරුණ’ පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු ය. මේ නීති විරෝධි අවි ප්‍රවාහනය පොලීසියට අසු වූ විට ආරක්ෂක වාර්තාකරු ගෝඨාභය රාජපක්ෂ ලවා නිදහස් කර ගත්තේ අඹ යාළුවා වූ ‘ඇන්ටිජන් දිලිත් ජයවීර’ය.  

මේ සිදුවිම්වලින් තහවුරු වන්නේ රජයේ හමුදා සතු විශාල ස්වයංක්‍රීය ගිනි අවි තොගයක් දේශපාලන පාතාලය සතුව පවතින බවය. එමෙන්ම මෙතෙක් පැවැති හැම පාලනයකම ඇමැති තහතුරු දැරූවන් බොහෝ දෙනෙක් තමන් නවීන ‘සිංහල රජ පවුල්’ බවට සිතා ගනිමින් මේ අවි රන් - රීදී ආලේප කර සෙල්ලම් බඩු හැටියටත් තබා ගත් ආකාරයයි.  

මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-05-22 12:55:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links