-LeN මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.23, ප.ව.11.45) නිමිත්ත
“ මේ ආණ්ඩුව එක්ක කලින් වගේ අරගලයක් කරන්න අමාරු නෑ. මොකද 159න් බහුතරයක් නිකම් මිනිස්සු. කලින් වගේ තගා පොලිටීශන් ලා නොවෙයි.
උද්ඝෝෂණ දෙක එන කොට ගොඩක් අය resign [රිසයින්] වෙයි. ගෙයක් දෙකක් වට කරන කොට පවුල ගැන බය වෙනව. වෙන benefit [බෙනිෆිට්] එකකුත් නෑනේ. Mass resignation [මෑස් රෙසිග්නේෂන්] එකක් එනවා.
ඒ නිසා අරගලයක් එන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා. එතකොට fresh election [ෆ්‍රෙෂ් ඉලෙක්ෂන්] එකක් එන්නේ. ලබන අවුරුද්දේ අග වගේ
ඒ election [ඉලෙක්ෂන්] එකෙන් ඉස්සරහට එන නායකත්වය, ජනාධිපති පුටුවට යාවි”
[Pathum Kerner +9477807760 ෆේස් බුක් පිටුව]
මේවා සමාජ මාධ්‍ය තුල පතුරුවන්නේ ෆේස්බුක් ඔළමොට්ටලයෙකු නොවේ. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එහෙත් හිටි ගමන් සෙනඟ රැස් කරවා නයි නටවන දේශපාලන අහිකුන්ඨකයෙකි. හේ පැතුම් කර්නර් ය. මොහු දේශපාලන කේන්දර කියවන්නට උදේහවා චැනල්වල පෙනී සිටින්නෙකු ද නොවේ. ඒ නිසා ඔහුගේ ප්‍රකාශ අපට කණින් අසා අනෙක් කණින් විසි කළ නොහැකිය.
ජනාධිපතිවරණයක් දිනා, මහා මැතිවරනයකින් තුනෙන් දෙකක බලයක් ලැබු මාලිමා ආණ්ඩුව තවත් මාස 18 කින් පෙරලන්න සිතන්නා එක්කෝ පල් මෝඩයෙකි, නැතිනම් බලගතු විදේශීය අත පෙවීම් නියෝජනය කරන්නෙකි. දකුණු ආසියාවේ රාජ්‍යයන් තුල එබදු දේශපාලන බලහත්කාරකම් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ලෝකයේ ඇති ජාත්‍යන්තර ඔත්තුසේවා දෙකක් පමණි.
ලංකාවේදී මෙබඳු දේශපාලන බලහත්කාරකම් කරනන්නන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ රෝ [RAW- ඉන්දියානු මහ ආණ්ඩුවේ පර්යේෂණ හා විශ්ලේෂන බියුරෝව] ඔත්තු සේවයයි. දෙවැන්න ඇමෙරිකා එකසත් ජනපදයේ මධ්‍යම ඔත්තු සේවයයි [CIA]. මේ රටේ නුතන දේශපාලන ඉතිහාසය බලන විට බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ රටේ දේශපාලන බලහත්කාරකම් පිටුපස සිටියේ බ්‍රිතාන්‍යයේ විදේශ ඔත්තු සේවයයි [MI6]. එහෙත් එහි බලහත්කාරය පසුගිය සියවසේ 50 දශකය අවසාන වෙද්දී අවසන් විය. ඔවුන්ගේ අඩුව පිරෙව්වේ එක්සත් ජනපද ඔත්තු සේවයයි.
පසුගිය සියවසේ 70 දශකයේ පටන් ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ලංකාව තුල කෙරෙන බලහත්කාරය උත්සන්න විය. විශේෂයෙනම ජයවර්ධන පාලන යුගයේ දී ඇරඹුණු ඊලාම් යුද්ධයේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ රෝ ඔත්තු සේවයයි. සීතල යුද්ධය පැවති යුගයේ ඉන්දියාව හා එක්සත් ජනපදය බලවත් සතුරන් වී සිටියත් එය සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමඟ සමාදානයකට එලඹියේය. එයට හේතු වූයේ ඉන්දියාවේ බලවත්ම සතුරෙකු වූ චීනය සුපිරි බලවතෙකු වීමත් සමඟය.
මේ වන විට ඉන්දියානු හා එක්සත් ජනපද ඔත්තු සේවා අන්තර් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන්නේ එකිනෙකා අතරේ බලවත් සහයෝගයකින් ය. ලංකාවේ දී ද එය බලය පිහිටුවා ගැනීමේ දී එකාබද්ධව හෝ එකිනෙකාගේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වෙයි. එයට අපුරුම උදාහරණය ලබෙන්නේ 1987 රජයේ හමුදා දියත් කළ වඩමරච්චි මෙහෙයුම නතර කිරීමට ඉන්දියානු ආණ්ඩුව නියෝග කිරීමත් සමඟය. ඒ වන විට උග්‍ර ඇමෙරිකානු හිතවාදියෙකු වූ ජනාධිපති ජයවර්ධන, ඉන්දියානුවන්ට මුහුණ දීමට බටහිර රටවල ආධාරය ඉල්ලා සිටියේය. එහෙත් ජයවර්ධනගේ බටහිර මිතුරෝ ඔහුට උපකාර කිරීම වෙනුවට ඔහුට ඉන්දියාව සමඟ එකඟ වෙන ලෙස නියෝග කළහ.
මේ කෙටි ඉතිහාසය ලියැවුණේ පැතුම් කර්නර් ට ආණ්ඩු පෙරළීමට අවශ්‍ය වන්නේ ඔහුගේ නෑ දෙවිවරුන් හීනෙන් ඇවිත් කීමෙන් නොවන බව තහවුරු කරන්නටය. ඔහු ‘වන් මාස්ටර් ඩෝග්’ හෙවත් එක හාම්පුතෙකුට කීකරු දේශපාලන සුනඛයෙකු බව ඉතිහාසය ඔප්පු කර ඇත. මේ නිසා ඔහුගෙන් කටින් මේ ඇසෙන්නේ ඔහුගේ ස්වාමියාගේ හඬ බව අප අමතක නොකළ යුතුය. මාලිමා ආණ්ඩුව මේ තර්ජනයන් ගැන දැනුවත්ව අනාගත දේශපාලන සැලසුම් සුදානම් කළ යුතුය.
---------------------------
by (2025-05-24 00:23:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි