~

රන් රිදී ටී 56 අයිති හිටපු ඇමැති දුමින්ද අත් අඩංගුවට..! දුමින්ද බබා පාට් දමයි..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.23, ප.ව.11.15) හැව්ලොක් මහල් නිවාසයකින් මතු වූ රන් සහ රිදී ආලේපිත ටී 56 ගිනි අවිය අදාල 68 හැවිරිදි කාන්තාවට ලබා දුන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද උදෑසන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගත්තේ ය. ඒ ඔහු තිඹිරිගස්යායේ පිහිටි සුපිරි මහල් නිවාසයක සැඟවී සිටිය දී ය. දුමින්ද සිටි නිවාසය ද පිහිටා ඇත්තේ ගිනි අවිය හමු වූ වැල්ලවත්ත හැව්ලොක් මහල් නිවාසයේ සිට කිලෝ මීටරයකටත් අඩු දුරකිනි.

මෙම අපූරු ගිනි අවිය සමග අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ගෙන් 68 හැවිරිදි වියපත් කාන්තාව පවසා ඇත්තේ තමාට එය බෑගයක දමා අරන් තියන ලෙස ලබා දුන්නේ රුවන්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි. තමා සිතා සිටියේ එය සෙල්ලම් බඩුවක් කියා බවද ඇය පවසා තිබේ. පසුව රුවල්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු දුමින්දගේ නිවසේ අරක්කැමියා බවත් මහ මැතිවරණයට පාර්ලිමේන්තුව විසිරුවීමෙන් පසු දුමින්ද මේ ගිනි අවිය අදාල කාන්තාවගේ නිවසින් තබන ලෙස උපදෙස් දී තමාට දුන් බවත් ඒ අනුව තමන් එකී ගිනි අවිය අදාල කාන්තාවට ලබා දුන් බවත් පොලිසියට පවසා තිබේ.

දුමින්ද දිසානායක කියා ඇත්තේ ගිනි අවිය ගැන තමා කිසිවක් නොදන්නා බවයි.

මෙකී රන් සහ රිදී ආලේපිත ටී 56 ගිනි අවිය කොටස් එකලස් කර සාදන ලද එකකි. එහි සීරියල් අංක 4 ක කොටස් තිබෙන බව පොලිසිය කියයි. මෙම ගිනි අවිය අපරාධ සඳහා යොදාගත් එකක් ද? දුමින්ද දිසානායක සතුව තවත් නීති විරෝධී ගිනි අවි තිබේ ද? යන්න ගැන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිසිය පවසයි.

දුමින්ද දිසානායක සම්බන්ධයෙන් ගිනි අවි පිළිබඳ පමණක් නොව ඔහු කෘෂිකර්ම ඇමැතිව සිටිය දී පොහොර හිඟයක් මවා හදිසි මිල දී ගැනීමක් සිදුකර රුපියල් ලක්ෂ 17000 ක පමණ මුදලක් ගසා කෑවා කියා ද චෝදනා තිබේ.

---------------------------
by     (2025-05-23 23:22:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links