~

අනතුරු ඇඟවීමයි..! නැගෙනහිර සංචාරක ව්‍යාපාරයට වහාබි බුර්කාවක් වැටෙයි...!!

-LeN විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.25, ප.ව.11.00) ‘බිකිනිය’ හෙවත් නාන ඇඳුමෙන් අරුගම්බේ නගරයේ සැරිසැරීම තහනම් නියෝගයක පොස්ටරයක් මේ මොහොතේ සමාජමාධ්‍ය කළඹන්නේය. එහි ප්‍රචාරකයා නෞෂාඩ් - අරුගම්බේ නමින් පෙනී සිටින ඩිජිඩලයෙකි. ඔහු හඹා යන්නෝ 5400 කි. මේ නිසා නෞෂාඩයාගේ නියෝගය පහසුවෙන් නොතකා හැරිය නොහැකිය. මේ නියෝගය සහිත පෝස්ටරය වේගයෙන් හුවමාරු වෙමින් තිබෙන්නේය. එය මෙහි ඉමේජයේ දැක්වේ. අපි එය බැරෑරුම්ව නොගත යුතු නොවේද?

මේ නියෝගය දෙවැනි වන්නේ පාස්කු ප්‍රහාරයට පමණි...

මේ එන්නේ නිරිතදිග මෝසමය. දැන් දකුණු හා බටහිර වෙරළ තීරයේ සංචාරක නගරවලට සංචාරයට එන පිරිස වාරකන් කෝඩයට හසු වෙලාය. ඉදිරි මාස 6 පාලුවට යාම පටන් ගෙනය. මෙතැන් පටන් ඔක්තෝම්බරය දක්වා වූ ඊසානදිග මෝසමේ දී රටේ සංචාරක කර්මාන්තයෙන් එන ආදායම උපයා දෙන්නේ නැගෙනහිර පළාතය. එයිනුත් සංචාරකයන්ගේ ප්‍රධාන ගමනාන්තය වන්නේ අරුගම්බේ පුරවරයයි. එහි සංචාරකයන්ට බුර්කා අඳින්නට කෙරෙන මේ නියෝගය දෙවැනි වන්නේ පාස්කු ප්‍රහාරයට පමණි.

2019 අප්‍රියෙල් මාසයේ දී රටේ සංචාරක කර්මාන්තයට නැගෙනහිර වහාබ්වාදීහු මරු පහරක් එල්ල කළහ. ඒ රටේ වඩාත්ම ප්‍රකට තරු පහේ හෝටල් තුනකට මිනිස් බෝම්බ හතරක් යැවීමෙනි. ක්‍රිස්තියානි දේවස්ථානවලට වහාබ් මිනිස් බෝම්බ යැවුනේ මීට අමතරවය. මේ මිනිස් බෝම්බ ප්‍රහාර මලාවෙන් 270 ට අධික මනුෂ්‍යයන් ප්‍රමාණයක් ඝාතන කෙරුණෝය. තවත් 500 ක් පමණ මාරාන්තික තුවාල ලැබුවෝය.  රටේ ප්‍රධාන විදේශීය ආදායම් උපයන්නෙකු වූ සංචාරක කර්මාන්තය වසර ගණනාවකට දණින් වැටුණේය.

දැනටමත් දුම්වැටි විකීනීමට හා දුම්බීමට, මත්පැන් වෙළඳාමට තහනමක්...

දැනටමත් නැගෙනහිර වහාබ්වාදීහු මඩකලපුවේ සිට අරුගම්බේ දක්වා මුස්ලිම්වරුන් බහුල බොහෝ නගරවල දුම්වැටි විකීනීමට හා දුම්බීමට තහනමක් පනවා ගෙන සිටිති. මත්පැන් වෙළඳාමට ඊටත් වඩා බරපතල අපරාධයක් කර ගෙන සිටිති. ලංකාණ්ඩුව මේවා ඉදිරියේ කර බා ගෙන සිටිද්දී මේ නව නියෝගය පැමිණ තිබේ. මෙයින් හැඟවෙන්නේ මොහමඩ් සහරාන්ගේ ජාතික තවුහීත් ව්‍යාපාරය තවමත් නැගෙනහිර පවතින බව නොවේ ද?

සමහරවිට මේ නෞෂාඩ් නමින් පෙනී සිටින අරුගම්බේ ඩිජිටලයා කාත්තන්කූඩියේ මොහමඩ් සහරාන් වර්ගයේම අපතයෙකු විය හැකිය. මන්ද සහරාන් ජාතික තව්හීදය හැදීමට පෙර පල්ලියෙන් එලවා දමන්නේ බ්ලූ හෙවත් නිල් චිත්‍රපට රහසේ බැලීම නිසාය. මේ නෞෂඩයා ට ද එබඳුම ඉතිහාසයක් ඇති නිසා මෙබඳු අන්තවාදී මත හුදකලාව ඉදිරිපත් කරනවා විය යුතුය. එහෙත් මෙහි අනතුරු ගණනාවකි.

මෙහි අනතුරු ගණනාවකි...

එකක් සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් විරෝධි ප්‍රචනඩත්වකට යාමට මෙය යොදා ගැනීමට ඉඩ ඇත. එසේම මාලිමා ආණ්ඩු විරෝධීන්ට ඉදිරි මාස හයේ  සංචාරක ව්‍යාපාරයේ ආදායම් විනාශ කර ආණ්ඩුව අර්බුදයට යැවීමට යොදා ගත හැකිය. අනෙක් අතට මුස්ලිම් ජනයා තුලම වහාබ්දය පැතිරවීමේ යානයක් ලෙස මේ ‘බිකිනි තහනම’ යොදා ගත හැකිය.

මේ නිසා රජයේ බලධාරීන් මේ අනාගත අනතුරට සුදුසු ක්‍රියාමාර්ග වහාම ගත යුතුව ඇත.

-LeN විශේෂ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-05-25 19:33:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links