~

මර්වින්ට වැටුණු අලුත් නඩුවත් සමග දේශපාලුවන් රැසකට බඩු බනිස් වෙන ලකුණු..! කෙහෙළියගේ දුවත් මාට්ටු..!!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.27, ප.ව.7.45) තමන්ගේ නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය  මර්වින් සිල්වා ට එරෙහිව අලුත් නඩුවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. එම නඩුව ප්‍රකාරව තවත් දේශපාලකයන් රැසකට නඩු පැවරෙන ලකුණු පහල වී තිබේ. මන්ද යත් බොහෝ දේශපාලකයන්ට නීත්‍යානුකූල ආදායම අභිබවා කෝටි ගණන් දේපොල සහ බැංකු ගිණුම් තිබෙන නිසා  ය. ඇත්ත වශයෙන්ම දේශපාලකයන් පමණක් නොව බොහෝ රාජ්‍ය නිලධාරීන්ට ද සිය නීත්‍යාණුකූල ආදායම් අභිබවා කෝටි ගණන් දේපොල ඇත.

හිටපු ඇමැති මර්වින් සිල්වා මෙම වරද සිදුකර ඇත්තේ  2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ බව අල්ලස් කොමිසමේ චෝදනා වල සඳහන් වේ. මුළු චෝදනා සංඛ්‍යාව දෙකකි.

ඒ අනුව මර්වින් සිල්වා කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි තිස් නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් වැයකර තිබෙන බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.

ඊට අමතරව මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසි තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පහකට කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කර තිබේ.

මේ මුදල් ලැබුනේ කෙසේද යන්න පැහැදිලි කිරීමට මර්වින් සිල්වා අපොහොසත් වී ඇත.

මෙම නඩුවට අමතරව දැනට මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර රිමාන්ඩ් බන්ධනාගාරගතව ඉන්නේ රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන හදමින් පුද්ගලික ගැණුම් කරුවන්ට විකිණීම හේතුවෙනි.

කෙහෙළියට අමතරව පුතා පමණක් නොව දුවත් ඇතුලට යන ලකුණු..

මේ අතර දැනට රිමාන්ඩ් භාරව සිටින හිටපු ඇමැති කෙහෙළිය සහ පුත්‍රයා රමිතට අමතරව කෙහෙළියගේ දුව අමාලි රඹුක්වැල්ල ද ඇතුලට යන ලකුණු පහල වී තිබේ.

ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කෙහෙළියට සහ රමිත ට චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා හෙළිකළ කරුණු අනුව කෙහෙළියගේ දියණියට ද චෝදනා එල්ල වී තිබේ.

නිශාන්ත බණ්ඩාරට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා නිශාන්ත බණ්ඩාරගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය අමාලි රඹුක්වැල්ල විසින් කාඩ්පත් භාවිතා කරමින් මුදල් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

---------------------------
by     (2025-05-27 14:56:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links