-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.28, ප.ව.11.25) සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල සජබ ආසන සංවිධායකධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහු කියනා හේතු කතාව නොව බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට සමගි ජනබලවේගයෙන් තරඟ කර කොට්ඨාශය පරාජය වූ ඔහුගේ සහෝදරයාට ලැයිස්තු මන්ත්‍රීධූරයක් දෙන්නැයි ඉල්ලා එය නොලැබීම නිසා බව වාර්තා වේ.
බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට තරඟ කළ චමින්ද විජේසිරිගේ සහෝදරයා වන ලක්ෂ්මන් විජේසිරි ඔහුගේ කොට්ඨාශය පරාජයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ප්‍රතිශතය අනුව සිටින්නේ දෙවැනි ස්ථානයේය.
ප්‍රතිශතය අනුව ප්‍රථම ස්ථානය නලින්ද විජේරත්න ලබාගෙන ඇති අතර චමින්ද විජේසිරි දේශපාලනයට ගෙන ඒමට මූලිකව ක්‍රියාකර ඇත්තේද නලින්ද විජේරත්න බව වාර්තා වේ.
බණ්ඩාරවෙල නගර සභාවේ සමගි ජන බලවේගයට ලැයිස්තු මන්ත්‍රීධූර 3 ක් පමණක් ලැබී ඇති අතර එයින් කාන්තා නියෝජනය හා තරුණ නියෝජනය සැලකිල්ලට ගත්විට පරාජයට පත්වූ අපේක්ෂකයන්ට ලබාදීමට හැකිව තිබෙන්නේ එක් මන්ත්‍රීධූරයක් පමණි.
මෙහිදී සමගි ජනබලවේගය තීරණය කර ඇත්තේ ප්‍රතිශතය අනුව මන්ත්‍රීධූර ලබාදීමට බැවින් වැඩිම ප්‍රතිශතයට හිමි මන්ත්‍රීධූරය හිමිවීමට අවස්ථාව ඇත්තේ නලින්ද විජයරත්න ට ය. කෙසේවෙතත් නලින්ද විජේරත්නට මන්ත්‍රීධූරය නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගේ සහෝදරයාට එම මන්ත්‍රීධූරය ලබාදෙන ලෙස දිගින් දිගටම පක්ෂ නායකත්වයට විජේසිරි බලකරමින් සිටී. ඔහුගේ ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම පසුපස තිබෙන්නේ ද එකී බලකිරීම යි.
ජාතික ජනබලවේගය මන්ත්‍රී ආසන 6ක් ලබා ගනිමින් වැඩි මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබාගන ඇති අතර ස්වාධීන කණ්ඩායම් අංක1 මන්ත්‍රී ආසන 5ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමිකරගෙන ඇත. චමින්ද විජේසිරිගේ මෙහෙයවීමෙන් සමගි ජනබලවේගයට බණ්ඩාරවෙල නගර සභාවේ හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. ඔවුනට ලැබී ඇත්තේ මන්ත්‍රී ආසන 3ක් පමණක් වන අතර එකදු කොට්ඨාශයක ජයක්වත් ඔවුන්ට ලබාගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් අංක 2 මන්ත්‍රී ආසන එක බැගින් හිමිකරගෙන ඇත.
තමන්ගේ සහෝදරයා ද තරඟ කළ තමන් සංවිධායකධූරය දරණ බණ්ඩාරවෙල නගර සභාවේ බලය ලබාගැනීමට තියා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත්වීමට ද නොහැකි සංවිධායකවරයෙක් පක්ෂයේ නිර්ණායකවලට පිටින් යමින් තම සහෝදරයාට මන්ත්‍රීධූර ඉල්ලීමට යෑම ඉතා අශෝබන හා අසාධාරණ ඉල්ලීමක් බව සමගි ජනබලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ ලියුම්කරු සමග පැවසීය.
කෙසේ වෙතත් පළාත් පාලන මන්ත්‍රීධූර බෙදාගැනීම සම්බන්ධයෙන් සජබය දෙදරා ගොස් ඇති අතර විශාල සංවිධායකයන් පිරිසක් මේ වන විට ඉල්ලා අස්වී තිබේ. සජබය කිසිදු විනයක් නැති පක්ෂයක් බව දිනපතා ජනතාවට ඔප්පු කරමින් සිටී.
---------------------------
by (2025-05-28 22:17:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි