~

අලුත්ම කෝවිඩ් මාදිලිය NB 1.8.1, Omicron ප්‍රභේදයකි; ඒ පිළිබඳ ඔබ දතයුතු දේ..!

-කුඩගම්මන සීලරතන හිමියෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.30, ප.ව.11.50) සරම්ප සහ කුරුලු උණ රෝගීන්ගේ හිඟයක් නොමැත. පැතිරීම ද අමුතුවෙන් නිරීක්ෂණය කළ යුතු නැති තරම්ය. එවැනිම තවෙකක් ඔබේ රේඩාර් තිරයට එකතු කර ගන්නැ’යි විශේෂඥවරු කියති. ඒ කොවිඩ් රෝගයෙහි නවතම ප්‍රභේදය වන  NB 1.8.1, Omicron ය. චීනයෙන්ම මතුවුණැ’යි සැලකෙන මෙය, එක්සත් ජනපදයෙන් ද හඳුනා ගෙන තිබේ. වසංගත පාලන සහ නිවාරණ මධ්‍යස්ථාන මේ වනවිට, එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා, වොෂින්ටන්, වර්ජිනියා සහ නිව්යෝර්ක් නගර බද ප්‍රධාන ගුවන්තොටුපළවල පරීක්ෂණ පහසුකම් සලසා තිබේ. 

සෞඛ්‍ය සම්පන්න දරුවන් සහ ගර්භනී කාන්තාවන් සඳහා තවදුරටත් COVID එන්නත් නිර්දේශ නොකරන බව වසංගත රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානයේ  රොබට් එෆ්. කෙනඩි (කනිටු) නිවේදනය කිරීමට ටික දිනකට පෙර එය එක්සත් ජනපදයෙන් හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳව Fortune සඟරාවට අදහස් දැක්වූ CDC ප්‍රකාශකයෙකු පැවසුවේ, එක්සත් ජනපදයෙන් තවමත් අනාවරණය වී ඇති NB 1.8.1 රෝගීන් සංඛ්‍යාව ස්වල්පයක් බවයි.

බියකරු නව විකෘතියක් නොව, නවතම ඥාති සොහොයුරෙක්..

“චීනයෙන් වාර්තා වී තිබෙන COVID-19 NB.1.8.1 රෝගීන් පිළිබඳව CDC ආයතනය දැනුවත්ය. ජාත්‍යන්තර හවුල්කරුවන් සමග නිතිපතා සම්බන්ධතා පවත්වන ඔවුන් තොරතුරු එක්රැස් කරයි. තවමත් එක්සත් ජනපදයෙන් හමුවී තිබෙන NB.1.8.1 රෝගීන් පිළිබඳ තොරතුරු 20 කට වඩා අඩු ප්‍රමාණයකින් දැක්වෙන නිසා, එය COVID තොරතුරු හඹු යාමේ පුවරුවට ඇතුළත් කෙරෙන්නේ නැත. “SARS-CoV-2 අනුපිළිවෙල මුළුමනින් ම නිරීක්ෂණය කෙරෙන අතර, දත්ත හඹා යාමේ පුවරුවෙහි දිස් වන්නට පටන් ගැනෙන්නේ, එය වැඩිවීමේ වේගය මතය.

වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා හා වෛරස රෝග වැළැක්වීම් අංශයේ මහාචාර්ය වෛද්‍ය විලියම් ෂාෆ්නර් පවසන්නේ, නව ප්‍රභේදය එක්සත් ජනපදයෙහි වේගවත් පැතිරීමක් පෙන්නුම් නොකෙරෙන බවත්, පෙනෙන අයුරින් එය ඔමික්‍රොන් පවුලේ තවත් ප්‍රභේදයක් බවත්ය. ෆෝචූන් වෙත අදහස් දක්වන එතුමා පවසන්නේ, එය Omicorn වෛරසයේ තවත් බියකරු නව විකෘතියක් නොව, නවතම ඥාති සොහොයුරෙකු බව ය.

එනිසා, ඉතින් නව වික්‍රියාව කෙතරම් කනස්සල්ලට කරුණක්ද, ඔබ අවධානයෙන් සිටිය යුත්තේ කුමක් ද? NB 1.8.1 හඳුනා ගැනීම ගැන ඔබ දැනගත යුතු සියල්ල පහතින්.

නවතම COVID වික්‍රියාවේ රෝග ලක්ෂණ..

නව ප්‍රභේදයට අනන්‍ය ලක්ෂණ නොමැති බව Schaffner පවසන අතර, එය මෘදු රෝග ලක්ෂණ ඇති කරයි - සාමාන්‍යයෙන් තදබදය හෝ නාසයෙන් දියර ගැලීම, කැස්ස, තෙහෙට්ටුව, හිසරදය, ශරීර කැක්කුම සහ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව.

එය අධික ලෙස බෝවන අතර එය දිගටම පැතිරෙනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කරමින්, සාමාන්‍යයෙන් ශීත ඍතුවේ වැඩිවීමක් මෙන්ම ගිම්හානයේ මැද සිට අග දක්වා වැඩිවීමක් ඇති බව පෙන්වා දෙයි.

නමුත්, එක්සත් ජනපද ජනගහනයෙන් 95% කට වඩා COVID හෝ එන්නත හෝ දෙකම ලබාගෙන ඇති බැවින්, අපට දැන් “අසාමාන්‍ය ජනගහන ප්‍රතිශක්තියක්” ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ ගැන අප එතරම් ම කනස්සලු වියයුතු නොවූවත්, එහි රෝග ලක්ෂණ දැන සිටීම කාට වුවත් වැදගත් වනු ඇත. 

අලුත්ම කොවිඩ් මාදිලියේ රෝග ලක්ෂණ:

එහි එයටම සුවිශේෂී වූ ලක්ෂණ නැත. තිබෙන ලක්ෂණ සාමාන්‍ය ඒවාය. සාමාන්‍යයෙන්, නාසය හිරවීම හෝ සොටු දියර ගැලීම ඇතිවෙයි. කැස්ස, වෙහෙසකර බව, හිසේ සහ ඇඟපත රුදාව සහ ලා උණ ඇතිවිය හැකිය. ඉතා ඉක්මනින් කෙනෙකුට බෝවිය හැකි මෙය,

දිගින් දිගටම පැතිර යනු ඇතැ’යි විශ්වාස කෙරේ. සීත ඍතුව හෝ ගිම්හානය ආරම්භයත් සමග වැඩි විය හැකි බව පෙන්වා දෙන විශ්ෂඥයෝ, ගිම්හානයේ අවසානය දක්වාම පැවතිය හැකි යයි අනතුරු අඟවති. එක්සත් ජනපද වැසියන්ගෙන් 85% වඩා කිසියම් COVID එන්නතක් ලබාගෙන තිබෙන නිසා, එරට ජනගහණයෙන් “අසාමාන්‍ය ප්‍රතිශතයකට  ප්‍රතිශක්තියක්” ඇති බව ඔවුහු පෙන්වා දෙති.

COVID ආසාදනයෙන් තවමත් සතිපතා ලොව පුරා මරණ 200 - 300 ක්..

සතිපතා සිදුවන මරණ 200 සිට 300 දක්වා ප්‍රමාණයක් තවමත් COVID ආසාදනය හේතුවෙන් සිදුවන බව විශ්වාස කෙරෙන අතර, එනිසාම මෙය නොතකා ලිය හැකි රෝග තත්වයක් ලෙස නොසැලකේ. තවදුරටත් වැඩි අවදානමට ලක්විය හැක්කේ, ජනගහනයක වැඩිහිටියන් සහ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නවුන්ය.

COVID සමග දිග්ගැහෙන තවත් කනස්සල්ලක් වන්නේ, රෝගය ඉක්මනින් සුවපත් නොවීමය. විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, මෘදු මෙන්ම, වඩාත් දරුණු ආසාදන තත්ත්වයන් ද ඇති කරවමින් එය කෙනෙක් දිගින් දිගට රෝගී කරවීමේ අවදානමක් සහිතය. ඔවුන් පවසන ආකාරයට, එන්නත් කිරීම හා සම්බන්ධයෙන් දත්ත “සැබවින්ම තරමක් දුරට සහතික කළ හැකි ය.” එනම්, එන්නත් දරුණු උග්‍ර රෝගී තත්වයන් වැළැක්වීමට උපකාරී වනවා පමණක් නොව, දිග්ගැහෙන COVID ආසාදනයන් ඇතිවීමේ අවදානම ද අවම කරයි.

වැඩි අවදානමක් ඇති පුද්ගලයන් වන්නේ..

වැඩි අවදානමක් ඇති පුද්ගලයන් වන්නේ, ගැබිනි මව්වරු, වැඩිහිටියන්, නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නන් සහ ප්‍රතිශක්තිය අඩු අයය. නිසැකවම ඔවුන්  එන්නත් කරවා ගැනීමට සැලකිලිමත් විය යුතුම ය. ඒ අතරම, තම තමන්ගේ මුවාවරණ දූවිලි පිස දමා, නිතර ළඟ තබා ගනිමින් සෙනග රැස්වන තැන්වල පාවිච්චි කිරීම නුවණට හුරුය.

විශේෂඥ මතයට අනුව, කිසිදු වෛරසයකට විදේශ ගමන් බලපත්‍ර අවශ්‍ය නොවේ. ලොව වටා කවර තැනෙකට වුව, ඒවාට වේගයෙන් ගමන් කළ හැකිය. ලොව පුරා සෑම අදාළ ආයතනයක්ම වෛරසය හඹා යමින් සිටින අතර, අපේ වැඩිම අවධානය යොමු වන්නේ, නව මාදිලිය දැනට ලබාගෙන තිබෙන එන්නත්වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න ය. එනිසා, හැකි හැම විටම සබන් දමා අත් සෝදා ගැනීම, දිනපතා නින්දට පෙර, ලුණුවතුරෙන් උගුර සේදීම, නිතර උණූවතුර පානය, ගමන් බිමන් අත්‍යාවශ්‍ය ඒවාට පමණක් සීමා කිරීම සහ ප්‍රසිද්ධ ස්ථානවල මුව වැස්මක් පාවිච්චි කිරීම අමතක නොකිරීමට ප්‍රවේසම් වන ලෙස සෞඛ්‍ය බලධාරීහු ආයාචනය කරති. 

-කුඩගම්මන සීලරතන හිමි

හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80

---------------------------
by     (2025-05-30 23:26:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links