~

'භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලීන් කුප්පි යළිත් ඇවිත්' මැයෙන් ඉරිදා පුවත්පතක් පළ කළ සාවද්‍ය පුවත ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය සත්‍ය කියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.31, ප.ව.11.10) ජුනි 01 දා දින පළ කිරීම සඳහා මුද්‍රණය කර ඇති මව්බිම පුවත්පතේ 'භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලීන් කුප්පි යළි ඇවිත්' යන මාතෘකාව යටතේ පළ කර ඇති ප්‍රවෘත්තියත්, ඊට අදාලව 'විෂ එන්නත රෝගීන්ට බෙදන්න යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි' යන මාතෘකාව යටතේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ප්‍රවෘත්තියක් සම්බන්ධව කරන කරුණු පැහැදිලි කිරීමයි.

ICHOR Biologics (Pvt) Ltd. යන සමාගම විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඉමියුනොග්ලොබියුලීන් නමැති ඖෂධය සඳහා ශ්‍රී ලංකාව තුල ලියාපදංචිය ලබා දෙන්නේ 2023 අප්‍රේල් මාසයේ දී ය. එහි දී ඖෂධයේ ගුණාත්මක භාවය, සුරක්ෂිත භාවය පිළිබඳ සායනික සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි අගැයීමකින් පසු ඖෂධ නියාමන අධිකාරිය මගින් ලියාපදිංචිය ලබා දී ඇත.

රෝහල් වලින් ඖෂධ සම්බන්ධව වරින් වර ලැබෙන පැමිණිලි පිළිබඳ ජාතික ඖෂධ  තත්ත්ව ආරක්ෂන පර්යේෂනාගාරය විසින් පර්යේෂන සිදුකරනු ලබයි. ඉහත සඳහන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාලව කරන ලද පර්යේෂනයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පෙනී ගිය බැවින් ආරක්ෂාව සහ අවදානම් ඇගැයීමේ උපකමිටුව මගින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දෙන ලදී. පසුව මේ පිළිබඳව තවදුරටත් කරන ලද පර්යේෂන වලදී පෙනී ගියේ එම ඖෂධය නිසි ප්‍රමිතීන්ගෙන් යුතු බවයි. එසේම ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මගින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂනවලින් ද මේ බව තහවුරු විය. එම වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගැයීමේ උපකමිටුව මගින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බව තීරණය කරන ලද අතර එම තීරණය වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදී.

ඒ අනුව මෛ ඖෂධයේ තත්ත්වය පිලිබඳව කිසිදු සැකයක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන අතර එම  ඖෂධය නැවත භාවිතා කළ හැකි බව නිර්දේශ කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගැයීමේ උප කමිටුව අදාල සියළු කරුණු සලකා බැලීමෙන් පසුව බව දන්වා සිටිමු.

විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම

සභාපති
ජාතික ඖෂධ නියාමන අධිකාරිය
2025-05-31

---------------------------
by     (2025-05-31 22:09:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links