~

පුදන්නටත් පෙරම කාපි යකා..! සජබ කොළඹ පුරපති අපේක්ෂකයාට එරෙහිව සජබේම අයෙක් අල්ලස් කොමිසමට පැමිණිලි කරලා..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.03, ප.ව.7.15) සජබ ප්‍රමුඛ විපක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස මාලිමාවේ ව්‍රායි කැලී බල්තසාර් සමග තරඟ වැදීමට සූදානම් කර සිටින රීසා සරූක් නමැත්තා නම් කිරීමටත් කලින්ම ඔහුට එරෙහිව සජබේම සාමාජිකයෙක් විසින් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

පැමිණිලි කර ඇත්තේ අරගලය කාලයේ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස දූෂණයට එරෙහි හඬක් නැගූ සජබේම සාමාජිකයෙක් වන ප්‍රදීප් චාර්ල්ස් නමැති අයෙකි. 

පැමිණිලි කර ඇත්තේ රීසා සරූක් විසින් කොළඹ රථ වාහන නැවතුම් පොළවල් ලබා ගන්නා මිලියන ගණන් මුදල් වංචා කර ඇතැයි චෝදනා කරමිනි. "පාකිං ලොට් ප්‍රින්ස්" ලෙස නම් දරා සිටින රීසා සරූක් කොළඹ රථ වාහන නැවතුම් පොළවල් වලින් ගාස්තු අය කරන්නේ ඒ.ආර්. එන්ටර්ප්‍රයිසස් නම් සමාගමක් නමිනි. එය පාලනය කරන්නේ රීසා සරූක්ගේ ලඟම ගජයෙකි. මොවුන් විසින් රථ වාහන නැවතුම් පොළවලින් අයකරගන්නා මුදල් නිසි අන්දමින් කොළඹ නගර සභාව වෙත නොගෙවා මිලියන ගණනින් ගසා කන බවට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කර තිබේ.

රීසා සරූක් කොළඹ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන්ගේ ලඟ හිතවතෙකි. කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට ගැනීම සඳහා සාකච්ඡා පවත්වන්නේ මුජිබර් රහ්මාන්ගේ මූලිකත්වයෙනි.

"වාහන නැවැත්වීම සඳහා පුරවැසියන්ගෙන් එකතු කරන ලද මුදල් නීති විරෝධී ලෙස වංචා කර ඇත්නම්, එය මහජන විශ්වාසය උල්ලංඝනය කිරීමක්. නගරාධිපති අපේක්ෂකයෙකු එයට සම්බන්ධ නම්, එය සුළු පටු කාරණයක් නොවේ. ඒක අර්බුදයක්." එක්තරා නීතිඥයෙකු පැවසීය.

පුදන්නටත් පෙරම කාපි යකා කියමින් සජබයේ පුරපති අපේක්ෂකයාට එරෙහිව සජබයේම අයෙක් දැන් නීතිය ඉදිරියට ගොස් තිබේ.

සේයාරුවේ දැක්වෙන්නේ රීසා සරූක් ය. 

---------------------------
by     (2025-06-03 13:46:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links