~

යාපනය තිස්ස විහාරයේ පැන නැගී ඇති ගැටළුව..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.05, ප.ව.9.10) යාපනය තිස්ස විහාරයේ පැන නැගී ඇති ගැටළුව සමථකරණය සඳහා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ මැදිහත්වීම පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් එම කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී එම කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සඳුනි ආරියවංශ මහත්මිය, එහි සහකාර අධ්‍යක්ෂක සුසන්ත කුමාර යන මහතා අදහස් පළ කරන ලදී.

ඊට අදාළව එම කාර්යාලය විසින් සකස් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වේ

යාපනය තයිඩ්ඩි ප්‍රදේශයේ පිහිටා ඇති “තිස්ස විහාරය” සම්බන්ධයෙන් ප්‍රදේශයේ දෙමළ ජනතාව හා විහාරය අතර ප්‍රශ්නයක් පැන නැගී ඇත. මෙම ප්‍රශ්නය සඳහා ජාතිවාදී ස්වරුපයක් දීම සඳහා ඇතමුන් උත්සාහ කරමින් සිටි. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයීය පනතේ ප්‍රධාන කාර්යභාරයක් වන “විවිධ ප්‍රජාවන් තුල සහ ඔවුන් අතර, ආතතීන් සහ ගැටුම් ඇතිකරනු ලබන කාරණා විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග රජය වෙත නිර්දේශ කිරීම” අනුව මෙම ගැටලුව පිළිබඳ සොයා බැලීම සදහා සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය මෙම ප්‍රදේශයේ සංචාර කිහිපයක නිරත වූ අතර අදාළ පාර්ශව සමග සාකච්ඡා පවත්වන ලදී. 

ප්‍රථමයෙන්ම නාග විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කළ අතර එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් යෝජනා ඉදිරිපත් කරන ලදී. දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් සහජීවන සංගමය ප්‍රදේශයේ ආගමික හා ප්‍රජා නායක නායිකාවන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තොරතුරු විශාල ප්‍රමාණයක් ලබාගන්නා ලදී. යාපනය විශ්වවිද්‍යාලයේ සංහිදියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා හා සාමාජිකයන්  මේ සම්බන්ධයෙන් සිද්ධි අධ්‍යයනයක් කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණි. ඒ පිළිබඳව ද අදාල පාර්ශව සමග සාකච්ඡා පවත්වන ලද අතර එමගින් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගන්නා ලදී.

යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු නිලධාරින් සමග සාකච්ඡාවේදී එතුමා සදහන් කළේ මේ වන විටත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් රජය දැනුවත්කර ඈති බවත් එහිදී යාපනයේ ඉඩම් අදියර කිහිපයක් යටතේ ජනතාවට නිදහස් කිරීමට කටයුතු කරගෙන යන බවත් ය. 

අප විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සදහා තයිඩ්ඩි ප්‍රදේශයට ගොස් ඉඩම් අයිතිවාසිකම් ඉල්ලා සිටින පවුල් 13ක සාමාජිකයන්, තිස්ස  විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ, දායක සභාව හා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බෞද්ධ සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවී ඔවුන්ගේ යෝජනා පිලිබඳව විමර්ශනයක් සිදුකරන ලදී. ඉන් පසුව අප ආයතනය මේ සම්බන්ධයෙන් අදාළ සියලුම පාර්ශවයන් යාපනය නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත කැඳවා අප්‍රේල් මස මුල් සතිය තුල සමථකරණ වැඩසටහනක් පවත්වන ලදී. 

මෙහිදී මතුවූ සියලු කාරණා මත මෙම ක්‍රියාවලිය විධිමත් කිරිම සම්බන්ධයෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය, පහසුකරණය (Facilitate) සිදුකර මේ පිලිබඳව  සකස්කරන ලද විශ්ලේෂණාත්මක හා අප ආයතනය මගින් කරන නිර්දේශ ඇතුලත් වාර්තාවක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය තුමා වෙත මේ වනවිට ලබාදී ඇත.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය මගින් එම නිර්දේශ සම්බන්ධව කඩිනම් පියවර ගනිමින් සිටි.

පී.විජිත් රොහාන් ප්‍රනාන්දු

සභාපති
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය

---------------------------
by     (2025-06-05 15:50:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links