~

සාක්කිකරුවන්ට බලපෑම් කරලා..! ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ ප්‍රධාන චුදිත බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න රිමාන්ඩ්..! (Video)

-'අනුරගේ ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නෑ' - හමුදා බුද්ධි නිලධාරියෙක් කියලා.

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.11, ප.ව.11.20) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ ප්‍රධාන සාක්කිකරුවෙකු වූ සුමතිපාල සුරේෂ කුමාර් හෙවත් තවේන්ද්‍රන් නමැති අයට සාක්කි නොදෙන ලෙස දිගින් දිගටම බලපෑම් කිරීම හේතුවෙන් ඊයේ (10) සීඅයිඩිය විසින් අත් අඩංගුවට ගත් යුද හමුදාවෙන් මේ වන විට විශ්‍රාම ගෙන සිටින  හිටපු බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න ජුනි 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කෙළේය.  

බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න යනු ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ ප්‍රධාන චුදිතයා වේ. 

තවේන්ද්‍රන්ට මීට සතියකට පමණ පෙර දී ද යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු විසින් බලපෑම් කර ඇත්තේ "අනුරගේ ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නෑ, ඊට පස්සේ නාමල් රාජපක්ෂගේ ආණ්ඩුවක් එනවා." යනුවෙන් කියමිනි. ඒ බව අද අධිකරණයේ දී ඉදිරිපත් කෙරිණ.

බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න ද තවේන්ද්‍රන්ට දිගින් දිගටම බලපෑම් කර ඇති අතර තවේන්ද්‍රන් ඒ පිළිබඳ සාක්කිකරුවන් වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ විමර්ශන ඒකකයට පැමිණිලි කර ද තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් මීඩියාඩොට්එල්කේ හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විස්තරාත්මකව ඉදිරිපත් කරන වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2025-06-11 22:46:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links