~

කෙහෙල් ගහට කෙටූ දයා ගමගේට වැඩේ වරදී..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.15, ප.ව.9.20) මෙතෙක් කාලයක් රාජ්‍ය බැංකු වලට බිලියන ගණනින් පොලු තබා පසුව ඒවා බොල් ණය ලෙස කපා ගැනීමට සමත් වූ එජාප හිටපු නායකයෙකු වන වර්තමානයේ පාරාජිකා වූ දේශපාලකයෙකු වන දයා ගමගේ ට දැන් වැඩේ වැරදී ගොස් තිබේ.

ඒ ඔහුට අයත් ප්‍රධාන ව්‍යාපාර තුනක් වන දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර ණය අයකර ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබීම හේතුවෙනි.

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් අත්සන් තබා ඇත්තේ ලබන ජූලි මස 2 දා උදෑසන 10 ට ඉහත කී සමාගම් වල ප්‍රසිද්ධ වෙන්දේසිය සිදුකරන බවය.  

මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කරන්නේ දයා ගමගේ ගෙන් මහජන ලීසිං සමාගමට අයවිය යුතු රුපියල් 104,229,342 ක මුදලක් අයකර ගැනීමේ අරමුණෙනි.

මහජන ලීසිං සමාගමට අය විය යුතු රු. 108,309,342 ක මුදලින් දයා ගමගේ ගෙවා ඇත්තේ රුපියල් 4,080,000 ක පමණ සොච්චම් මුදලක් වන අතර ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතය.

මීට ඉහත දයා ගමගේට අයිති දයා ඇපරල් සමූහ ව්‍යාපාරය මහජන බැංකුවෙන් ලබා ගත් රුපියල් මිලියන 2,647 ක් වූ ණය මුදල නොගෙවා මහජන බැංකුවට තැබූ පොල්ල බොල් ණය ලෙස කපා හැරීමට රනිල් මුදල් ඇමැති සහ ජනාධිපති කාලයේ දී තීරණය කෙරිණ. ඒ කාලයේ දී මහජන බැංකුව විසින් දේශපාලන ගජ මිතුරන්ට දුන් රුපියල් බිලියන 54 ක ණය මුදල් එලෙස බොල් ණය ලෙස කපා දැමුවේ ය. සත්‍ය වශයෙන් ඒ මුදල් මහජන බැංකුවේ සාමාන්‍ය ජනයාගේ මුදල් ය. 

මෙවර දයා ගමගේ ට වැඩේ වැරදී ගියේ ය. දැන් ඇත්තේ අලුත් ජනතා ආණ්ඩුවකි. 

---------------------------
by     (2025-06-15 15:57:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links