~

සජබයට විනයක් නැතිකම නිසා මද්දුම බණ්ඩාර දඹුල්ලේ දී කකුල කටේ දමා ගනී.!

-දඹුල්ල වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.16, ප.ව.8.50) තම පක්ෂයට විනයක් නැතිකම නිසා සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදයට අතුල් පහරක් දී තිබේ. ඒ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරය පත් කර ගැනීමට යෑමේ දී ය. 

දඹුල්ල ප්‍රාදේශීය සභාව ද සියයට පනහේ සීමාව කිසිදු පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වූ ප්‍රාදේශීය සභාවකි. එහි මන්ත්‍රීධූර බෙදී ගියේ මෙසේ ය.

කොට්ඨාශ 16 ක් තිබූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ කොට්ඨාශ 13 ක්ම ජය ගත්තද මාලිමාවට හිමිවූයේ මන්ත්‍රී ධුර 13 ක් පමණි. එකදු බෝනස් අසුනක් හිමිවූයේ නැත. ඉතිරි කොට්ඨාශ 3 දිනූ සජබ යට බෝනස් මන්ත්‍රීධූර 3 ක් ද ඇතුළුව මන්ත්‍රීධූර 6 ක් හිමි විය. කොට්ඨාශ එකක් හෝ ජය නොගත් පොදු ජන එක්සත් පෙරමුණට බෝනස් මන්ත්‍රීධූර 3 ක් ද, කොට්ඨාශ එකක් හෝ ජය නොගත් පොහොට්ටුවට බෝනස් මන්ත්‍රීධූර 3 ක් ද, කොට්ඨාශ එකක් හෝ ජය නොගත් එජාපයට බෝනස් මන්ත්‍රීධූර 1 ක් ද, කොට්ඨාශ එකක් හෝ ජය නොගත් සර්වජන බලයට බෝනස් මන්ත්‍රීධූර 1 ක් ලැබිණ. ඒ අනුව පැහැදිලි වැඩි ජයග්‍රහණක් ලැබූ මාලිමාට මන්ත්‍රීධූර 13 ක් හිමිවෙද්දී විපක්ෂයට මන්ත්‍රීධූර 14 ක් හිමි විය.

මෙහිදී සජබයේ ලේකම් මද්දුම බණ්ඩාර සිය මන්ත්‍රී වරුන් 6 දෙනාට කියා සිටියේ පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා වූ සෝමතිලක නමැත්තාට සභාපතිධූරය ලබා දීමට ඡන්දය දෙන ලෙසයි. නමුත් සජබයෙන් පත් වූ සුසිල් හේරත් ද සභාපති ධූරයට තරඟ කෙළේ ය. තමන්ට කොට්ඨාශ තුනක ජයක් ද ඇතුළුව මන්ත්‍රීධූර 6 ක් තිබිය දී තමන් මන්ත්‍රීධූර 3 ක් පමණක් දිනූ පොඑපෙ අපේක්ෂයාට සහාය පළකරන්නේ මද්දුම බණ්ඩාරගේ කැසිල්ලට දැ යි සුසිල් ප්‍රමුඛ කණ්ඩායම සිතුවා විය යුතු ය. 

කෙසේ වෙතත් අද පැවැති සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ජාතික ජන බලවේගයෙන් ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ අතර ඔහු ඩබ්.එම්. තිලකරත්න නම් විය. තිදෙනෙකු අතර බෙදී ගිය ඡන්ද විමසීමේ දී ඉතා පහසුවෙන් මන්ත්‍රීධූර 13 ක් දිනා තිබූ මාලිමාවේ තිලකරත්න දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත් විය. ඔහු ඡන්ද 15 ක් ලබා ගත්තේ ය. සමහරවිට විපක්ෂයෙන් දුන් දෙදෙනා සජබයේ දෙදෙනෙක් ද විය හැකි ය. 

මෙයින් කිපුණු සජබ ලේකම් මද්දුම බණ්ඩාර සිදුකෙළේ සභාපති පත්කිරීමේ දී පක්ෂයේ නියෝග වලට පිටින් ක්‍රියා කළා කියා සජබ මන්ත්‍රී 6 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමයි. සුසිල් හේරත්, අනිල් ඉන්ද්‍රජිත් දිසානායක, ධනංජය සම්පත් කරඳගොල්ල, ප්‍රියන්ත රත්නායක, කුසුමා කුමාරි සහ ක්‍රිෂාන්ති ප්‍රේමරත්න එලෙස සාමාජිකත්වය තහනම් කළ 6 දෙනා වෙති. 

මෙය පැහැදිලිවම සජබ ලේකම්වරයා ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකළ බරපතල තර්ජනයකි. මන්ද යත් මෙම 6 දෙනාගෙන් 3 දෙනෙක් පැහැදිලිවම කොට්ඨාශ වල ජනතාවගේ ඡන්දයෙන් ජයගත් මහජන නියෝජිතයන් ය. ඔවුන්ගේ නියෝජිතභාවය තහනම් කිරීමට සජබ ලේකම්ට ඇති අයිතිය කුමක් ද? ඉහත කී සජබ මන්ත්‍රී හය දෙනා පැහැදිලිවම මද්දුමබණ්ඩාරට එරෙහිව නීතියේ පිහිට පැතිය යුතුය.

අනෙක් අතට මෙහි දී ද පෙන්නුම් කරන්නේ මේ පවතින මැතිවරණ ක්‍රමයේ අසාර්ථක භාවය යි. කොට්ඨාශ 16 කින් 13 ක් දිනූ පක්ෂයකට ආරෝවකින් තොරව එම සභාවේ බලය පිහිටුවීමට නොහැකි නම් මේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් ද ? මෙය පැහැදිලිවම විකෘතියකි. 

-දඹුල්ල වාර්තාකරු විසිනි

---------------------------
by     (2025-06-16 15:33:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links