~

වෛද්‍ය ක්ෂේත්‍රයේම මුහුණේ දැලි ගාලා..! හිපොක්‍රටීස් දිවුරුම පාවා දීලා..! ජ'පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු 3 ක් අත් අඩංගුවට..! කුඩු දුමින්දට හොර වෛද්‍යවාර්තා දුන්නේද මැයයි..! හිටපු ඇමැති දියණියක්..! (Video)

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.17, ප.ව.11.00) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කලක් තිස්සේ සිදු කළ දූෂණ වංචාවකට රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක, රෝහල් පරිපාලකවරයෙකු සහ පුද්ගලික අංශයේ සේවය කළ පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු  අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමේ විමර්ශකයන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය පුරා කම්පනයක් ඇති කළ මේ සිද්ධිය රෝගීන්ට සහ රජය යන දෙපාර්ශවයටම වංචා කිරීමකි.

අත්අඩංගුවට ගත් අය.. 

අත්අඩංගුවට ගත් අය අතර සැලකිය යුතු කීර්තියක් ඇති විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න; ජයවර්ධනපුර රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ ඉහත වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන යන පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත පදිංචි නිමල් රංජිත් මුතුකුඩ යන අය වෙති.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කරන ලද පුළුල් පරීක්ෂණයකින් පසුව, ඉහත තිදෙනා අද දිනයේ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාවේ මෑත කාලීන මතකයේ මතු වූ වඩාත්ම ඉහළ පෙළේ වෛද්‍ය දූෂණ වලින් එකකි.

ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍යම වන EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහලේ කාර්ය මණ්ඩලය හා අදාල වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුලින් රෝගීන්ට පාඩුවක් හා තමන්ට අයුතු ලාභයක් ලබා ගැනීම මෙන්ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුලින් රෝහලට පාඩු සිදුකිරීම ආදී දූෂනය නම් වරද සිදුකිරීම පිළිබද විශේෂඥ වෛද්‍යවරිය අත් අඩංගුවට ගෙන තිබේ.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය මෙවලම්

මෙම තීරණාත්මක ශල්‍ය උපකරණ, විශේෂයෙන් EVD (External Ventricular Drainage) සහ VP (Ventriculoperitoneal) SHUNT යන උපාංග දරුණු ස්නායු රෝග තත්ත්වයන් ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍ය මෙවලම් වෙති.

රෝගීන්ව ගසා කා ඇති අන්දම..

මෙහි දී EVD යන අයිතමය 2022 වසරේදී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17500/- පමණ වී ඇති අතර එහි සාමාන්‍ය වත්මන් මිල රු. 46,500/- ක් පමණ වේ. විශේෂඥ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමුකරන ලද බාහිර පාර්ශවය මගින් රෝගී්න් මෙම අයිතම ලබා ගැනීමේ දී රු. 120,000/- සිට 250,000/- පමණ වන වටිනාකම් මේ සඳහා රෝගීන්ට ගෙවීමට සිදුව ඇත. මෙලෙස ශල්‍යකර්මයන්ට භාජනය වූ 300 ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර ඉන් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට විමර්ශයන් විසින් සටහන් කරගෙන ඇත. ප්‍රකාශ සටහන් කර ගත් රෝගීන්ට රු. කෝටි 3 කට ආසන්න පාඩුවක් සිදුව තිබේ.

රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මැරිලා..

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ හඳුනා නොගත් හෝ ලියාපදිංචි නොකළ පෞද්ගලික වෛද්‍ය ආයතනයක් හරහා මෙම උපකරණ ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

වැදගත්ම හෙළිදරව්ව නම් ඉහත කී රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශන වල දී අනාවරණය වීමයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ කළමනාකරණ සහකාර ඉන්දික නමැත්තා, EVD සහ VP SHUNT වැනි ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය අයිතම සඳහා වන අභ්‍යන්තර ඉල්ලීම් වාර්ෂික සැපයුම් ඇස්තමේන්තු වලින් ප්‍රමාද කිරීම හෝ ඉවත් ‍කිරීමෙන් මෙම නීති විරෝධී ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි.

මෙම කූඨ ක්‍රියාව රෝගීන්ට වංචා කිරීම පමණක් නොව, රෝහල් ඉන්වෙන්ටරි පද්ධතිය අවදානමට ලක් කිරීමක් වන අතර ශ්‍රී ලංකාවේ දැනටමත් පීඩාවට පත්ව ඇති රාජ්‍ය සෞඛ්‍ය සේවා කෙරෙහි මහජන විශ්වාසය බිඳ දමන්නකි.

හිපොක්‍රටිස් දිවුරුම පාවාදීමක්..

CIABOC හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙසේ පැවසීය:

“මෙය අධික මිල ගණන් හෝ පෞද්ගලික සේවය පිළිබඳ නඩුවක් පමණක් නොවේ. මෙය හිපොක්‍රටිස් දිවුරුම සහ මහජන රැකවරණය පිළිබඳ යුතුකම පාවාදීමකි. මෙම අත්අඩංගුවට ගැනීම් ආරම්භය පමණි.”

මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ද තමන්ගේම අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත ය.

දුමින්ද සිල්වාගේ සිද්ධියටත් සම්බන්ධයි..

ලංකා ඊ නිව්ස් යෝජනා කරන්නේ මෙම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න නමැත්තිය ව්‍යාජ වෛද්‍යවාර්තා සපයමින් මරණ දඬුවම නියම වී සිටි ආර්. දුමින්ද සිල්වා දිගු කලක් පුරා  ජයවර්ධන පුර රෝහලේ නේවාසිකව තබා ගැනීමේ කූඨ ක්‍රියාවට ද සම්බන්ධදැයි කියා වෙනම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. 

මෙම වෛද්‍යවරිය යනු හිටපු එජාප ඇමැතිවරයෙකු වූ මහේන්ද්‍ර විජේරත්නගේ දියණියකි.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

සිද්ධියට අදාලව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගෙන එන වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2025-06-17 22:55:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links