(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.23, පෙ.ව.5.00) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න සිදුකරන ලද දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ ඇගෙන් අගතියට පත්වූ අයගේ තොරතුරු වෙතොත් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහේෂි සුරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශ්වයන්ගේ විස්තර රැස් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බව කොමිෂන් සභාව පවසයි.
ස්නායු ශල්‍යකර්මයන් සඳහා භාවිත EVD සහ VP SHUNT උපකරණ රෝහලින් ඇණවු නොකර ඇයට හිතවත් බාහිර ආයතනයකින් අධික මිලකට ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදු කිරීම ඇතුළුව තවත් චෝදනා කිහිපයක් යටතේ විමර්ශන කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව ද නිවේදනයේ සඳහන්ය.
ශල්‍යකර්මයන්ට භාජනය වූ අගතියට පත්වූ 77 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එලෙස අගතියට පත්වූ පුද්ගලයන් හෝ මෙම අක්රමිකතාවන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයන් අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ඉල්ලා සිටී.
ඇය විසින් ශල්‍යකර්ම සිදුකළ 300 ක් පමණ රෝගීන් සිටින බවත් බොහෝ දෙනා මියගොස් ඇති බවත් සඳහන් ය.
1954 කෙටි දුරකතන අංකය ඔස්සේ හෝ [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය.
---------------------------
by (2025-06-24 21:25:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි