~

බැඩ්මින්ටන් සභාපති 'බඩු ගුණේ' ලිංගික අල්ලස් ඉල්ලයි..! කිව්වොත් මරණ තර්ජන..!!

-LeN ස්පෝර්ට්ස්මන් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.24, ප.ව‍.11.15) ජාතික බැඩ්මින්ටන් සංගමයේ සභාපති ලෙස රොෂාන් ගුණවර්ධන පසුගිය ජූනි 28 වැනිදා පත් වුණි. ඒ නව ජාතික ක්‍රීඩා පනත අමු අමුවේ උල්ලංඝනය කරමිනි. නව ක්‍රීඩා පනතට අනුව රොෂාන් ගුණවර්ධනට බැඩ්මින්ටන් සංගමයේ සභාපති ලෙස පත්වීමට කිසිදු සුදුසුකමක් ඇත්තේ නැත. ඔහු ඉදිරිපත් කරන ක්‍රීඩා කර ලබා ඇති ජයග්‍රහණ පිලිබඳ තොරතුරු සාවද්‍ය බව බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ හා පුහුණුකරුවෝ පවසති.

ප්‍රසිද්ධ රහස්..

මේ අතර 2010 වසරේදී ද ජාතික බැඩ්මින්ටන් සභාපති ලෙස රොෂාන් ගුණවර්ධන කටයුතු කෙළේ ය. ඒ හිටපු අමාත්‍ය සී. බී. රත්නායකගේ නැට්ටේ එල්ලී පැමිණෙමිනි. කෙසේ වෙතත් බැඩ්මින්ටන් සභාපති ලෙස කටයුතු කරන කාලයේ ක්‍රීඩිකාවන්ව නාමල් රාජපක්ෂගේ තුරුලට යැවූ බව ප්‍රසිද්ධව ඇත. ඒ අතර බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්වරුන්ට රොෂාන් මුදල් වීසිකර යහන්ගත වූ බවත් ප්‍රසිද්ධ රහසකි.

සියල්ලන් මවිත කර..

මෙවන් ඉතිහාසයක් ඇති අන්ත දූෂිත පුද්ගලයෙක් දූෂණයට එරෙහි බව පවසන රජයක් සමයේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති ලෙස පත්වීම සියල්ලන් මවිත කර ඇත. 

ඒ අස්සේ ජාතික බැඩ්මින්ටන් සංගමයට කිසිදු සම්බන්ධයක් නැති මේ දිනවල ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියා කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා කණ්ඩායම් ප්‍රධානී ලෙස ගොස් ඇත්තේද රොෂාන් ගුණවර්ධනය. ඒ යන අතර ට්‍රාන්සිස්ට් එකේදී ගුවන් යානය මග හැරී රොෂාන්ට තවත් අකරතැබ්බයක් සිදුව ඇත්තේ සුරූපී ගුවන් සේවිකාවක් සමග ඡායාරූප ලබා ගැනීමට ගොස් බව වාර්තා වෙයි.

මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් පමණක් නොව මරණ තර්ජන..

අප කතානායක රොෂාන් මේ තරගාවලිය පාදක කර ගනිමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්වරුන්ට පැණි හැලීමේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට එය ලිංගික අල්ලස් ලබාදීමක් දක්වාම දුරදිග ගොස් අවසන්ය. රොෂාන් ගුණවර්ධන සමග යහන්ගතවන මව්වරුන්ගේ දරුවන්ට බැඩ්මින්ටන් විශේෂ අවස්ථා හිමිවන බව රහසක් නොවෙයි. ඔහු තමන් සමග යහන්ගත නොවන කාන්තාවන්ට බලපෑම් කරමින් ඇත්තේ දරුවන්ගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමේ බලය තමන් සතු බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ තමගේ ලඟම හිතවතෙක් බවත් පවසමිනි. එක් මවක් හඬමින් මේ තොරතුරු අපට ලබා දුන්නේ තමන්ට ජූජක බමුණා වැනි කැතම කැත රොෂාන් සමග යහන්ගතවීමට බැරි බව පවසමින් වීම කණගාටුදායකය. ඇය කියා සිටියේ මෙය ක්‍රීඩා අමත්‍යාංශයට හෝ වෙනත් ඕනෑම තැනකට පැමිණිලි කළහොත් ඇගේත්, දරුවාගේත් ජීවිතයට ඇති ආශාව අතහැර එය කරන ලෙස ඔහු මරණ තර්ජන කළ බවත් වැඩිදුරටත් පවසන ලදී.

බඩු ගුනේ ලෙස ප්‍රසිද්ධ බැඩ්මින්ටන් සභාපති රොෂාන්ට එරෙහිව පියවරක් ගන්නාතුරු රටම සමග අප විමසිල්ලෙන්.

-LeN ස්පෝර්ට්ස්මන් විසිනි

---------------------------
by     (2025-07-24 17:49:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links