(ලංකා ඊ නිව්ස් -2026.පෙබ.07, ප.ව.11.30) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් රුපියල් 8 කෝටි 48 ලක්ෂයකට අධික මුදලක් එම බැංකුවෙන් වංචා කර ලබාගෙන තිබේ. එම මුදල වංචා කර ඇත්තේ සිද්ධීන් 14 කිනි. ඉන් 4 කෝටි 67 ලක්ෂයක මුදලක් තවමත් අයකර ගැනීමට නොහැකි වී ඇත.
කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලද ඉහත කී වංචා ද ඇතුළුව 2025 ජූනි 30 වැනි දිනට වංචනික ක්‍රියාකාරකම් 104 කින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සිදු වූ මුළු අලාභය රුපියල් 11 කෝටි 85 ලක්ෂයකට අධික ය. ඉන් රුපියල් 7 කෝටි 45 ලක්ෂයක මුදල් අයකර ගැනීමට නොහැකි වී ඇත.
2021 සිට 2024 දක්වා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සිදුව ඇති වංචනික සිද්ධීන් 49 ක් ම සිදුකර ඇත්තේ ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පත් ආශ්‍රිත වංචාවන් වේ. ඉන් රුපියල් ලක්ෂ 32 කට අධික වටිනාකමින් යුත් වංචා 39 ක් තුන්වැනි පාර්ශවයක් විසින් ගෙවුම් යෙදවුමක් හරහා හැක් කරන ලද කාඩ් පත් ආශ්‍රිත තොරතුරු භාවිතයෙන් මාර්ගගත ගනුදෙනු සිදුකිරීම මගින් වංචාකර තිබුණු අතර ඉන් විගණිත දිනය වූ 2025 ජූනි 30 දින දක්වා එම සිද්ධීන් 39 සඳහා කිසිදු රක්ෂණ වන්දියක් බැංකුවට ලැබී නැත.
මෙම වංචනික ක්‍රියාකාරකම්වලින් වසර පහකට වඩා පැරණි වංචා වලින් සිදුව ඇති අලාභය රුපියල් කෝටි 4 හමාරකට අධිකය.
(මූලාශ්‍රය -2024 විගණන වාර්තාව)
---------------------------
by (2026-02-07 19:17:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි