(ලංකා ඊ නිව්ස් - 2015.ජුනි.03, පෙ.ව. 5.45) මහ පරිමාණ මුල්‍ය වංචාවකට අදාළව ටිරාන් අලස්ව අත් අඩංගුවට ගැනීමෙන් වළක්වාලන වාරණ නියෝගයක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ලබන 11 වෙනිදා නියත වශයෙන්ම ලබාදෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු ටිරාන් අලස්ට පොරොන්දුවක් දැනටමත් ලබාදී ඇතැයි ලංකා ඊ නිවුස් අභ්‍යන්තර තොරතුරු සේවය වගකීමකින් යුතුව අනාවරණය කරයි.
ශ්‍රී ලංකාවේ උත්තරීතරම අධිකරණය ලෙස සැළකෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියන් දෙදෙනෙකු වන ඊවා වනසුන්දර සහ රෝහිණි මාරසිංහ දෙදෙනා මෙම පොරොන්දුව ටිරාන් අලස් මන්ත්‍රීවරයාට ලබා දී ඇත්තේ ඊයේ (02) පොසොන් පොහෝ දින සම්බෝධි විහාරයේදී රහසිගතව හමුවකදී බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වැඩිදුරටත් තහවුරු කරගෙන තිබේ.
ටිරාන් අලස් විසින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව මෙකී අතුරු නියෝගය ලබාදීමට රුපියල් මිලියන ගණනාවක අල්ලස් ගනුදෙනුවක්ද සිදුව ඇති ඇතර ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ නීතිඥවරයෙකු වූ අජිත් ප්‍රසන්න නමැත්තා සහ එක්තරා බෞද්ධ භික්ෂුවක් බවටත් තොරතුරු හෙළි වී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරීතර බව කෙලෙසමින් රාජපක්ෂ පවුලට පක්ෂපාතී නඩු තීන්දු ලබා දීමෙන් හොරු ආරක්ෂා කිරීමට අධිකරණය භාවිත කළ හැටි ගැන ගෝඨාභය රාජපක්ෂ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘෘ විනි-සොරුන්ගේ ක්‍රියා පටිපාටිය ලංකා ඊ නිවුස් වගකීමකින් යුතුව අනාවරණය කෙළේය. එහිදී එකී විනි-සොරුන් දෙදෙනා කොල්ලුපිටියේදී නීතිඥවරයෙකු කාර්යාලයකදී කුමන්ත්‍රණයක් සිදුකර ගෝඨාභය අත් අඩංගුවට ගැනීම වළක්වා නියෝගය නිකුත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවද උල්ලංඝණය කරමින්ය.
සුනාමියෙන් විනාශ වූ උතුරු පළාතේ ප්‍රදේශවල නිවාස ඉදිකරන බවට රාඩා නමින් ආයතනයක් ආරම්භ කර එහි සභාපතිවරයා වී ටිරාන් අලස් විසින් රුපියල් කෝටි 65 කට අධික මුදලක් රජයෙන් ලබාගෙන නිවාස එකක් හෝ ඉදිනොකර එම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ටිරාන් අලස්ට එරෙහිව මුල්‍ය වංචා විමර්ශණයක් ආරම්භ කරන ලදී
එම රුපියල් කෝටි 65 ක මුදල්‍ය වංචාවට ටිරාන් අලස්ව අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී ටිරාන් අලස් තමාව අත් අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ගෝඨාභය රාජපක්ෂ ගිය පාරෙන්මය. දැන් ටිරාන් අලස් ද ඒ සඳහා විනි-සොරුන්ට අල්ලස් දී හෝ තම අරමුණ ඉටුකර ගැනීමට තරම් ජගතෙකු වී සිටී. 2005 මැතිවරණයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අල්ලස් දී උතුරේ ජනමතය වෙනස්කර මහින්ද රාජපක්ෂව බලයට ගැනීමට හැකි වූ තමාට මෙය එතරම් කජ්ජක් නොවන බවද තම සමීප හිතවතුන්ට පවසා ඇත.
ඔහු මෙලෙස උදම් අනා ඇත්තේ පොසොන් පෝදා විනිසුරු ඊවා වනසුන්දර සහ රෝහිණි මාරසිංහ යන දෙදෙනා හමුවී කරන ලද සාකච්ඡා සාර්ථකත්වයට පත්වීමෙන් පසුවය.
කෙසේ වෙතත් මෙම නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේදී ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීම වළක්වන වාරණ නියෝගයක් ලබා දුන්නේ නැති අතර නීතිපතිවරයාගෙන් පැමිණි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කියා සිටියේ දැනට අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තාවයක් නොමැති බවයි. නමුත් ඒ සමගම යසන්ත කෝදාගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන හැර පෑවේ ටිරාන් අලස් මෙම කෝටි ගණනක මුදල් වංචා කර ඇති ආකාරයයි. ව්‍යජ සමාගම් හදා ගනිමින් ඔහු කරන ලද වංචා කෝදාගොඩ මහතා හෙළි කෙළේය. ටිරාන් අලස්ට එරෙහිව නඩු පවරන්නේ නම් ඒ නඩුව විභාග වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොවන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන ගැනීම සඳහා ලබන නඩු දිනය වන 11 වෙනිදාට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි විනිසුරු තුන් දෙනා පැවසීය. එම විනිසුරු තිදෙනා නම් අගවිනිසුරුවරයා සමග ඉහත කී ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ දෙදෙනා ය.
ටිරාන් අලස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තම ගරුත්වයද නැති කරගනිමින් නූගත් තර්කයක් ගෙන ආවේය. එනම් තම සේවාදායකයා රටින් පැන යන්නේ නැති බවත් පොලිසිය මග හරින්නේ නැතිව ප්‍රශ්ණ කිරීම් වලට පැමිණෙන බවත්, අවශ්‍ය නඩු පවරන අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වන නිසා අත් අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ එක් ප්‍රවීන නීතිඥවරයෙක් කියා සිටියේ රොමේෂ් ද සිල්වාගේ තර්කය අනුව යම් දිනක පහත සඳහන් දේ සිදුවිය හැකි බවයි.
මිනිසෙකුගේ බෙල්ල කපා මරා දැමූ මිනී මරුවා, කපා දැමූ හිසද, බෙල්ල කැපූ මන්නයද රැගෙන පොලිසියට එන්නේ ය. ස්ථානාධිපතිගේ මේසය මත බෙල්ලත් මන්නයත් තැබූ මිනීමරුවා මෙසේ කියයි. “ සර් මං මූව මැරුවා. මෙන්න බෙල්ල. මෙන්න මන්නෙ. මට නඩු දාන්න. මං උසාවියට එන්නම්. මාව ෂුවර් කරන්න. ඕකේ. එහෙනම් සර් මං ගෙදර යනවා.. බායි.“
එවිට පොලිස් ස්ථානාධිපතිවරයා මිනීමරුවා අමතා “ ආං එහෙමද.. එහෙනම් පුතා ඔයා අපි නඩු දිනය වෙනකම් අත් අඩංගුවට ගන්නෙ නෑ.. ඔයා ගෙදර යන්න. අපි චෝදනා හරියට හදලා නඩුව දාපුවාම උසාවියට එන්න.. බායි“ කියා මිනීමරුවා ගෙනා හිසත් මන්නයත් ආරක්ෂා සහිතව නඩු භාණ්ඩ ලෙස තබා ගනිමින් මිනීමරුවා ගෙදර යැවිය යුතුය.
මිනීමරුවා අත් අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන නිසා කියන විටෙක පැමිණ කට උත්තර දෙනවා යයි කියන නිසා අත් අඩංගුවට නොගෙන ගෙදර යැවිය යුතුය.
ටිරාන් අලස් අත් අඩංගුවට නොගන්නැයි ගොං තර්ක ගෙනා රොමේෂ් ද සිල්වා කියන ආකාරය පිලිගෙන හෝ ඊවා සහ රෝහීනී පෝයදා දුන් පොරොන්දුව අනුව හෝ ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීම වළක්වමින් 11 දා වාරණ නියෝගයක් දුන්නොත් ඉහත සිදුවීමද යථාර්ථයක් වනවා නොඅනුමානය.
---------------------------
by (2015-06-03 00:39:30)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි