~

තනතුරින් විසි වෙලා ගියත් සියයට දහයක් ගිලින ඩලස්ගේ මලයා දොස්තර සාරංග අලහප්පෙරුම

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.30, පෙ.ව.11.30) දොස්තර මාෆියාවක් ගැන අසන්නට ලැබෙන මෙකල පරිසරය විනාශ කරමින් පරිසරය සිය ආදායම කර ගත්, අපේ කාලයේ පට්ට දූෂිත දොස්තරයෙක් ගැන වාර්තා වේ. ඔහු පෙර රාජපක්ෂ රෙජීම යුගයේදී මෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද තම ආදායම් දූෂිත ලෙස තර කර ගනිමින් සිටී. හේ නමින් දොස්තර සාරංග අලහප්පෙරුම නමැති මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාය ඩලස් අලහප්පෙරුමගේ බාල මලයා ය.

බස්නාහිර පළාත් සභාවේ ඝණ අපද්‍රව්‍ය අධිකාරියට කොරියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු රෝහල් සායනික අපද්‍රව්‍ය පුළුස්සා දැමීම සඳහා ලබා දුන් යන්ත්‍රය වත්තල ප්‍රදේශයේ ස්ථාපිත කළ අතර පසුගිය රජය කාලයේ එය මධ්‍යම පරිසර අධිකාරිය යටතට පවරා ගන්නා ලද්දේ බස්නාහිර පළාත් සභාව ද මවිතයට පත් කරමිනි.  

එය සිදු වූයේ දොස්තර සාරංග අලහප්පෙරුම යටතේය.  මේ වන විට රෝහල් සායනික අප ද්‍රව්‍ය ටොන් එකක් පිලිස්සීම සඳහා රුපියල් හැට දාහක් අය කරනු ලබන අතර ‍කොරියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙර කී යන්ත්‍රය  වර්තමානයේ බර්න්ස් නමැති පෞද්ගලික ආයතනයකට පවරා ඇත.

බස්නාහිර පළාත් සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියට පවරා ගත් ගිවිසුම අනුව 10% ක අයිතිය පළාත් සභාවේ ඝන අපද්‍රව්‍ය අධිකාරිය සතු විය යුතු නමුත් අද දිනයේද එම 10% යන්නේ එදා අධ්‍යක්ෂ ජෙනරාල් වූ දොස්තර සාරංග අලහප්පෙරුම නමැති කූඨකයා අතට ය.  මෙම 10%  පළාත් සභාව සතු ආදායමක් වන අතර, මෙම ආදායම දැනට මධ්‍යම පරිසර අධිකාරියේත් නැති හිටපු නිලධාරියෙකුගේ සාක්කුවට යාම පුදුමාකාර ජාතික අපරාධයකි. අප කළ විමසීමකදී දැන ගන්නට ලැබුනේ පළාත් සභාවට එම සියයට දහය නොලැබෙන බවයි. එමෙන්ම එය පරිසර අධිකාරියටද ලැබෙන්නේ නැත. 

මෙහි අනෙක් පුදුමයට කාරණය නම් මෙවැනි දූෂණයක් සිදුවන මධ්‍යම පරිසර අධිකාරිය ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා යටතේ වීමයි. යහපාලනයට වින කරන මෙවැනි වුන් නීතිය ඉදිරියට ගෙන යාම ජනාධිපතිවරයාගේ යුතුකමක් වගකීමක් වුවද ඔහු එය කර ඇර සිටින අතර පරිසරය රැක ගැනීම හමුදාවට බාර දෙනවා යැයි වහසි බස් දොඩවයි. හමුදාව සිටින්නේ රටේ භූමිය වෙරළ මුහුද අහස ආදිය රැක ගැනීමට බැවින් අමුතුවෙන් පරිසරය රැක ගැනීමට කියා හමුදාව යෙදවීමට අවශ්‍යතාවයක් නැත. එවැන්නකින් සිදුවන්නේ ගෝඨාභය ලා කළ ආකාරයටම යලිත් හමුදාව සිවිල් කටයුතු වල යෙදවීම මිස අන් කවරක්ද? හමුදාව යෙදවීමට පෙර පරිසර අධිකාරිය සාරංග අලහප්පෙරුම වැනි හිටපු හොරුන්ගෙන් රැක ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය. 

---------------------------
by     (2015-12-30 06:02:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

The claim that Dr. Saranga is the younger brother is a deliberate lie, its 100% true. As such, how can we believe that the aligation is correct?.
-- by R.Sampath on 2015-12-31

Even though the ministry is under President , he can not do all the things because he is busy with "Bra project" these days
-- by kumara on 2016-01-01

his name is angappullige damith saranga.he is not dallas brother.but aligation is correct.
-- by saman on 2016-01-03

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links