(ලංකා ඊ නිව්ස් -2016.මැයි.27, පෙ.ව.6.35) අලි හොරා විනි-සොරා තිළින වින්සන්ට් සුලෝචන ගමගේ හෙවත් තිලින ගමගේ යුක්තියට පයින් ගසා නීතියේ ඇසට වැලි ගසා පදිංචි නිවසින් පලා ගොස් සැඟවී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
නීති විරෝධීව අලියෙකු ලඟ තබා ගැනීමේ වරදට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුගිය 25 වෙනිදා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩියේ) පෙනී සිටින ලෙස තිලින ගමගේ වෙත අධිකරණ නියෝගයක් මෙන්ම සීඅයිඩිය විසින්ද දන්වා තිබිණ. ඒ වන විට 20 වෙනිදා ඔහු අධිකරණ සේවා කොමිසම විසින් අනිවාර්ය නිවාඩු යවා ද තිබිණ.
නමුත් ඔහු 25 වෙනිදා සීඅයිඩිය වෙත නොපැමිණි අතර 24 වෙනිදා රාත්‍රී සිට පදිංචි නිවසින් පලා ගොස් නොදන්නා තැනක සැඟවී තිබේ. 24 වෙනිදා රාත්‍රී ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු වාහන වලින් ඔහුගේ නිවසට පැමිණ සිටි අතර ඉන් එක් අයෙකුගේ රථයක සැඟවී ඔහු නිවසින් පලා ගොස් තිබේ.
25 වෙනිදා සීඅයිඩියේදී ඔහුව අත් අඩංගුවට ගනීවි යැයි සැක කර ඔහු මෙසේ පලා ගොස් ඇත. රජයේ සේවකයෙකු ලෙස අධිකරණ නියෝගයක් නොතකා සිටීම ම මොහුගේ විනිසුරු ධූරය අහෝසි කිරීමට කාරණයක් වනු ඇත.
පොදු දේපොල පණත යටතේ අලිහොරා විනි-සොරා තිලින ගමගේ අත් අඩංගුවට ගත්තද ඔහු පදිංචි අධිකරණ බල ප්‍රදේශය අනුව ඔහු ඉදිරිපත් කළ යුතු අධිකරණය වන්නේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වන අතර එහි ප්‍රධාන විනිසුරු කණිෂ්ක විජේරත්න වෙත ඉදිරිපත් කළ යුතුය. නමුත් කණිෂ්ක විජේරත්න යනු තිලින ගමගේ ගේ අතිජාත මිත්‍රයා ය.
පසුගිය 25 දා Judiciary Institute හි පැවැති බුද්ධිමය දේපොල සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගී වූ කණිෂ්ක විජේරත්න, තිලින ගමගේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ප්‍රසිද්ධියේ පවසා ඇත. පොදු දේපොල පණත යටතේ අත් අඩංගුවට පත් වන අයට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැකි අතර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතු වුවත් විශේෂ කාරණයක් සේ සලකා අවශ්‍ය නම් ඇප ලබා දිය හැකි යයි කණිෂ්ක විජේරත්න පවසා තිබේ. ඒ අලිහොරා උඩුවේ ධම්මාලෝකට අස්ගිරි මහනායක හිමියන්ගේ අවමංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම පිණිස ඇප ලබා දුන්නා සේ තිලින ගමගේ ට ද ඇප ලබා දිය හැකි බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
චුදිත තිලින ගමගේ ගේ අතිජාත මිතුරා කණිෂ්ක විජේරත්නගේ ඉහත ප්‍රකාශය නිසාම තිලින ගමගේ අත් අඩංගුවට පත් වීමෙන් පසු කණිෂ්ක විජේරත්න එම නඩු කර්තව්‍යයෙන් ඉවත්කර තැබිය යුතු යැයි මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. නිවැරදි ක්‍රමය නම් ඔහු විසින්ම නඩුවෙන් ඉවත් වීම වුවද එවැනි සදාචාරයක් කණිෂ්ක විජේරත්නට නොමැති බවද ප්‍රකාශකයා කීය.
මේ අතර ඊයේ(26) රාත්‍රී ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වූයේ නීතියට පිටුපා සැඟවී සිටින අලිහොරා විනිසොරා තිලින ගමගේ සඟවා ගෙන සිටින්නේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ අනුදැනුම මත ඔහුගේ ආරක්ෂාව යටතේ බවයි. මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාද නීතිඥයෙකු වන නමුත් මෙතෙක් කිසිදු නඩුවකට කතා කොට ජය නොලැබූ තැනැත්තෙකි. හිටපු රාජ්‍ය නොවන සංවිධාන පතාකයෙකි. අපකීර්තිමත් අවස්ථාවාදී දේශපාලන ඉතිහාසයක් ඇත්තෙකි. අලිහොරා උඩුවේ ධම්මාලෝකට ඇප ලබා දීම පසුපස සිටියේද ඔහු ය. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය ඔහු දෙස ඇස ගසා ගෙන සිටී.
---------------------------
by (2016-05-27 01:13:05)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි