~

මේ ශත වර්ෂයේ සිදුකළ නීචතම හොරකමේ මහ මොළ කාරයා බේරාගන්න රටේ අධිකරණය මහජනතාවට ‘නීති සර්කස්‘ පෙන්වයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.07, ප.ව‍‍‍‍‍‍‍.11.50) සුනාමියෙන් නිවාස අහිමි වූවන් වෙනුවෙන් නිවාස හදනවා යැයි කියමින් එකදු නිවසක් හෝ නොහදා රජයේ මුදල් කෝටි ගණනක් තම සාක්කුවට දමා ගනිමින් මේ ශත වර්ෂයේ නීචතම හොරකම සිදුකළ නීලකාස හොරෙකු අත් අඩංගුවට ගන්නට එපා යයි ශ්‍රේෂ්ඨාධිකරණයක් කියන්නේ නම් එය ශ්‍රේෂ්ඨ අධිකරණයක් වන්නේ කෙසේද? දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියා කළාපය  නිසාම මේ නීලකාස හොරුන්ට අධි චෝදනා බාර දීමට පවා නොහැකි වී තිබේ. කුප්‍රකට රාඩා හොරකමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට රටේ අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ නීති ගරුක පුරවැසියන්ට ‘නීති සර්කස්‘ පෙන්වද්දී නීලකාස හොරුන්ට නිදැල්ලේ සිය චෞර රංගනයන් පෙන්වීමට ඉඩ සලසා දී ඇත. පසුගිය ජනවාරි 08 වෙනිදා යහපාලනප්‍රේමී ජනතාව දේදුනු විප්ලවයක් කෙළේ මේ නාඩගම් නීති සර්කස් බැලීමට නොවේ. එබැවින් මේ සම්බන්ධ සියළු තතු ජනතාවට හෙලි කිරීම අරභයා මෙම ලිපිය සම්පාදනය කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළේය.

රාඩා හොරකම

මේ පිලිබඳව ප්‍රථමයෙන් පැමිණිල්ල ගොණු කරන ලද්දේ 2015 පෙබරවාරි 28 වෙනිදා ය. එම වසරේම මාර්තු 31 වෙනි සිට පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරිණ. ඒ අනුව මාර්තු 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට B 642/2015 දරණ බී වාර්තාව මගින් කරුණු වාර්තා කරන ලදී

රාඩා ආයතනයේ ආරම්භය

2005 නොවැම්බර් 28 වෙනිදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ තාක් කල් සුබ සාධනය සඳහා තිබූ රජයේ ආයතන ඉවත් කර ඒ වෙනුවට රාඩා ආයතනය ස්ථාපිත කරන ලදී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන්නේ 2005 නොවැම්බර් 19 දා වන අතර 28 දා වන විටම සොරකම් සඳහා වංගු ගැසිය හැකි මෙකී රාඩා ආයතනය පිහිටුවීම සැලකිය යුතුය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නේ එල්ටීටීඊය සමග ගැසූ රහසිගත ගිවිසුමක් අනුව එල්ටීටීඊයට මුදල් දී ඔවුන් ලවා උතුරේ ඡන්ද වර්ජනය කරවා ගැනීමෙනි. එම කපුකමේ ප්‍රධාන චරිතය වූයේ ටිරාන් අලස් ය. ජනාධිපති වූ දින උදයේ ටිරාන් අලස් මහින්ද රාජපක්ෂ හමුවීමට ගිය විට “මල්ලී උඹ තමයි මා දිනෙව්වේ“ කියා ඔහුව බදා ගත්තේ යයි එවක මාධ්‍ය වාර්තා කර තිබිණ. ඒ අනුව ඔහු ජනාධිපති වී දින 10 ක් යෑමටත් පෙර හැදූ රාඩා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරන ලද්දේ ටිරාන් අලස් ය. රාඩා නිලධාරී මණ්ඩලය මෙසේ විය.

1. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා -  ටිරාන් අලස්

අධ්‍යක්ෂ මණ්ඩලය වූයේ
 
2. සාලිය වික්‍රමසූරිය
3. තිලක් අමුණුගම
4. චන්ද්‍ර ප්‍රනාන්දු
5. වී. අබේගුණවර්ධන

රාඩා හොරකමේ ඉතිහාසය.

2005 දෙසැම්බර් 30 වෙනිදා ටිරාන් අලස් සහ සාලිය වික්‍රමසූරිය එල්ටීටීඊ ඡන්ද වර්ජනයේ දී එල්ටීටීඊ පාර්ශවය වෙනුවෙන් කටයුතු කළ එමිල් කාන්තන් නමැත්තා සමග කිලිනොච්චියට ගොස් පූවන්නන් ඉනි අවන් නමැති කිලිනොච්චියේ එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා සමග සාකච්ඡා කරති. ඉන්පසු ඔහුත් සමග ගොස් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ ප්‍රාදේශීය ලේකම්වරු සමග ද සාකච්ඡා කර සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස සෑදීම සඳහා නාම ලේඛන ඉල්ලා තිබේ. එම නම් වලට නිවාස සෑදීම සඳහා කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීම රජයේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව පූවන්නන් ඉනි අවන් නමැති එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයාට සහ ටිරාන් අලස්ට බාර දී තිබේ. 

ටිරාන් අලස් හා එමිල් කාන්තන් නමැත්තා සමග ආනන්ද ශාන්තිකුමාර් නමැති අය හමු වී B & K Holdings නමැති ආයතනයක් පිහිටුවා ගනී. එහි අධ්‍යක්ෂවරුන් ලෙස ආනන්ද ශාන්තිකුමාර් හා ඔහුගේ දරුවන් වන ගජන් කුමාර්, කිෂෝ කුමාර්, සහ බාර්කව් ශාන්තිකුමාර් නමැති අයවලුන් පත් කරන ලදී. මෙම සමාගම 2005 දෙසැම්බර් 27 වෙනිදා සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත.

B & K Holdings නමැති ආයතනය ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලැබ ඇත්තේ ටිරාන් අලස් ගේ අනෙකුත් සමාගම් ලියාපදිංචි කරනු ලැබූ ලේකම් වරුන් විසින්ම ය. එහි නාමය එල්.එම්. මැනේජ්මන්ට් වේ.

2005 දෙසැම්බර් 27 දා ලියාපදිංචි කරනු ලැබූ B & K Holdings ආයතනය දෙසැම්බර් 30 වෙනිදාම කිලිනොච්චියේ පැවැති නිවාස සැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගී කරගෙන තිබේ.

රජයේ ආයතන විසින් කොන්ත්‍රාත් පිරිනමද්දී අනුගමනය කළ යුතු ටෙන්ඩර් ක්‍රියා පටිපාටි කිසිවක් නොතකමින් B & K Holdings ආයතනයට මෙම ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.

B & K Holdings ආයතනය හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක් ආරම්භ කර ඇත.

B & K Holdings නම් සමාගම සමග කොන්ත්‍රාත් කරගෙන යන අතර තුරදීම 2005 දෙසැම්බර් 30 වෙනිදා G S Builder & Consultant නමින් තවත් සමාගමක් ද පිහිටුවීමට කටයුතු කර ඇත. එම සමාගම ලියාපදිංචි කර නැත. නමුත් එහිද හවුල් කරුවන් ලෙස යොදා ගෙන ඇත්තේ පෙර කී ශාන්ති කුමාර් සහ ගජන් කුමාර් දෙදෙනාම ය. 

ඉන් අනතුරුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා උපදේශන සමාගමක් ලෙස කටයුතු කිරීමට මෙකී G S Builder & Consultant සමාගම තෝරා ගෙන ඔවුන්ගෙන් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා සමාගම් 3 ක් නම් කරන ලෙස රාඩා ආයතනය විසින් ඉල්ලා තිබේ. 

අපූරු නාටකය එන්නේ මෙහිදී ය. ඉහත කී ඉදිකිරීම් කටයුතු සඳහා G S Builder & Consultant සමාගම විසින් සමාගම් 3 ක් නම් කිරීමේ දී ඔවුන් තෝරන්නේ B & K Holdings සමාගම සහ තවත් ලියාපදිංචි නොකළ සමාගම් දෙකකි. පසුව B & K Holdings සමාගම නිවාස ඉදිකිරීම සඳහා  තෝරා ගෙන තිබේ. හොරාගේ අම්මාගෙන් පේන ඇහීමටත් එහා ගොස් ටිරාන් අලස් සහ රාඩා ආයතනය විසින් හොරුන්ගෙන්ම පේන ඇසීම සිදුකර තිබෙන බව පැහැදිලිය.   

ටෙන්ඩර් මණ්ඩලයට රජයේ නිලධාරියා වශයෙන් සිටි ඩිල්ස් අබේසූරිය නමැති අය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දී නියමිත රජයේ ටෙන්ඩර් පටිපාටින් අනුගමනය කර නොමැති හෙයින් මෙම ටෙන්ඩරය ප්‍රදානය කළ නොහැකි බවත් අවම මිල ගණන් නිර්දේශ කිරීමට පමණක් හැකි බවත් ය. එම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස සාලිය වික්‍රමසූරිය කටයුතු කළ අතර කෞෂල්‍ය රාජපක්ෂ හා රජයේ නිලධාරියා ලෙස ඩිල්ස් අබේසූරිය ද සෙසු අය ලෙස ක්‍රියා කර තිබේ.

පසුව කිසිවක් නොතකා B & K Holdings නමැති සමාගම මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තෝරා ගෙන ඇති අතර ඔවුන් කිසිදු ඉදිකිරීමක් නොකර රජයෙන් අරමුදල් ලබා ගෙන තිබේ.

රාඩා ආයතනයේ මුදල් අධ්‍යක්ෂ වූ ජයන්ත ඩයස් සමරසිංහ යන අය විසින් වවුචර් සඳහා චෙක්පත් ලබා දී තිබෙන අතර ඒ සඳහා කිසිදු රජයේ මූල්‍ය රෙගුලාසියක් අනුගමනය කර නැත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස 400 ක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් 2006 පෙබරවාරි මස සිට අප්‍රේල් මස දක්වා සිදුකර ඇතැයි සඳහන් කර වවුචර් ඉදිරිපත් කර චෙක්පත් 4 කින් මුදල් ලබා ගැනීමට කටයුතු කර තිබේ. නමුත් ඒ එකදු නිවසක් හෝ ඉදි කිරීමට පස් පිඩැල්ලක් හෝ කපා නැත.

මෙවැනිම තවත් ව්‍යාජ සමාගමක් පිහිටුවා තිබේ. ඒ මඩකලපුවේ නිවාස හැදීම සඳහා යැයි කියමිනි. එහි නම Everest Civil Engineering වේ.  එය බස්නාහිර පළාත් සභාවේ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති අතර එම දිනය වන්නේ 2006 පෙබරවාරි 23 දා ය. එහි හවුල්කරුවන් වන්නේ කන්දසාමි සෝතිරාජන් සහ කරුපයියා සසිකුමාර ය. මේ දෙදෙනාම එල්ටීටීඊ සාමාජිකයන් වන අතර ඔවුන් වවුනියාවේ පදිංචිව සිටි එමිල් කාන්තන් ගේ පාසැල් මිතුරන් වෙති.

මෙකී Everest Civil Engineering සමාගමට ද හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක් තිබී ඇත.

ඉහත ආකාරයටම මෙම එවරස්ට් සමාගමටද රජයේ ටෙන්ඩර් පටිපාටි කිසිවක් අනුගමනය නොකරමින් මඩකලපුවේ නිවාස 400 ක් හැදීමට කියා ටෙන්ඩරයක් ප්‍රදානය කර තිබේ. ඔවුන්ද එකදු නිවසක් හෝ නොහදා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර චෙක් පත් 9 කින් රු.මිලියන 125 ක පමණ මුදලක් ලබාගෙන තිබේ.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම්ලාගේ අත්සන් සහ නිර්දේශ ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ටිරාන් අලස්ගේ දේශපාලන බලවත් කම් නිසා සහ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට ඇති බිය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අදාල අත්සන් සහ නිර්දේශ ලබා දීමට කටයුතු කළේ යැයි එම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පොලිසියට ලබා දුන් කට උත්තර වල දැක්වේ. 

2006 ජුනි මාසය වෙද්දී කිසිදු ඉදි කිරීමක් සිදුකර නොමැති බවත් රජයේ දේපොල හා රජයේ මුදල් අවභාවිත කර ඇති බවත් කියමින් රාඩා ආයතනයට චෝදනා එල්ල වී ඇති අතර චෝදනා නැගෙද්දී සාලිය වික්‍රමසූරිය රාඩා ආයතනයෙන් ඉවත් වී වරාය අධිකාරියේ සභාපති ධූරය ලබා ගෙන තිබේ.

පසුව චන්ද්‍ර ප්‍රනාන්දු විසින් Everest Civil Engineering සමාගම සමග සාකච්ඡා කර 2006 සැප්තැම්බර් 23 දා ඔවුන් සමග එතෙක් තිබූ ගිවිසුම් අවසන් කිරීමට කටයුතු කර තිබේ. එම අවසන් කිරීමේ ගිවිසුමට අත්සන් කර ඇත්තේ සාලිය වික්‍රමසූරිය, ජයන්ත ඩයස් සහ ගජන් කුමාරන් නමැති අය පමණක් වන අතර අනෙක් තිදෙනා සඳහා යොදා ඇත්තේ ව්‍යාජ අත්සන් වේ.

නඩු අහන්නත් කලින් හොරා වරදක් කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොපෙනෙන්නේ ලු

ටිරාන් අලස් විසින් මෙලෙස අමු අමුවේ මහ දවාලේ සිදුකරන මේ හොරකමේ මුළු වටිනාකම රු. මිලියන 650 ක් හෙවත් රුපියල් කෝටි 65 ක් පමණ වෙතැයි මේ වන විට හෙලිදරව් වී තිබේ. මෙය මේ ශත වර්ෂයේ සිදුකළ නීලකාසම හොරකම වූ රාඩා හොරකම ගැන සරල සහ කෙටි විස්තරයකි. මෙම හොරකමේ සැබෑ ජුගුප්සාජනක දේ නම් එල්ටීටීඊය සමග යුද්ධ කරමින් ඔවුන් සමගම එක් වී රජයේ ආයතනයක්ම රජයේ මුදල් කෝටි ගණන් සොරකම් කිරීමයි. මේ අවධියේදී ටිරාන් අලස් තම මාධ්‍ය ආයතනයද ආරම්භ කෙළේය. එහිදී සාමාන්‍යයෙන් පුවත් පතක් ආරම්භ කිරීමට යන වියදම හා සමාන මුදලක් එහි ආරම්භක උත්සවය සඳහා ඔහු වියදම් කෙළේ බොහෝ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමිනි. පුදුම වීමට දෙයක් නැත. එදා ඔහු වියදම් කර ඇත්තේ රජයෙන් හොරකම් කරන ලද මුදල් වලින් සොච්චමකි. 

මේ තරම් නීල කාස හොරෙක් සම්බන්ධයෙන් 2015 සැප්තැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙමින් කියා සිටින්නේ ටිරාන් අලස් වරදක් කළා යැයි නොපෙනෙන නිසා ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙසයි. පුදුමයි ඒත් ඇත්තයි..! ශ්‍රේෂ්ඨාධිකරණය එසේ කියන්නේ හොරා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි. මෙයද විහිළු සහගත තත්ත්වයකි. පහළ අධිකරණයකින් මේ තරම් විශාල හොරකමක් ගැන විභාග කෙරෙද්දී හොරාට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? මේ ආකාරයට රටේ ඕනෑම හොරෙකුට මිනීමරුවෙකුට තමාට එරෙහිව පහල අධිකරණයේ නඩුවක් විභාග වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර අත් අඩංගුවට ගැනීමෙන් සහ දඬුවම් ලැබීමෙන් වැළැකී සිටිය හැකි වනු ඇත. 

රාඩා හොරකමේ මහ මොළ කරු ටිරාන් අලස් බේරා ගැනීමට රටේ අධිකරණය ජනතාවට පෙන්වන නීති සර්කස් එක මෙසේය

අධි චෝදනා ලබා දීම

2016 අගෝස්තු 23 වෙනිදා කොළඹ මහාධිකරණයේ අංක 05 අධිකරණයේදී අංක 8377/16 දරණ නඩුව ගොණු කර චුදිතයන් වූ ටිරාන් අලස් ඇතුළු පිරිසට අධි චෝදනා පත්‍ර ලබා දීමට කටයුතු කර තිබේ. එහි විත්තිකරුවන් වූයේ
ටිරාන් අලස්
එමිල් කාන්තන්
සාලිය වික්‍රමසූරිය
ජයන්ත ඩයස් සමරසිංහ
යන අයවලුන් ය.

එදින විත්තිකරුවන් අධි චෝදනා බාර ගන්නේ නැත.

ඔවුන් දන්වා සිටියේ 2015 සැප්තැම්බර් 02 දා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව ටිරාන් අලස්ට එරෙහිව වරදක් නොපෙනෙන බව පවසා ඇති නිසා ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ලබා දී ඇති බැවින් මහාධිකරණයේදී වරදක් කළ බවට අධි චෝදනා ලබා දීම පිළිගත නොහැකි බවයි. නැවත ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව කැඳවන බැවින් එහි නියමය අනුව කටයුතු කරන ලෙස විත්තිකරුවන් ඉල්ලා සිටියහ.

නමුත් 2015 අප්‍රේල් 06 වෙනිදා ශාන්ති කුමාර්, ගජන් කුමාර්, දෙදෙනා අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ප්‍රධාන සැකකරු ටිරාන් අලස් බව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 2015 අප්‍රේල් 07 වෙනිදා සිට 2015 මැයි 19 වෙනිදා දක්වා ටිරාන් අලස්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා සිටි අතර 2015 මැයි 19 වෙනිදා ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් දුන් නමුත් ඔහුව අත් අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නොතීසි ලැබිණ. 

2015 මැයි 27 දින අධිකරණයේ කරුණු දක්වන ලද බවත්, 2015 අගෝස්තු 05 වෙනිදා ලිඛිත දේශණ බාර දුන් බවත් කියමින්  2015 සැප්තැම්බර් 02 දා අගවිනිසුරු තුමා, ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙමින් ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීම වලක්වන ලදී

ඉන්පසු 2016 අගෝස්තු 23 දා නැවතත් මහාධිකරණයේ නඩුව කැඳවන ලද අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නොමැති බැවින් 2016 අගෝස්තු 29 වෙනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව අධි චෝදනා පත්‍ර බාර ගැනීමට කටයුතු කරන බව ටිරාන් අලස් ඇතුළු විත්තියේ පාර්ශවය දන්වන ලදී.

ඉන්පසු 2016 අගෝස්තු 29 වෙනිදා ශ්‍රේෂඨාධිකරණය දක්වා ඇත්තේ 2016 ඔක්තෝම්බර් 05 වෙනිදා නියෝගය ලබා දෙන බවය. ඒ අනුව මහාධිකරණය 2016 ඔක්තෝම්බර් 06 වෙනිදා මහාධිකරණයේ නඩුව ඇසීමට නියෝග කළේය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝම්බර් 05 වෙනිදා නඩුව ඔක්තෝම්බර් 10 වෙනිදාට කල් තැබුවා මිස නියෝගයක් දුන්නේ නැත.  

ඉන්පසු ඔක්තෝම්බර් 06 වෙනිදා මහාධිකරණයේ දී විත්තිකාර ටිරාන් අලස් සහ චෞර රැල තර්ක කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය අනුව අධිචෝදනා ඉදිරිපත් කිරීමට මහාධිකරණයට හැකියාවක් නැති බවයි. යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාගයට ගැනෙන්නේ ලබන ඔක්තෝම්බර් 10 වෙනි දාය. ඒ අනුව මහාධිකරණය විසින් යලිත් නඩුව 2016 නොවැම්බර් 2 වෙනිදාට කල් තබන ලදී.

ඉහත අවසන් වාරයේදී එනම් ඔක්තෝම්බර් 05 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නීති ගරුක මහජනතාවට කොකා පෙන්වා තිබේ. එනම් ඔක්තෝම්බර් 05 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නඩු ගොණුව 403 දරණ අධිකරණයේ තිබී ඇත. එහි විනිසුරුවරිය වූයේ ඊවා වනසුන්දර ය. එදින අගවිනිසුරු තුමා අසුන්ගෙන තිබුනේ 502 අධිකරණයේ ය. ඊවා වනසුන්දර කියා සිටියේ අගවිනිසුරු තුමා නියෝගය ලබා දීමට නියමිත බවත් එතුමා වෙනත් අධිකරණයක සිටීම නිසා නඩුව ඔක්තෝම්බර් 10 වෙනිදිනට කල් තබන බවයි.   

මේ අධිකරණ දෙක විසින් රටේ නීති ගරුක මහජනතාවට පෙන්වන මෙකී නීති සර්කස් එක මේ ආකාරයට තව ඕනෑම තරම් කාලයක් ඇදිය හැකිය.

මෙම නඩුවේ ඇදිල්ල රබර් පරදනු ඇත. 

මෙම නඩුව විභාග වූ පහත දැක්වෙන ආකාරය  නිරීක්ෂනය කළ විට ඒ බව මනාව පැහැදිලිය.

ටිරාන් අලස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අංක SC FR 171/2015 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේ කැඳවීම් මෙසේය

2015 මැයි 27 - මුල්වරට ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවන ලදී පෙත්සමේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට දින ලබා දෙන ලදී 2015 ජුනි 11 වෙනිදිනට කල් තබන ලදී

2015 ජුනි 11 - කැඳවන ලදී 2015 ජුනි 29 දිනට කල් තබන ලදී
2015 ජුනි 29 - කැඳවන ලදී 2015 ජුලි 06 දිනට  කල් තබන ලදී
2015 ජුලි 06 - කැඳවන ලදී 2015 ජුලි 10 දිනට කල් තබන ලදී
2015 ජුලි 10 - කැඳවන ලදී 2015 ජුලි 27 දිනට කල් තබන ලදී
2015 ජුලි 27 - කැඳවන ලදී 2015 ජුලි 28 දිනට කල් තබන ලදී
2015 ජුලි 28 - කැඳවන ලදී 2015 ජුලි 30 දිනට කල් තබන ලදී
2015 ජුලි 30 - කැඳවන ලදී 2015 අගෝ 05 දිනට කල් තබන ලදී
2015 අගෝ 08 - කැඳවන ලදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත දේශන පරීක්ෂා කර දිනයක් ලබා දෙන බව සඳහන් කරන ලද අතර දිනයක් නියම කෙළේ නැත.
2015 සැප් 02 - අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. පවතින තත්ත්වය යටතේ පෙත්සම් කරු අත් අඩංගුවට ගැනීම වලක්වාලමින් එකී නියෝගය නිකුත් කළේය.
2015 නොවැ 19 - කැඳවන ලදී සලකා බලනවා කියා 2016 ජන 22 දිනට කල් තබන ලදී
2016 ජන 22 - කැඳවන ලදී 2016 මාර්තු 30 දිනට කල් තබන ලදී
2016 මාර්තු 30 - කැඳවන ලදී 2016 අගෝ 09 දිනට කල් තබන ලදී
2016 අගෝ 09 - කැඳවන ලදී 2016 සැප් 28 දිනට කල් තබන ලදී
2016 සැප් 28 - කැඳවන ලදී 2016 ඔක් 05 දිනට කල් තබන ලදී
2016 ඔක් 05 - කැඳවන ලදී 2016 ඔක් 10 දිනට කල් තබන ලදී

රබර් පරදන ඇදිල්ලේ තරම එසේය

මේ මහා හොරකමේ අනෙකුත් සැකකරුවන් වන 
1. ශාන්තිකුමාර් ගජන් කුමාර්
2. ආනන්දි ශාන්ති කුමාර්
3. කන්දසාමි සෝදිරාජා
4. රොහාන් සාලිය අබේසිංහ වීර වික්‍රමසූරිය
5. පොන්මුඩී ශ්‍රී හර සුදන්
6. ජයන්ත ඩයස් සමරසිංහ

යන අයවලුන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කර තිබේ. නමුත් ටිරාන් අලස් නමැති ප්‍රධාන සැකකරුවා පමණක් අත් අඩංගුවට ගැනීමෙන් බේරා ගැනීම සඳහා පමණක් නොව මේ වන විට අධි චෝදනා බාර දීමෙන් පවා බේරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කර තිබෙන ආකාරය ගැන රටක නීති ගරුක පුරවැසියන්ට කිසි සේත්ම සතුටු විය නොහැකිය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලැජ්ජා විය යුතුය.  


-අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තා ඇසුරින් වාර්තා කෙළේ-

ලංකා ඊ නිව්ස් විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

---------------------------
by     (2016-10-08 00:00:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  11 discussion on this news

Siri-Hulang, [pambeyaa], E vaa, Rohini, maru badu 3. patta horu. poththa rathu nisaa huxxa Sarath ta deela scholarships hadagana America gihin, thesis eka liwwe eyaage F.N.D Jayasooriya judge,[late FND] lankawe indan, liyala americawata yawwa. onna Rohini LLM eka gaththa hati. E vaa MaRa ge pandam baduwak. ratama dannawa. AGs department eke indan supreme usaaviyata udin pathwechcha maru baduwak, Siri-hulang gena kathaa mokatada. Ali horaa Thilina Gamage Land Reclamation Commision eke Director [MaRa appointment] kenek welaa iddi hora ta Land ekak aragana sadde wahala kata puka , piyagana ponneya wage boruwata inna thawath horek vitharai. MUNDA YAKO APE RATA WANASANA HORUNGE NADU AHANNE. NODAKIN APE ADHIKARANAE. Hampers gaththu nadukaarayo 74 k innawalu MaRa gen. FCID eke deepu katauththara wala eliyata aawa sakki mewwa. vihilu neme. MaRa gen hampers gaththu nadukaarayo gode me 3 denaa hitiye naththan, ammapalla heta Ira payanne Basnahirin. Yako Sirisena, suddakaranawa halo thamunnehege adhikarane... Janathaawa parata bahela Yahapalane athugala daana dine wedi aathaka naa. hondata mathaka thiyaganna. NO POLITICS HERE. THESE ARE PEOPLE WHO VOTED YOU . Remember.....well.... daala yanawa halo.
-- by Gon-Voters on 2016-10-08

MaRa gen hampers gaththu nadukaarayo 74 k denaa gena pasugiya daa FCID eke evidence eliyata aawa. LEN please investigate into the names of those 74 judges. they should be sacked and prosecuted. Yahapalaana My3, korala pennapan umba dunnu talks dinanda kalin minissunta. hora thakkadinta rata palanaya karanna deela ponnayek wage balagana inne natuwa. ratama iwarai booruwo. tho budida.
-- by Vote Karapu Gonek on 2016-10-08

Dear LeN, please investigate into this. Please publish the names of those (it says 74) judges for the sake of protecting the dignity of fearless, honest, unblemished,hardworking,efficient, and independent judges in Sr Sri Lanka judiciary. Because there are judges in that caliber who administer justice even if the heavens fall. For those, this is a very sad, unreasonable and unfortunate state of affairs and also a grave injustice when the whole of the judiciary is blocked in this manner. So for the sake of protecting the judiciary please reveal the names. And they must be punished after prosecution irrespective of their class, of course if they are found guilty. Thank you. S.S.S
-- by People's Voice on 2016-10-08

'Wetath Niyarath goyam kaanam kaata kiyamuda ey amaruwa'.
-- by suri on 2016-10-08

me liipiya kiyawana apata sithenne, me rate adhikaranaya ta hena 7 ma wediyan kiyala vitharai. me tharam vishaala danaskandayak gasaakaapu naduwak gena policiyata, cid ekata vimarshana karanna baa kiyala yako HORA NADU KAARAYANTA arennda, swaadeena nadukaara warunta kisidaa nohakiya. eheth, Sri Pawan, Rohini, Evaa, amu heluwellen samastha adhikara paddathiyama, samastha nadukaara waru siyallama paawaadee hamaaraya. yako, policiya allagana ena kisima sulu/barapathala horakam, dooshana naduwaka seka kaayakuta viruddawa kisima neethimaya piyawarak ganne kohomada rate udama usaaviye vihilu kaara nadu kaarayo huththe theendu deddi mehema. > ratama iwarai.
-- by MaruSira on 2016-10-08

ආනන්දි ශාන්ති කුමාර් kiyanne ara holiday Inn hitel eke ditector kenek wela inna ekaada?wu pala waththa sugar ekenuth hodata gasa kaala dan koti pathiyek wela inne.issara sanath gunathilaka haraha chandrika nonawa allagena wuge nadu tika iwara kara gaththa.mama hitannema mae ආනන්දි ශාන්ති කුමාර් kiyanne wuumayi kiyalayi.patta horek.muta nodena daduwam walin athi wade mokakda?
-- by tikiri banda on 2016-10-08

MaRa gen hampers gaththu Judges la 74 denaa thawamath adhikarana sewaye sitinawa wennata puluwana. karunaakara hampers gaththu nadukaarawarun/ wariyan thawamath adhikarana sewaye sitinne nam, nambuwa thabaagana wahaama sewayen illa assvanna.. nethinam, adhikarana sewaya thulimma peminillak idiripath kota vimarshanayak illaa, wagakiwayuthu hora-nadukarayanta viruddawa neethimaya piyawara gannaa dinaya wedi aathaka netha.
-- by Pamapers on 2016-10-08

menna Prasanna Vithanage laata film gahanna subjects gahanawanam. menna mewwai geniyanna o ne international forums walata. mulu loketama pennanna rate ihalama adhikarane inna hora thakkadi nadu kaarayo korana magadi weda. Lenin Ratnayaka thaniyama uge walkamata gaaniyek ekka budiyapu case ekak film ekakata gahana eka newe.
-- by Pam-Mila on 2016-10-08

Hora nadukaarayan vimarshanayak kara gedara yawana lesa illa Judicial Service Association eka [JSA] JSC eken illana paatak da netha. JSA ekata kondak thibe nam kalayuththe eyai. Edaa kea-mora dun puswedili dan kata-puka wahagana sitithi. Shirani bandaranayaka CJ ta doshabiyoga genena vita keagasoo JSA eka, MaRa ta kade gos, Basil ta kade gos , MaRa annduwata kade gos, Court of appeal/ Supreme Court ekata nadukaarayan lesa pathvunu ekeku gedara yawana lesa illanne netha. Ponna JSA ekath ekai JSC ekath ekai.
-- by Aruna on 2016-10-08

ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්ද මහාධිකරණයේදී නීතිපති ඉදිරිපත් කරන අධිචෝදන පත්‍රයක් බලරහිත කරන්න....
-- by neela on 2016-10-08

අධිකරණ දුමින්ද සිල්වලා කිසිදු වරදක් කර නැතැයි ‘ටින්කරින් බාස් තීන්දුව‘ ලීවේ නඩුව ඇහුවේවත් නැති වෙනත් විනි-සොරෙක්: කුමන්ත්‍රණය සැලසුම් කෙළේ ගෝඨාගේ නිවසේ දී මහ දවාලේ වෘත්තීය පරදාර සේවනයේ යොදවන මහාධිකරණයේ තවත් හඩුකාරියක්..! අනේ මෙහෙව් මහාධිකරණ හඩුකාරයෝ..! රතුපස්වල මරා දැමූ ඥාතීන් අනුස්මරණයට බාධා කළ කවීන්ද්‍රා නානායක්කාර නීතිපතිටත් අපහාස කරලා: මෘග විනිසුරු බඩුවට දඬුවම් දෙනු..! ‘විනිශ්චය ආසනයේ සිට ගැසූ අසූචි බෑගය පංකාවේ වදී‘ - Contempt of Court -අපහාස කිරීමට අධිකරණයක් තව ඉතිරිව තිබේද? චෝදනා 5 යි..! ගංගොඩවිල නඩුකාරයා කණිෂ්කට එරෙහිව වහාම පරීක්ෂණක් පවත්වන්න..!! ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුගෙන් ලිඛිතව ඉල්ලයි..!!! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය ‘අලි හොරුන් කොරහේ නෑවීම‘ දෙවන කොටස හෙවත් පිලපිටිය බිඳ දැමූ ‘මහජන විශ්වාසය‘: අපූරු අලිහොරා ‘වින්සන්ට් මහත්තයා‘..! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පිලපිටිය අලි හොරුන් කොරහේ නාවයි.! විජේදාස, පිලපිටිය, පමිල, පූජිත, හෙට්ටිආරච්චි ‘අලිහොරා-විනිසොරා‘ බේරාගැනීමේ කුමන්ත්‍රණය හෙලිවේ අවසානයේ නීතියේ ආධිපත්‍යය ජයගත්තේය: පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව නීතිපති නඩු පවරයි: සරත් ආබෘෘට එරෙහිව ස්ත්‍රීදූෂණය ඇතුලු නඩු දෙකක් මහජන මුදල් කෝටි 60 ක් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවෙන් ලිස්සයි: කුසලා විනිසුරුවරිය ‘ලලිත් අංකල්‘ බේරලා: පොලිස්පති උදව් කරලා මහ මැතිවරණ උණුසුමට මුවා වී යුක්තියේ දෙවඟන දූෂණය කරලා..! නව යහපාලන පාර්ලිමේන්තුවට අභියෝගයක්..!! “එයා ඕල්ඩ් තෝමියන් කෙනෙක්, එයාගේ බිරිඳටත් පිස්සු දරුවාටත් පිස්සු, ඒ නිසා අනුකම්පා කරලා එයාට දඬුවම් නොදී ස්ත්‍රී දූෂන කරන්න ඉඩ දෙමු..!“ -ජනාධිපති අවනීතිඥවරු හැත්තක් සරත් ආබෘෘ විනි-සොරා බේරාගන්න නීතිපති හමුවේ නීතියේ ආධිපත්‍යය ලද ජයක්..! ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු පිරිසට එදා හම්බන්තොට නගරාධිපති එරාජ් එල්ල කළ ප්‍රහාරය යලි හරියට විමර්ශනය කර අලුතින් නඩු දාන්න -මහේස්ත්‍රාත් තීරණයක් විනිසුරු මාෆියාව සහ නීතිපති මාෆියාව එක්වී ස්ත්‍රී දූෂක විනි-සොරා සරත් ආබෘෘ බේරා ගනී..! ගල්කිස්ස මහේස්ත්‍රාත් සහබ්දීන් අමු අමුවේ නීතිය උල්ලංඝනය කරයි වාස් ගුණවර්ධන නිදහස් කර තක්කඩි නඩු තීන්දුවක් ලබා දීමට යයි: සීඅයිඩිය, නීතිපති කාර්යාලය සහ නීතිඥ සංගමය කණස්සල්ලෙන්: වරද නිවැරදි කිරීමට අගවිනිසුරුට තවමත් ඉඩ නැගී එන අපරාධ මැඩලීම කාර්යක්‍ෂම පොලිස් ක‍්‍රමයක් මගින් සිදුකළ යුතු මිස මරණ දඬුවම පැනවීම පිළිතුර නොවේ -ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ඇමති විජේදාසට පිළිතුරක් “ශිරානිට දොර අරින්න බෑ‘ යි ලේඛකාධිකාරි කී විට ‘එහෙනම් දොර කඩනවා‘යි මාර්ෂල්වරයා කියලා“ -මරාධිකරණයක්ව තිබූ ලංකාවේ අධිකරණය යලි දෙපයින් සිටුවීමේ දින තුනේ විප්ලවය පච පීරිස්ගේ ටිකට් එක කැපෙද්දී ඔහුගේ සුරතලිය ශිරාණි බූරාන්ගේ ටිකට් එකත් කැපිලා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ මහා කලු පැල්ලම සුද්ද කළ හැටි : අගමැති රනිල් මොහාන් පීරිස් ගැන පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය අගවිනි-සොරා එළවා දැමීමේ නොනවතින සටන අද ඇරඹේ: පුළුල් ජනතා සහාය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනි-සොරා වර්ජනය කිරීමට ඒකමතිකව තීන්දු කරයි: අගවිනි-සොරාගේ ආරක්ෂක භටයන් අඩු කරයි ඉල්ලා අස්වීමට නම් බ්‍රසීලයේ හෝ ඉතාලියේ තානාපතිකම දෙන්න -අගවිනි-සොරාගේ කොන්දේසිය ජනාධිපති ඉවත දමයි: ඉවසීම පරීක්ෂා නොකර වහාම අස්වෙන්න: රජය දන්වයි කුමන්ත්‍රණකාර අගවිනි-සොරාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි: තමා 9 දා පාන්දර අරලියගහ මැදුරේ සිටි බව පිළිගනී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළ අගවිනි-සොරා හෙට නඩු අහන්න වාඩි වුනොත් ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන් වර්ජනයට සූදානම් : අත් අඩංගුවට ගැනීම 20 ? ඇප දෙන්නත් බැරි වරදක් ‘මහින්දට තුන්වෙනි වර පුළුවන්ද?‘ නොවේ ‘මෙ‍හෙමත් නඩු අහන්න පුළුවන්ද?‘ - ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා සමග තනිව හොර රහසේ මහින්දගේ නඩුව අහලා මහාධිකරණ විනිසුරුවන් 75 ට සහ පවුල්වල අයට මරාගෙන් දින 3 ක 'සැපක්': චුදිතයන්ගෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් විනිසුරුවන්ට දේශන ශ්‍රී ලංකාවේ ඕනෑම නඩුවක තීන්දු වෙනස් කරවන පස් දෙනාගේ ගැන්සිය මෙන්න මීගමුව මහාධිකරණ විනි-සොරා ගෆූර් අභියාචනාධිකරණ විනිසුරු දිවුරුමට පෙරදා කුඩු නඩුවකින් රුපියල් කෝටි එක හමාරක් පගාව අරන්: පගාවෙන් ගානක් රාජපක්ෂලාට නෙැලබීම නිසා දිවුරුම නවතා හරවා යවලා තවත් පට්ට දූෂිතයෙක් අභියාචනාධිකරණ විනි-සොරෙක් ලෙස පත් කෙරේ: ඩිලිප් නවාස්ගේ පට්ටන්දරේ මෙන්න නාඳුනන දෙදෙනෙක් පැමිණ නාමල් රාජපක්ෂගේ බඩට කිනිස්සක් තබා තර්ජනය කරලා..! සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වෙයි: මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය විනි-සොරාට ඇන්ද බැසිල්ගේ හිටපු ලේකම් අතට. ----- Thawa wena monawada..? mewwa serama weddi Yahapalane keruwe mokadda thaamath..?
-- by Kujeetha-Voters on 2016-10-12

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links