~

රාජපක්ෂලා පුම්බන්න ආරම්භ කළ ‘ඉරිදා‘ පත්තරය හොරෙන්ම වසා දමා ලොක්කෝ පැන ගිහින්: සාරංග අලහප්පෙරුමගේ අනඟ රැඟුම් සහ මොහාන් සමරනායකගේ කුප්ප වැඩේ

(ලංකා ඊ නිව්ස් -2017.ජන.10, ප.ව.11.45) විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් නමින් හෝකන්දර උතුර, අතුරුගිරිය පාර, අංක 388/ඒ, ලිපිනයේ රාජපක්ෂලා පිම්බීම සඳහා පවත්වාගෙන ගිය “ඉරිදා” පුවත්පතේ කාර්යාලය සේවකයින්ට නොදන්වා වසා දමා ඇත. එහි සේවකයින්ට නොවැම්බර් මස සිට වැටුප් ද නොගෙවමින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් පාලන අධිකාරිය විසින් විවිධ තර්ජන ගර්ජන කරමින් සිටි බවත් තවත් සේවකයන් රැසකට අඩුවෙන් ගෙවන ලද හිඟ වැටුප් ද ගෙවා නැති බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

2016 අප්‍රේල් 01 වන දින සිට ස්ථිර සේවකයින් ලෙස සේවයට බඳවාගත් සේවකයින්ට සහ අනතුරුව බඳවාගත් සේවකයන්ට මේ වනතුරු පැහැදිලි පත්වීමේ ලිපියක්වත් නිකුත් නොකරමින් සේවයේ යොදවා ගෙන ඇති විජිත පබ්ලිකේෂන් පාලකයෝ මේ වනවිට සේවක දඩයමක් සහ මර්දනයක් ද ක්‍රියාවට නගමින් සිටිති.

මාධ්‍යවේදීන් ලෙස සේවය කළ ඇතැමෙක් පාලන අධිකාරිය විසින් මෙල්ල කර ගනිමින් හොරිකඩයින් බවට පත් කැරගෙන සිටින අතර, තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සේවකයින් කිහිපදෙනෙක් මේවන විට අතුරුගිරිය පොලීසියේ පැමිණිලි ඉදිරිපත්කරමින් තම වැටුප් ගෙවන ලෙස කරන ඉල්ලීම හා තම ජීවිතයට ඇති තර්ජනය නීතිය ඉදිරියට ගෙන ගොස් ඇත.
 
කෙසේ වෙතත්, මෙම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා වූ මොහාන් සමරනායක ද මේවන විට අතුරුදන්ව සිටින අතර සේවක ඉල්ලීම් සහ වැටුප් පිළිබඳව ඔහු කිසිදු මැදිහත්වීමක් සිදුකර නැත.
 
2017 ජනවාරි 02 වන දා සිට සේවකයින්ට වැඩට පැමිණෙන ලෙස එහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සාරංග අලහප්පෙරුම නැමැත්තා දැනුම් දී තිබුණු අතර, සේවකයින් පැමිණෙන විට කාර්යාලය පිටතින් දොරගුලු හා දම්වැල් ඉබි යතුරු දමා එහි කිසිවෙකුත් රැඳී නොසිටි බව ද වාර්තාවෙයි.
 
මෙකී සාරංග අලහප්පෙරුම වෛද්‍යවරයෙකු ලෙස තලංගම රෝහලේ සේවය කරන අතරතුර ඉරිදා පුවත්පත ප්‍රකාශයට පත් කළ විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද නීති විරෝධීව කටයුතු කළ අයෙකි. සාරංග අලහප්පෙරුම ගේ නොමනා හැසිරීම් කලක සිට ආයතනය තුල ඉහවහා ගොස් තුබුණු අතර, සැප්තැම්බර් මාසයේ මොහු විසින් සේවයෙන් පහ කරන ලද 15 දෙනෙකුගේ කණ්ඩායමක් මේවන විටත් අතුරුගිරිය පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඊට අමතරව ජනවාරි 03 වන දා සිට ජනවාරි 07 දක්වා තවත් 8 දෙනෙක් අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ මාස 3ක හිඟ වැටුප් ඉල්ලා සහ රැකියාවෙන් ඉවත් කරන්නේ නම් නිසි පරිදි වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ජූලි මාසයේ ද සේවකයින් 12 දෙනෙක් සේවය හැර ගිය අතර, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සාරංග අලහප්පෙරුම විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත්වෙමින් සහ එම තනතුර සේවකයින්ට හඳුන්වා දෙමින්, ඔහුගේ සහෝදරයෙක් වන විදුලි සංදේශ ඉංජිනේරුවෙක් ද වන, අංක 395/2 බී, වේරහැර, බොරලැස්ගමුව පදිංචි, ඉන්දික පරාක්‍රම අලහප්පෙරුම විසින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ කොටස් මිල දී ගන්නේ 2016 ජූලි මස 31 වන දින ය.

ඉන් අනතුරුව සාරංග අලහප්පෙරුම විසින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් ආයතනයේ හිතුවක්කාරී සහ අනංග පාලනයක් ගෙන ගිය අතර, ඔහුට නොරිස්සූ සියලු සේවකයින්ට පහත් ලෙස සලකමින් ද, පරිභව කරමින්ද සේවයෙන් පහ කරමින් ද කටයුතු කළේ ය. මේ තත්ත්වය තුල සේවයේ යෙදීමට අපහසු වූ බෙදාහැරීම් කළමනාකරු ලෙස සේවය කළ සුනිල් සෙන්දනායක සහ සේවකයින් 14 දෙනෙක් විරෝධය පළ කරමින් සිටියේ ය. ඔවුන් ද එක් දිනක් තුල කිසිදු කරුණු විමසීමකින් තොරව සේවයෙන් පහ කිරීමට සාරංග අලහප්පෙරුම පියවර ගත්තේ ය. මෙම තත්ත්වයට ආසන්නම හේතුව සාරංග ගේ කාර්යාලයීය අනංග රංගන බව තතු දත්තෝ පවසති. 

ඉන් පසුව 2016 නොවැම්බර් මස සිට තවත් ආයෝජකයෙක් සොයමින් සිටි සාරංග අලහප්පෙරුම හිටි අඩියේ මෙම පුවත්පත් කාර්යාලය වසා දැමීමෙන් සේවකයින් 50 කට අධික පිරිසක් අනාථභාවයට පත්ව සිටිති. සාරංග අලහප්පෙරුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉතා සමීප බව වරක් ප්‍රකට කරමින් සේවකයින්ට තග දැමීමට ක්‍රියා කොට ඇති අතර, තවත් වරෙක මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සමීපතමයෙක් බව අඟවමින්ද සේවක මර්දනයට වහසිබස් දොඩවා ඇත. මෛත්‍රීපාලගේ නිදන කාමරයට වුවත් තමාට ඕනෑම අවස්ථාවක යාමට හැකියාව ඇති බවත් වැඩිය දඟලන්නට ආවොත් වෙඩි තබා දමන බවටත් “ඉරිදා” කාර්යාලය තුල දීම වහසි බස් දොඩවා ඇති සාරංග අලහප්පෙරුම වෛද්‍ය වෘත්තියට නොගැලපෙන අෂික්ශිත භාෂාවෙන් ද සේවකයින්ට බැන වැදී ඇත.
 
තවද, පාදුක්ක පිහිටි විජිත සමූහ ව්‍යාපාරයන්ගේ හිමිකරුවන් මැර ක්‍රියාවන්ට උපන් හපනුන් බවත්, එහි විධායක නිලධාරී ලෙස කටයුතු කරන එම්. ශ්‍රීනික නිමේන්ද්‍ර නැමැත්තා එම ව්‍යාපාර වෙනුවෙන් මැර බලය පාවිච්චි කරන ආකාරයට “ඉරිදා” මාධ්‍ය ආයතනයේ ද සේවක මර්දනයට තමා ඔවුන්ගේ සහාය ලබා ගන්නා බවටත් සාරංග කිහිප විටක් ප්‍රකාශ කර ඇත. සාරංග අලහප්පෙරුම නීත්‍යනුකූල ව විවාහ වී සිටින්නේ යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වන සාරනාත් බස්නායක ගේ නැගණියක සමග ය. සාරනාත් බස්නායක යනු දේශපාලනයේ නියැලී සිටි බන්දුල බස්නායක ගේ පුත්‍රයා ය. සාරංග අලහප්පෙරුම මහින්ද පාලන කාලයේ පරිසර අධිකාරියේ ඉහල තනතුරක් හෙබ වූ අතර, දූෂිත ගනුදෙනු රැසකට හවුල් වූවෙකි. වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය අධ්‍යාපන පසුබිමේ දී මොහුට වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටීමට මුල සිටම බාධා පැවැති අතර ඒ සියල්ල ද දේශපාලන මැදිහත්වීම් මත කූඨ ලෙස වෙනස් කර ගත් අයෙකි.

විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් මුල් අයිතිකරුවන් ගාමිණී ලොකුගේ දේශපාලකයාගේ සමීපතමයින් වන අතර, මාධ්‍ය ආයතනයක් ලෙස මෙය පවත්වාගෙන යාමේ දී විවිධ දේශපාලන හිතවත්කම් උපයෝගී කරගනිමින් මෙම ආයෝජනය ශක්තිමත් කර ගැනීමට සාරංග පාර්ශවය ක්‍රියාවට නැගූ සියලු උපක්‍රම අසාර්ථක විය.

කෙසේ වෙතත්, ඉරිදා පුවත්පතේ සේවක අයිතීන් වෙනුවෙන් නීති මගින් කටයුතු කරන සේවක සේවිකාවන් මර්දනයට සාරංග අලහප්පෙරුම සහ විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් පාලන අධිකාරිය විවිධ චෝදනා සහ මැර බලය ඒකරාශී කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට දැන ගන්නට ලැබී ඇත. මේ පිළිබඳව අදාල අංශ වෙත පැමිණිලි කරමින් සේවක සේවිකාවන් පිරිසක් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙයි.

තව ද, රටේ නීත්‍යනුකූල පසුබිමක මාධ්‍ය සේවකයින් ලෙස කටයුතු කළ 50 කට අධික පිරිසක් කිසිදු වන්දි මුදලක් නොගෙවා මහමගට ඇද දමා අසරණ කිරීම පිළිබඳව මෙරට මාධ්‍ය සංවිධාන ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද කියා මාධ්‍යවේදීහු බලා සිටිති. 

---------------------------
by     (2017-01-10 21:44:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links