(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.18, ප.ව.8.45) රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට ජීවිතය පරදුවට තබා අභ්‍යන්තර අරගලයක් ගෙන ගිය ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු මෙන්ම වත්මන් පොහොර සංස්ථාවේ සභාපති, විදේශ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව මහතා අද දහවල් කිසියම් නාඳුනන කණ්ඩායමක තර්ජනයට ලක්ව තිබේ.
පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති පිරිසක් ඩිමෝ බට්ටා වෑන් රථයකින් හල්ලොලුව මහතාගේ මහ ගෙදරට ගොස් හල්ලොලුව කව්දැයි විමසමින් නිවසේ සිටි වියපත් මව සහ පිරිස බියපත් කර තිබේ. අවට නිවාස වලින්ද හල්ලොලුව කියන්නේ කව්දැයි විමසමින් බියපත් කර ඇත.
ප්‍රසිද්ධ චරිතයක් වන තුසිත හල්ලොලුව මහතා ගැන පොලිසියට විමසීමට අවශ්‍ය නම් එය මේ ආකාරයෙන් නීති විරෝධී ආකාරයෙන් සිදුවිය නොහැකි බැවින් මෙම කණ්ඩායම සැබෑ පොලිසිය විය නොහැකි යැයි ද, මීට පෙර තුසිත හල්ලොලුව පරාජිත රාජපක්ෂ රෙජීමයේ දැඩි වෛරයට පත්ව සිටින්නෙකු බැවින් ඔහුට ජීවිත තර්ජන ඇතැයි ආරක්ෂක වාර්තාවක් තිබී ඇති බැවින්ද තුසිත හල්ලොලුව මහතා මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කර තිබේ.
තමන්ට ජීවිත තර්ජන ඇති බවට ලැබී තිබූ ආරක්ෂක වාර්තාවක් අනුව තමන් නීතිය හා සාමය අමාත්‍යාංශයට ඒ පිලිබඳව දැනුවත් කිරීමෙන් පසු එහි ලේකම්වරයා තමාට ආරක්ෂාව සපයන්නැයි පොලිස්පතිවරයාට නියෝග කර බොහෝ කලක් වන නමුත් පොලිස්පතිවරයා එම වගකීම පැහැර හැර ඇතැයිද මෙම සිදුවීම ඉහත කී පළමු ජීවිත තර්ජන අනතුරු ඇඟවීමේ දිගුවක් විය හැකි යයි තමන් සැක කරන බවද තුසිත හල්ලොලුව මහතා ලංකා ඊ නිව්ස් කළ විමසීමකට පිළිතුරු වශයෙන් පැවසීය.
මීට සමාන සිද්ධි කිහිපයක්ම දිවයිනේ විවිධ පළාත්වලින් පසුගිය දිනවල ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී තිබේ. ඒ සියල්ලේම සාමාන්‍ය පොදු ලක්ෂනයක් වන්නේ පොලිසියට සමාන ඇඳුම් ඇඳගෙන නීති විරෝධී ලෙස මිනිසුන් පිලිබඳ තොරතුරු සෙවීමයි. පසුව පොලිසියේ අදාල අංශ වලින් විමසීම් කළ විට පොලිසිය එවැනි කණ්ඩායමක් එවා නොතිබිණැයි ඒ සෑම අවස්ථාවකම පවසා තිබිණ.
---------------------------
by (2017-02-18 16:17:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි