~

නීතිඥ සංගමයේ විශේෂ මහා සභාවේදී විනිසුරු සංගමයට දැඩි විරෝධය: නීතිපති නම් කරන තේරීම් බාර නිලධාරීන් හමුවේ නිලවරණය මාර්තු 15 දා

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.26, පෙ.ව‍‍.6.00) නීතිඥ සංගම් නිලවරණය මාර්තු 15 වෙනිදා විනිසුරුවරුන්ගේ සහායකින් තොරව නීතිපතිවරයා විසින් නම් කරන ලද තේරීම් බාර නිලධාරීන් හමුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඊයේ තීන්දු කරන ලදී. 

පහළ විනිසුරුවරුන් සංගමය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කළ මහා කෙනෙහිළිකම නිසා නිලවරණය කල් දැමීමට සිදුවූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඊයේ කැඳවන ලද විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගත් අතර විනිසුරුවරුන්ගේ අධිකරණ සේවා සංගමයේ නීච ක්‍රියා පිළිවෙතට දැඩි විරෝධය පළ කළ නීතිවේදීහු රැසක් එය පිළිකුලින් යුතුව හෙළා දැක්කාහ.

ආරම්භයේදීම රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමේ දී නීතිඥ සංගමය විසින් කළ නීත්‍යාණුකූල මැදිහත් වීම සහ විනිසුරුවරයා පත් කිරීම කෙතරම් සාධාරණ ලෙස සිදුවුනාද යන්න ගැන ජෙෆ්රි අලගරත්නම් සභාපතිවරයා විසින් දීර්ඝ විස්තරයක් මහා සභාව හමුවේ ගෙන ආවේය. කිසිවෙකු ඊට විරුද්ධත්වයක් පළ නොකිරීම විශේෂ සිදුවීමක් විය. ඉන්පසුව කථා කළ නීතිඥ මහත්වරුන් සියළු දෙනාම පාහේ අධිකරණ සේවා සංගමයේ (සත්‍ය වශයෙන්ම මෙම නීච ක්‍රියාව පිටුපස ඉන්නේ පසුගිය වනචර දශකයේ තවමත් ජීවත්වන විනිසුරුවන් පස් හය දෙනෙකු පමණි) ක්‍රියා පිළිවෙත දැඩි ලෙස විවේචනය කිරීම කැපී පෙණින.

ඉන්පසුව නීතිඥ සංගම් නිලවරණය පැවැත්වීම සඳහා විනිසුරුවරුන්ගේ දායකත්වය නොලැබේ නම් නීතිපතිවරයා විසින් නම් කරන තේරීම් නිලධාරීන් හමුවේ පැවැත්වීමට අදාල වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආවේ සියළු දෙනාගේම එකඟතාවයෙනි. ඒ අනුව ලබන මාර්තු 15 වෙනිදා නිලවරණය පැවැත්වීමට ද තීරණය කළහ.

රාජපක්ෂවාදී නීතිඥවරුන් මෙහිදී කලබගෑනියක් කරනු ඇතැයි බලාපොරොත්තුව සිටි කාලවර්ණකුලසූරිය නමැති කාල ගෝලයා පැය භාගයක් පමණ කාලයක් බලා සිට තම බලාපොරොත්තු සුන්වීමෙන් පසු සභාවෙන් නැගිට හෙමින් සීරුවේම ඉවත්ව යනු දක්නා ලදී. රාජපක්ෂවාදී කුඩු නාලිකාව සහ ෂෙයාර් මාර්කට් හොරුන්ගේ හැකරැල්ලා නාලිකාවද තම බලාපොරොත්තු කඩකර ගත් බව පෙණින.

සබැඳි පුවත
විනිසුරු-නීතිඥ ගැටුම රත් වේ: නීතිඥ සංගම් නිලවරණය කල් දමයි: ඒත් විනිසොරුන් හතර පස් දෙනාගේ ජාතිවාදය පරදවන බව නීතිඥ ප්‍රජාව කියයි

 

---------------------------
by     (2017-02-26 00:30:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links