~

තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.30,  ප.ව‍‍‍‍‍‍.11.45) රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ඝාතනය කර හදිසි අනතුරක් ලෙස යට ගසා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ව්‍යාජ වාර්තා දුන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ  ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට තහනම් කිරීමට වෛද්‍ය සභාව විසින් අද තීන්දු කර තිබේ.

වෛද්‍ය සභාව ආනන්ද සමරසේකරට එරෙහිව මෙම තීන්දුව ගන්නා ලද්දේ අධිකරණය විසින් දුන් නියෝගයක් අනුව මිස ස්වයං පෙළඹවීමක් මත නොවන අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට  2016 වසරේ මුල් භාගයේ සිට අද දක්වා දීර්ඝ කල් මැරීමක්ද සිදු කෙළේය. අවසානයේ දී වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා ගේ නිල කාලය අවසන් වන අවසාන දිනයේ දී දුර්වල තීන්දුවක් ප්‍රකාශ කරන ලදී. 

බැලූ බැල්මට වුවද සැක සහිත මරණයක් වූ වසීම් තජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් මිය ගිය අයෙකු ලෙස මුලින්ම පෙන්වා සිටියේ එදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය  ආනන්ද සමරසේකර විසිනි. එහිදී ආනන්ද සමරසේකර තජුඩීන් ඝාතනය වසන් කළා මදිවාට එය ඝාතනයක් බවට තිබෙන ප්‍රධානතම සාක්කියක් වූ  ඝාතනයට පෙර ම්ලේච්ඡ ලෙස පහර දී කඩා දමන ඔහුගේ කකුලේ කලවේ අස්ථිය පවා මෘත දේහයෙන් ලබා ගැනීමෙන් පසු තම භාරයේ දී අතුරුදහන් කර දැමුවේය. මේ බව හෙලිවූයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු වසීම් තජුඩීන්ගේ සිරුර යළි ගොඩ ගෙන කරන ලද දෙවන මරණ පරීක්ෂණයේ දීය. ආනන්ද සමරසේකර තමාගේ පළමු ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීමට ද වසර දෙක හමාරක් තරම් විශාල කාලයක් ලබා ගත් අතර ඒ සඳහා ද අධිකරණයට හතර වතාවක්ම නොතීසි නිකුත් කිරීමට ද සිදුවිය.

මෙකී ආනන්ද සමරසේකර වනාහී තජුඩීන් ඝාතනයේ දී පමණක් නොව අලුත්ගම සිදුකරන ලද ඝාතන වලදී ද දී තිබුනේ රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය තීන්දුය. අලුත්ගම ඝාතන තියුණු ආයුධ වලින් කළ කැපුම් තුවාල නිසා සිදුවූ මරණ බවට ඔහු තීන්දු කළද පසුව කරන ලද පරීක්ෂණ වලදී හෙලි වූයේ ඒවා ටී 56 උණ්ඩ වලින් කරන ලද වෙඩි තැබීම් වලින් සිදුකළ මරණ බවයි. එදා අවි ආයුධ තිබුනේ ගෝඨාභය විසින් යැවූ ආරක්ෂක හමුදා අතය. ඒවා ගැන දැන් පරීක්ෂණ සිදු වන්නේ ද නැත. 

කෙසේ වෙතත් තජුඩීන් මරණ පරීක්ෂණයේ දී වෛද්‍ය වෘත්තියට නිගා දෙන තරම් තිරිසන් ක්‍රියාවක් කළ ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් පරීක්ෂණ කර තමන්ට කරුණු වාර්තා කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් වරයා නියෝග කරන්නේ ඊට සුදුසුම ආයතනය වන වෛද්‍ය සභාවට ය. ඒ 2016 වසරේ මුල් කාර්තුවේ ය. දිනෙන් දින මෙම වාර්තාව ලබා දීම මග හරිද්දී අධිකරණය විසින් කිහිප වතාවක්ම දින නියම කරමින් වාර්තාව ලබා දෙන ලෙස වෛද්‍ය සභාවට නියෝග කළද සභාව කල් මැරුවේය. අවසානයේ දී තීන්දුව ලබා දුන්නේ අද ය.

මෙතරම් වැරදි සිදුකර ඇති ආනන්ද සමරසේකර වරදකරුවකු යැයි වෛද්‍ය සභාව තීන්දු කරන්නේ  තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන හෝ අලුත්ගම මරණ සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන නොව ඔහුගේ භාරයේ තිබියදී තජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් පමණි. ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට පමණක් තහනම් කිරීමට වෛද්‍ය සභාව තීන්දු කර ඇත. වෛද්‍ය සභාවේ වත්මන් සභාපති කාලෝ ෆොන්සේකාගේ නිල කාලය නිමාවන අවසන් දිනයේ දී මෙවැනි ලිහිල් තීන්දුවක් දුන්නේ හෙට එන නව සභාපතිවරයා විසින් දැඩි තීන්දුවක් ලබා දෙනු ඇතැයි යන සැකය නිසා ය.   

විශේෂඥ වෛද්‍ය වෘත්තියේ වගකීම් මෙතරම් ගණිකා වෘත්තියේ යෙදැවූ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ.

---------------------------
by     (2017-07-01 00:04:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  9 discussion on this news

ලංකාවේ නීතිය බලවතුන්ට නැවිය හැකිය. ශිරාණි නෝනටයි අශෝක ද සිල්වයි Trillium ගෙවල් ගන්න මුදල් ලැබුණ හැටි හොයමුද?
-- by nalin on 2017-07-01

Let Carlo to get peaceful retirement. After age of 65 people are not suitable for higher positions of the Government. Aging is another stage of life, like childhood. Aging change everything physical, psychological, relationships, social, environment, situation, behavior, spiritual, intellectual etc...Now Carlo is 85. How can he serve country now? If GMOA doctors can’t understand symptoms of aging we'd better hire Doctors from abroad to give their serve in Sri Lanka
-- by Rathna on 2017-07-01

kaalakanni perethayaaa
-- by ruban on 2017-07-01

විශේෂඥ වෛද්‍ය වෘත්තියේ වගකීම් මෙතරම් ගණිකා වෘත්තියේ යෙදැවූ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ.
-- by jagath silva on 2017-07-01

බැලූ බැල්මට වුවද සැක සහිත මරණයක් වූ වසීම් තජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් මිය ගිය අයෙකු ලෙස මුලින්ම පෙන්වා සිටියේ එදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසිනි. එහිදී ආනන්ද සමරසේකර තජුඩීන් ඝාතනය වසන් කළා මදිවාට එය ඝාතනයක් බවට තිබෙන ප්‍රධානතම සාක්කියක් වූ ඝාතනයට පෙර ම්ලේච්ඡ ලෙස පහර දී කඩා දමන ඔහුගේ කකුලේ කලවේ අස්ථිය පවා මෘත දේහයෙන් ලබා ගැනීමෙන් පසු තම භාරයේ දී අතුරුදහන් කර දැමුවේය.
-- by nuwan on 2017-07-01

අපි වගේ බලයක් නැති අහිංසක මිනිස්සු කොහොමද මේ වගේ තිරිසනුන් ගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නෙ
-- by අසන්ත on 2017-07-01

මහින්ද රාජපක්ෂ කාලකන්නිය උගේ මිනීමැරුම් හොරකම් ජඩකං කරගන්නත් යටගහන්නත් අපූරු රණවිරුවො සෙට් එකක් හදාගත්ත. ඒ සෙට් එකේ එක රණවිරුවෙක් තමයි ආනන්ද සමරසේකර...
-- by ජඩයා on 2017-07-01

Carlo would have go on his retirement as a historic man if he handles SAITM issue impartially and wisely. But he reacted two different way in previous government and present and he openly support GMOA. It’s an open secret that GMOA is working according to Mahinda Rajapakse’s orders. Ultimately Carlo had to go home without a respect, just as an ordinary government servant. This is a very good lesson for others who are holding honorary chairs.
-- by Batty on 2017-07-02

කාලෝ පොන්සියා නැමැති වෘක්ෂ සුනඛයා මැදමූලනයේ බල්ලෙක් වී ලබන ආත්මයේ පටන් උපදීවා! මන්ද මේ කාලකන්නියා රටේ වැදගත් නිලතල දරමින් රටට කරන ලද හානිය අති මහත් නිසාය. එමතුද නොව මේකා කසිප්පු බී දෙවියන්ට කරන ලද අපහාසයට අපාගත වේවා
-- by silva on 2017-07-03

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links