(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.11, පෙ.ව.11.10) හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යට ගසා සිටින වත්මන් අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති රාජදුරගේ විජේදාස හෙවත් රාජපක්ෂගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස නමැත්තා හොරු ආරක්ෂා කරන්නෙක් පමණක් නොව දීර්ඝ කලක් තිස්සේ කළු සල්ලි ව්‍යාපාරයක යෙදෙමින් එහි ආදායම් කිසිවක් රජයට නොපෙන්වා බදු වංචා කරන ‘බදු හොරෙක්‘ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත සාක්කි සහිතව වාර්තා වී තිබේ.
විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා රඛිත රාජපක්ෂ කළු සල්ලි ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇත්තේ ජර්මානු ජාතික කාන්තාවක් සමග ය. ජර්මන් කාන්තාව සහ රාජපක්ෂලා අතර අතරමැදියා ලෙස ක්‍රියා කරන්නේ කොල්ලුපිටිය පැල්මයිරා ඇවනියුහි පදිංචි ප්‍රසිද්ධ ඉංගිරිසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් තෝමස් නමැත්තා ය.
විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ දෙටු පුත් රඛිත නිර්මල රාජපක්ෂ යන අය WR සහ RNR යන සංඛේත නාම වලින් බ්‍රයන් තෝමස් සමග සම්බන්ධ වී සිටින අතර බ්‍රයන් ජර්මානු කාන්තාව සමග සම්බන්ධ වී සිටිති. 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව බලයට ඒමෙන් පසු, විජයදාස රාජපක්ෂ කැබිනට් ඇමැතිධූරයක් ලබා ගැනීමෙනුත් පසු 2015 ඔක්තෝබර් 31 වෙනිදා පළමු වරට බ්‍රයන් තෝමස්ට රුපියල් තුන් කෝටි හැත්තෑ දෙලක්ෂයක් ලබා දෙමින් (රු.30,720,000/-) මේ පිය පුතු දෙදෙනා මෙම කළු සල්ලි ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ. ඉන්පසු යලිත් වරක් 2015 නොවැම්බර් 13 වෙනිදා මෙකී කළු සල්ලි ව්‍යාපාරයට යොදවන ලෙස බ්‍රයන් තෝමස්ට රුපියල් එක් කෝටි විසි දෙලක්ෂ හය දහසක් ලබා දී තිබේ. මේවායේ ප්‍රතිලාභ ගෙවා ඇත්තේ පුදුමාකාර ලාබාංශ ලෙසය. එනම් යෙදැවූ මුදල x 22% x 60% = ලාභය ලෙස ලබා ගෙන ඇත.
ඉහත කාරණා වලට අදාලව අප සතු ලිඛිත සාක්කි මෙහි පහත ඉමේජ ලෙස දක්වා ඇති අතර වාචික සාක්කි අනුව මොවුන් මේ කළු සල්ලි ව්‍යාපාරයට යොදවා ඇති මුදල් සහ ලබා ගෙන ඇති මුදල් මීට සිය ගුණයකටත් වඩා විශාල ය.
උදාහරණයක් ලෙස වරක් මුදලින් රුපියල් මිලියන 300 ක් බ්‍රයන් වෙත ලබා දී ඇති අතර ඊට ප්‍රතිලාබ ලෙස මාස කිහිපයකට පසු බ්‍රයන් විසින් විජේදාස රාජපක්ෂගේ නිවසටම ගෙනැවිත් දී ඇති මුදල රුපියල් මිලියන 2000 කි. රාජපක්ෂ මෙම මුදල් කිසිදු බැංකුවක නොදමා තමන්ගේ නිවසේ තැන් තැන් වල සඟවා ගෙන සිටින බව දැනගන්නට තිබේ. වරක් මේ මුදල් තැන්පත් කිරීම සඳහා අඩි 18 ක් පළල දැවැන්ත සේප්පුවක් මිලට ගත් විජේදාස රාජපක්ෂ එය නිවස තුලට ඇතුලු කර ගැනීමට නොහැකි වී යලි හරවා යවා ඇත. මෙකී කළු සල්ලි ජාවාරමේ ගණු දෙනු සඳහා මොහු පසුගිය මාසයේ දී ද ජර්මනිය බලා ගියේ ය.
තමා ඇමැතිවරයෙකු වීමෙන් පසුව ලබා ගත් සහ තවමත් ලබා ගන්නා මේ දැවැන්ත මුදල් කන්දරාව පිළිබඳ කිසිදු තොරතුරක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට මොහු විසින් පෙන්වා නැත. ඒ අනුව මොහු දැවැන්ත බදු හොරෙකි.
මේ ලිපිය හෙළිදරව් වීමෙන් පසු මොහු නියත වශයෙන්ම තම නිවස තුල සහ රඛිතගේ නිවස තුල තිබෙන මෙකී කළු සල්ලි තොගය වෙන කොහේ හෝ සඟවනු නියතය.
ඉහත කී කළු සල්ලි ජාවාරමට අමතරව විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන හල්ලව රාළලාගේ මාලා රාජපක්ෂගේ නමින් නීත්‍යාණුකූලව පවත්වාගෙන යන Lotus Holding සමාගම වුව නිසි ලෙස ආදායම් බදු නොගෙවන සමාගමකි. අඩුම ගණනේ මේ සමාගමට VAT අංකයක් හෝ නැත. මේ සමාගමට අයත් නුගේගොඩ පිහිටි එක් ගොඩනැගිල්ලක් කුලියට දී ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලී මුදලකට ය. එම ලක්ෂ 80 ට මොවුන් බදු ගෙවන්නේ නැත. ඒ සඳහා ලබා ගත් තැන්පතු මුදල වූ රු. කෝටි 100 ක මුදලටද මොවුන් බදු ගෙවා නැත. තවත් ස්ථානයක් වන නාවල අංක : 275 ඩයලොග් ගොඩනැගිල්ලෙන් මසකට ලක්ෂ 30ක් පමණ ආදායම් ලබන අතර නඩු වලට පෙනී සිටිමින් බලෙන් සහ නීතිවිරෝධී ලෙස ලබාගත් දේපල වලින් උපයන මුදල් සඳහාද බදු ගෙවන්නේ නැත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධූරය සහ ICTA හි අධ්‍යක්ෂ ධූරයක් දරණ විජේදාසගේ දෙටු පුත්‍රයා වන රඛිත නිර්මල රාජපක්ෂ මේ දිනවල රට පුරා සුපිරි ‘කොෆී ෂොප්‘ ජාලයක් (Cafe Noir) ආරම්භ කරමින් යයි. ඒ අන් කිසිවකට නොව ඉහත කී කළු සල්ලි සුදුකර ගැනීම සඳහා ය. නොඑසේව ලේකම් ධූරයකින් සහ අධ්‍යක්ෂ ධූරයකින් වැටුපක් ලැබෙන, මාස 3 කට වඩා දීගයක් කා ගත නොහැකි, හුලිජ්ජ කොළුවෙකුට රට පුරා සුපිරි ‘කොෆි ෂොප්‘ ආරම්භ කළ නොහැකි ය.
මිනිසුන් ධනය උපයනවාට, ධනය පරිභෝජනය කරනවාට, ධනය අයෝජනය කරනවාට නියැන්ඩර්තාල් වම්මුන් සේ හෝ නූගත් කුහකයන් සේ හෝ ලංකා ඊ නිව්ස් කිසිදු විරුද්ධත්වයක් නැත. අප විරුද්ධ වන්නේ එම ධනය උපයා ගත් හැටි රජයට නොපෙන්වා, ඒ ධනයට නිසි ලෙස බදු නොගෙවා සඟවා හොරා කනවාට ය. උන් බදු හොරුය.
අප දන්නා නීතිය අනුව නම් මාධ්‍ය වාර්තාවකින් හෙළිකරන දූෂණයක් වුව පැමිණිල්ලක් සේ සලකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට වැටලීමක් කර විමර්ශනයක් ආරම්භ කළ හැකිය. ඒ අනුව මෙම පුවත පළ වූ වහාම විමර්ශන නිලධාරීන් විජේදාසගේ සහ රඛිතගේ නිවෙස් වටලා කළු සල්ලි අත් අඩංගුවට ගත හැකිය. බ්‍රයන් තෝමස් අත් අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකිය. සාක්කි කරුවන්ට ආරක්ෂාව සලසන්නේ නම් විජේදාස සහ පුතාගේ මේ දූෂණය පිළිබඳ සාක්කි දීමට අපි සාක්කි කරුවන් ඉදිරිපත් කරන්නෙමු.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමා දූෂණයට එරෙහි සුදනෙකු බව ඔප්පු කිරීම අවශ්‍ය නම් ඒ සඳහා තම විධායක බලතල පාවිච්චි කර අල්ලස් හෝ දූෂණ කොමිසමට නියෝගයක් දුන්නාට කිසිවෙකු විරුද්ධ නොවනුද ඇත. නමුත් සිරිසේන මහතාගේ ලඟම ඥාතීන්ද රාජපක්ෂ පිය පුතු දෙදෙනා ඉහත කී කළු සල්ලි ව්‍යාපාරයට බිලී බාගෙන සිටින බැවින් එවැන්නක් සිදුකිරීමට ජනාධිපතිවරයාට හයියක් ඇතැයි සිතිය නොහැකි ය.
ඔකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජපුරගොඩ ගම්මානයේ ජානගත, හොරේවෙල මහා විද්‍යාලයෙන් අයන්න ආයන්න කී, රාජදුරගේ විජේදාස හෙවත් රාජපක්ෂගේ විජේදාස හෙවත් විජේදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘ නම් පටබැඳි, අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැත්තාගේ දූෂිත ජාතකය ගැන ‘ආනුභාවනන්ද‘ ලියන විවරණයක් මතු බලාපොරොත්තු වන්න.
(විජේදාස සහ රඛිත බ්‍රයන් තෝමස්ට ගෙවූ මුදල් සහ ලබා ගත් මුදල් වල ගණන් හිලව් වාර්තාවේ මෙහි දැක්වෙන ‘ස්ක්‍රීන් ෂොට්‘ රූප ලබා ගත්තේ රඛිත රාජපක්ෂගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයෙනි. මෙම රූප විනාශ නොකළහොත් මරා දමන බවට රඛිත විසින් ලබා ගත් අයට තර්ජනය කරන ලදී)
---------------------------
by (2017-08-11 07:11:48)
Leave a Reply
Lanka e-news thank you so much for the service you are doing for our helpless country with dirty politicians.
-- by Parakrama Perera on 2017-08-11
නැත්තං විජේදාසට කොහොන්ද මෙච්චර සල්ලියක්? මූ ඒ දවස්වල හිඟන්නෙක් නෙ!
-- by මායා on 2017-08-11
ප්‍රශ්නෙ තියෙන්නෙ මූත් රාජපක්ෂ කෙනෙක්නෙ! මැද මුලනෙ රාජපක්ෂ පල්හොරුන්ගෙ ඇඟේ දුවන ලේම තමයි මුගේ ඇඟේ දුවන්නෙත්, මුන් සේරම නෑදෑයො තමයි. එකම හොර කල්ලියක්!
-- by Lalithani on 2017-08-11
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධූරය සහ ICTA හි අධ්‍යක්ෂ ධූරයක් දරණ විජේදාසගේ දෙටු පුත්‍රයා වන රඛිත නිර්මල රාජපක්ෂ මේ දිනවල රට පුරා සුපිරි ‘කොෆී ෂොප්‘ ජාලයක් (Cafe Noir) ආරම්භ කරමින් යයි. ඒ අන් කිසිවකට නොව ඉහත කී කළු සල්ලි සුදුකර ගැනීම සඳහා ය. නොඑසේව ලේකම් ධූරයකින් සහ අධ්‍යක්ෂ ධූරයකින් වැටුපක් ලැබෙන, මාස 3 කට වඩා දීගයක් කා ගත නොහැකි, හුලිජ්ජ කොළුවෙකුට රට පුරා සුපිරි ‘කොෆි ෂොප්‘ ආරම්භ කළ නොහැකි ය.
-- by ජගත් on 2017-08-11
මෙයා තමයි සිරි ලංකාවෙ අධිකරණ ඇමැති! ....වාසනාවන් මේ වගෙ ඇමතියෙක්!
-- by නසීර් on 2017-08-11
විජේදාස රාජපක්ෂ මේ තරම් ධනයක හිමිකාරයෙක් වුනේ කොහොමද?
-- by Janaka Silva on 2017-08-12
නඩු වලින් නං මූ හම්භ කරන්නෙ නෑනෙ, කප්පංනෙ ගන්නෙ....
-- by රාජා on 2017-08-12
Wijedasa Rajapakse is someone who hails from a very remote corner of Hambanthota, became a lawyer, and made a lot of money too, not necessarily from the professional skills according to the people who knew him. In his younger days, because of his humble beginnings, he may have looked down on the Western attire too. He is now in it all the time and looks totally out of place and strange - appears to be a burden on his small stature too - and his handling of the ministry shows he is pretty useless for the job too. The biggest mistake the PM made was appointing these political clowns to significant jobs - something, I am sure, he regrets - immensely.
-- by Tommy on 2017-08-12
wijedasa horu rajek.lakawa gambada poor people duk vidinawada ?
-- by wanniarachchi on 2017-08-13
යකෝ මේ වගේ තාමත් කලිසමේ හුලිජ්ජ කර ගන්න ඈයින්ට ලේකම් කං අධ්‍යක්ෂ කං දෙන පොන්නය මොකාද? මේ තනතුරු දිය යුතු මිනිස්සු කොච්චර ඉන්නවද රටේ...
-- by මයුර on 2017-08-14
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි