(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.17, ප.ව.3.00) පාසල්වල පිහිටි පරිගණක සම්පත් භාවිතා කර ‘ටෙක් ශ්‍රී ලංකා‘ නමැති හොර තක්කඩි ආයතනයට සිසුන්ගෙන් මුදල් අයකර පාඨමාලා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉඩ දීමට එරෙහිව ලංකා ගුරු සංගමය තම දැඩි විරෝධය පළ කර තිබේ. කලක් තිස්සේම ශිෂ්‍යත්ව ලබා දෙන බව කියමින් විශාල දැන්වීම් පළ කරමින් තරුණ තරුණයන් මුළා කරන මෙකී ආයතනය වෙන රටක නම් බ්ලැක් ලිස්ට් කර අයිතිකරුවන් හිරේ දමන තරම් වංචා කර ඇති නමුත් කලින් කලට දේශපාලන පන්දම් වලින් වැජඹෙන කූඨ ආයතනයකි. මොවුන්ගේ නම පවා රාජ්‍ය ආයතනයක් බව අඟවා ජනතාව මුලා කරන්නකි. සත්‍ය වශයෙන්ම මෙම ආයතනයට ගැලපෙන නම (කපු)ටෙක් ශ්‍රී ලංකා යන්නය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
පාසල්වල පිහිටි පරිගණක සම්පත් මධ්‍යස්ථාන මුදල් අයකර පාඨමාලා පැවැත්වීමට ටෙක් ශ්‍රී ලංකා ආයතනයට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. ඊට අදාළව 2017.08.03 දිනැති ED/08/26/05/11/01 අංකයෙන් යුතු අධ්‍යාපන ලේකම් වෙනුවට අධ්‍යක්ෂක (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) අත්සනින් පරිගණක සම්පත් මධ්‍යස්ථානවලට ලිපියක් යොමු කොට ඇත. එම ලිපියේ ශීර්ෂය වන්නේ ‘‘ටෙක් ශ්‍රී ලංකා ආයතනය මගින් පවත්වන පාඨමාලා සඳහා පරිගණක සම්පත් මධ්‍යස්ථානවල ඉඩකඩ පහසුකම් ලබාදීම - 2017’’ යන්නයි. වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කොට ඇත්තේ ටෙක් ශ්‍රී ලංකා ආයතනය පවත්වන පාඨමාලා සඳහා සම්පත් මධ්‍යස්ථානවල ඉඩකඩ මුදල් අයකොට ලබාදිය යුතු බවත් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ලබාදීමේදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණයක් සඳහා පැයකට රු.60/- බැගින් ද, මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් පැය 05 ක් සේවය කළහොත් රු.500/- ක් ද, පැය 05 කට වැඩි නම් රු.750/- ක් ද ගෙවන බවත්ය.
මේ වන විට ටෙක් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති නෙරංජන් නානායක්කාර නමැති පුද්ගලයෙකුගේ අත්සනින් අදාළ පරිගණක සම්පත් මධ්‍යස්ථාන කළමනාකරුවන් ඇමතූ ලිපියක සඳහන් කර ඇත්තේ ඔවුන් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඉලක්ක ගත කර මුදල් අයකොට පාඨමාලා ආරම්භ කරන බවයි. පරිගණක සම්පත් මධ්‍යස්ථාන, මේ ආකාරයෙන් පාසල් ළමුන්ගෙන් මුදල් අයකිරීමේ පාඨමාලා සඳහා පුද්ගලික ආයතනවලට ලබාදීම බරපතල පුද්ගලීකරණ ක්‍රියාවලියකි. එසේම මහජන මුදලින් නඩත්තු කරන රජයේ සම්පත් පුද්ගලික ආයතනවලට ලාභ ඉපැයීමට ලබාදීම රජයේ දේපළ අයථා ලෙස භාවිත කිරීමකි. හිටපු අධ්‍යාපන ලේකම් එස්.එම්. ගෝඨාභය ජයරත්න මහතා 2012.08.10 දින නිකුත් කළ 2012/25 දරණ චක‍්‍රලේඛයේ මෙවැනි කුලියට දීම් සිදු නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. එසේ තිබියදී අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම ක්‍රියාවලියට අනුමැතිය ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උක්ත චක‍්‍රලේඛය ද බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ යුත්තේ මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංවර්ධනය කර පරිගණක පාඨමාලා සිසුන්ට නොමිලේ ලබාදීමයි. එසේ නොකොට අධ්‍යාපන ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් බංකොලොත් ව්‍යාපාරිකයින්ට ඒවා කුලියට දීමට කටයුතු කිරීම කනගාටුදායක තත්වයකි. මෙම ක්‍රියාවලියට දැඩි විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය රජය මගින් ජනතා මුදල්වලින් පවත්වාගෙන යන පරිගණක සම්පත් මධ්‍යස්ථානවල ගොඩනැගිලි, පරිගණක, මානව සම්පත් භාවිතයට පුද්ගලික ආයතනවලට අවස්ථාව සලසා දී දරුවන්ට නොමිලේ ලබාදියයුතු පාඨමාලා මුදල් අයකර පැවැත්වීම මගින් ලාභ ඉපයීමට සැලසීමේ මෙම තීරණය වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී
ප්රධාන ලේකම්
---------------------------
by (2017-12-17 09:30:25)
Leave a Reply
මේ පුද්ගලයා දැන් වසර පහළොවකටත් පෙර හෙදි ශිෂ්‍යත්ව දෙනවා කියා අසරණ ගෑනු ළමයින්ගෙන් විශාල මුදලක් ගරාගත්ත . ලැජ්ජා නැති එකෙක්.
-- by Nimal on 2017-12-18
ඔය නෙරංජන් නානායක්කාර කියන මිනිහ මං හිතන්නෙ අපේ සීයටත් ශිෂ්‍යත්වයක් දීල ඇති, ඒ තරම්ම ඔය හොරකම පරණයි!
-- by චානක on 2017-12-18
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි