(ලංකා ඊ නිව්ස් -2018.ජන.05, පෙ.ව.6.50) ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පාඨකයන්ට කියැවීමේ අවස්ථාව ඇහිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සේ සලකා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඊයේ(04) ප්‍රකාශ කළාය.
සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම එලෙස ප්‍රකාශ කළේ ඊයේ (04) මානව හිම්කම් කොම්සමේ පැවැති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු සෙසු කොමසාරිස්වරුද ඊට සහභාගී වී සිටියහ.
සභාපතිනියගේ ප්‍රකාශයේ වැදගත්ම කරුණ වූයේ මානව හිම්කම් කොමිසම මෙකී විමර්ශනය ආරම්භ කරන ලද්දේ කොමිසම වෙත කිසිවෙකු විසින් හෝ කළ පැමිණිල්ලක් නොමැතිව බවත්, කොමිසමට ඇති බලතල අනුව මාධ්‍ය වල එම තහනම ගැන පළ වූ ප්‍රවෘත්ති වාර්තා සැලකිල්ලට ගනිමින් විමර්ශනයක් ආරම්භ කළ බවත් දීපිකා උඩුගම මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ වෙබ් අඩව්ය තහනම් කළ ආකාරය ගැන හා හේතුව අදාල ආයතන වලින් ලිඛිතව ඉල්ලා ඇති බවත්, එම තොරතුරු ලැබුණු පසු අවසන් තීරණයක් ගන්නා බවයි.
2015 ජනවාරි 8 ලංකා ඊ නිව්ස් ද දායක වී සිදුකළ දේදුනු විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි කොමිෂන් සභා ස්වාධීන ආයතන බවට පත් කිරීමේ අනුහසින් මෙවැනි ස්වාධීන තීන්දු ගන්නා මානව කොමිෂන් සභාවක් ශ්‍රී ලංකාවට ලැබිණ. සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් වෙත ලංකා ඊ නිව්ස් හි මිලියන සංඛ්‍යාත පාඨකයන්ගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනැමෙන බවද සඳහන් කළ යුතුය.
---------------------------
by (2018-01-05 01:30:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි