(ලංකා ඊ නිව්ස් -2018.අප්‍රේල්.28, පෙ.ව.7.15) ජාතික රූපවාහිනී සභාපති රවි ජයවර්ධන සහ අධ්‍යක්ෂ ජෙනරාල් තුසිර මැලවෙතන්ත්‍රි නමැති හාල්පාරුවන් දෙදෙනාගේ නීච තිරශ්චීන කෙනෙහිලිකම් කැපිලි කෙටිලි මැද රුසියානු සිනමා සහ රූපවාහිනී චිත්‍රපට උළෙලකට සහභාගී වූ ජාතික රූපවාහිනියේ ටෙලි අධ්‍යක්ෂක වරුන් තිදෙනෙකු ඊයේ රාත්‍රී රුසියාවේ දී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
රුසියාවේ පැවැති ‘ඩිටෙක්ටිව්ෆෙස්ට් 2018‘ සිනමා සහ රූපවාහිනී නිර්මාණ උළෙලේ දී ලෝකයක් පරදා ජය ගත් ඒ විශිෂ්ඨ කලාකරුවන් තිදෙනා නම් අතුල පීරිස්, රංග බණ්ඩාරනායක සහ ශිරාන් රත්නායක මහත්වරුන් වෙති.
අතුල පීරිස් විසින් අධ්‍යක්ෂනය කළ විනාඩි 21 ක ඒකාංගිග ටෙලි නාට්‍යයක් වූ ‘සහෘදයෝ‘ ටෙලි නාට්‍යය ප්‍රථම ස්ථානය දිනුවේ එය ඉදිරිපත් කළ ‘මානුෂිකත්වය පිලිබඳ‘ අංශයෙනි. රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ‘ජීවිතය අහිමි ආදරයක්; ආදරය අහිමි ජීවිතයක්‘ නමැති විනාඩි 54 ක වාර්තා ටෙලි චිත්‍රපටය ඩිප්ලෝමා ජයග්‍රහණයක් දිනුවේ ‘ත්‍රස්තවාදයට එරෙහි‘ අංශයෙනි. ශිරාන් රත්නායක අධ්‍යක්ෂනය කළ මාර්ග ආරක්ෂාව පිලිබඳ තත්පර 30 ක කෙටි පූරකය ඩිප්ලෝමා ජයග්‍රහණයක් දිනුවේ ‘මාර්ග ආරක්ෂාව‘ පිලිබඳ අංශයෙනි.
මෙම සිනමා සහ ටෙලි නිර්මාණ උළෙලේ දී ස්වාධීනව තරඟ කළ ලංකාවේ තවත් කෘතහස්ත අධ්‍යක්ෂවරියක් වන අනෝමා රාජකරුනා මහත්මියගේ ‘ආර්ටිකල් 14‘ නමැති කෙටි චිත්‍රපටයට ද සහතික දෙකක්ම හිමි වූයේ වාර්තා අංශයෙනි.
ඒ අනුව ලංකාවට හිමි වූ සියළු සම්මාන ගණන 5 කි.
මේ කලාකරුවන් සිව් දෙනා ලැබූ ජයග්‍රහණ වඩාත් වැදගත් වන්නේ මෙවර රුසියානු උළෙල සඳහා රටවල් 71 ක නිර්මාණ ශිල්පීන් 600 ක් දෙනා නිර්මාණ ඉදිරිපත් කරමින් තරඟ වැදුණු හෙයිනි.
මේ සියල්ලටම වඩා රටේ ජනතාවට හෙළි කළ යුත්තේ මේ රූපවාහිනී කලා කරුවන් තිදෙනාට මෙකී සිනමා උළෙලට සහභාගී වීම වැළැක්වීම සඳහා එහි සභාපති රවි ජයවර්ධන සහ අධ්‍යක්ෂ ජෙනරාල් තුසිර මැලවෙතන්ත්‍රි නමැති අධම හාල්පාරුවන් දෙදෙනා විසින් කරන ලද කැපිලි කෙටිලි ප්‍රමාණය යි. රූපවාහිනී සේවකයන් පවසන පරිදි ඒ කැපිලි කෙටිලි ප්‍රමාණය මෙසේය.
මේ අයගේ නිර්මාණ සම්මාන සඳහා නාමයෝජනා වී ඇතැයිද ඒ සඳහා සහභාගී වන්නැයිද රුසියාවෙන් ඇරයුම් ලැබුනු පසු ඔවුන්ට ඒ සඳහා සහභාගී වීම වැළැක්වීමට අධම හාල්පාරුවන් දෙදෙනා දන්නා දහං ගැට සියල්ල ගැසුවේය. මේ කලාකරුවන්ට එල්ල කළ චෝදනාව වූයේ මොවුන් ‘පොහොට්ටු‘ කාරයන් බැවින් රුසියාවට යෑමට ගුවන් ටිකට් පත් වලට සහ කෑම නවාතැන් ගමන් සඳහා වියදම් කළ නොහැකි බවයි. මෙහි ඇති විහිළුව නම් පසුගිය වනචර දශකයේ දී මේ කලාකරුවන් ‘යූඇන්පී කාරයන්‘ කියා හංවඩු ගසා තිබීම ය. දේශපාලුවන්ට පශ්චාත් භාගය උස්සා අල්ලා තනතුරු ගත් රවි සහ තුසිර හාල්පාරුවන්ට කලාකරුවෙකුගේ අගයක් ගැන වැටහීමක් නැත. වැටහෙන්නේ පශ්චාත් භාගයට දැනෙන තරමට ය.
අවසානයේ රංග බණ්ඩාරනායකගේ පියා වන ප්‍රකට කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් ජනාධිපතිවරයාට තතු වාර්තා කර තිබිණ. එහිදී ද රවි ජයවර්ධන ගේ මිත්‍රයා වන ශිරාල් ලක්තිලක විසින් ජනාධිපතිවරයාට ගතු කියමින් මේ කලා කරුවන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම වැළැක්වීමට කටයුතු කෙළේ ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මැදිහත් වී පිරිසට රුසියාවට යෑමට ගුවන් ටිකට් පත් වලට ප්‍රතිපාදන ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ ඒ සද්ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු අගය කළ යුතු නමුත් ඔහු ලබා දුන්නේ ගුවන් ටිකට් පත් පමණි.
ඉන් පසු කලාකරුවන්ගේ ගමන් බිමන්, කෑම සහ නවාතැන් සඳහා වියදම් ගෙවීම රූපවාහිනී සංස්ථාවේ රවි සහ තුසිර වෘක්ෂ සුනඛයන් දෙදෙනා වාරණය කළහ. එහිදී මැදිහත් වූයේ මාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වන තිලකා ජයසුන්දර මහත්මිය යි. ඇය කීවේ ඔබලා මේ වියදම් අනුමත නොකළහොත් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට ලක් විය හැකිය කියා ය. ඒ වන විට එක් කලාකරුවෙකුට එක් දිනක් සඳහා කෑම සහ නවාතැන් ගමන් බිමන් වෙනුවෙන් ඩොලර් 210 ක් ගෙවීමට නියමිතව තිබිණ. තිලකා ජයසුන්දරගේ බල කිරීමෙන් පසු තුසිර මැලවේතන්ත්‍රි මේ කලාකරුවන් කැඳවා පැවසුවේ “මං ඉගෙන ගත්තෙත් රුසියාවේ. එහේ පොඩි පොඩි ගුබ්බෑයම් තියෙනවා. මෙච්චර වියදම් නෑ. මමත් හිටියේ ඒවායේ. ඒ නිසා තමුසෙලාට එක දිනයක් සඳහා ඩොලර් 54 කට වඩා දෙන්න බෑ“ යනුවෙනි. (තුසිර නමැති වෘක්ෂ සුනඛයා රුසියාවේ ඉන්න ඇත්තේ යුරි ගගාරින් අභ්‍යවකාශයට ගිය කාලයේ විය යුතුය.) ඔහු මේ සම්මානනීය කලාකරුවන් අමතද්දී භාවිතා කළ නීච වදන ‘ගුබ්බෑයම‘ යන්න බව සැලකිය යුතුය. කෙසේ වෙතත් අවසානයේ රටවල් 71 ක නිර්මාණ 600 ක් පරදා ජයගත් කලාකරුවන් තිදෙනා වෙනුවෙන් රූපවාහිනියෙන් වෙන් කෙළේ දිනකට එක් අයෙකුට ඩොලර් 54 ක් පමණි.
අතුල පීරිස් යනු ඔහු නිර්මාණය කළ ප්‍රථම වේදිකා නාට්‍යයෙන්ම සම්මාන දිනීම ආරම්භ කරමින් දශක ගණනාවක් පුරා මේ වන විට අන්තර්ජාතික සම්මාන රැසක් දිනූ විශිෂ්ඨ කලා කරුවෙකි. මීට ඉහතදී ද රූපවාහිනිය වෙනුවෙන් ඔහු තැනූ ටෙලි නිර්මාණයකට දිනූ විදේශ සම්මානයක් ලබා ගැනීමට ඔහුට රට යෑමට රවි ජයවර්ධන ඉඩ දුන්නේ නැත. ලජ්ජා නැතිව නිර්මාණ කරුවා කපා දමා එම සම්මානය ලබා ගැනීමට ගියේ රවි ජයවර්ධනය.
රවි ජයවර්ධණ, තුසිර මැලවේතන්ත්‍රි සමාජයේ පෙනී සිටින්නේ සුදනන් පරිද්දෙනි. නමුත් මේ නීච අධම පාලම් කොක්කුන්ගේ සැබෑ වර්ණය පෙනෙන්නේ ඉගිලෙන විටය. මුන්ගේ මූණට කෙළ ගසා බූවල්ලකට හුලිජ්ජ කර පුකට ගසා එළවා දැමීමට සැබෑ මිනිසුන් පසුබට නොවිය යුතුය.
රවි සහ තුසිර දෙදෙනා ‘නාගප්‍රේත වස්තු‘ සූත්‍රයේ හමුවන පෙරේතයෝ වැනිය. ඔවුන් එකිනෙකා කපා කොටා ගනිමින් ලේ සැරව පානය කරති. කොතෙක් පානය කළද බඩ පිරෙන්නේ නැත.
(මෙහි දැක්වෙන සේයාරූ රුසියාවේ වෙසෙන ලංකා ඊ නිව්ස් වාර්තා කරු විසිනි)
---------------------------
by (2018-04-28 02:03:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි