~

බසයක් තුල පාසැල් සිසුවියක් අපහසුතාවයට පත් කළ හමුදා සෙබලා අත් අඩංගුවට නොගැනීමෙන් ජනතාව නොසන්සුන්

(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.11, ප.ව.7.45) බස් රථයක් තුළදී පාසල් ශිෂ්‍යාවක් දැඩි අපහසුතාවයකට ලක් කළ යුද හමුදා සෙබළෙකු පොලීසිය විසින් අත් අඩංගුවට නොගැනීම නිසා 10 දා සවස වවුනියාවේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැණිනි.

වවුනියාව මැණික්ෆාම් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක්  සිය පාසල නිමවී නිවසට යමින් සිටියදී බස් රථයේ සිටි යුද හමුදා සෙබළෙකු එම සිසුවියගෙන් ලිපිනය හා දුරකතන අංකය ඉල්ලා ඇත.ඒවා ලබා නොදුන් අවස්ථාවේදී යුද හමුදා සෙබළා සිසුවියට දැඩිලෙස අපහසුතාවයට පත් කරමින් සිටි අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් ඊට දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.

මේ අවස්ථාවේදී යුද හමුදා සෙබළා මගීන් සමග දැඩි ආරවුලක් ඇති කරගැනීම නිසා බස් රථයේ රියදුරු බස් රථය පොලීසියට රැගෙන එන අතරතුරදී මහමග පිහිටි පොලිස් මුරපොලකට මේ බව දන්වා තිබේ.

එම මුරපොලේ පොලිස් නිලධාරීන් යුද හමුදා සෙබළාව අත් අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මගීන් මහමගදී දැඩි විරෝධයක් පල කොට සිටියහ.

මේ නිසා පැය බාගයක පමණ කාලයක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවන අන්දමට වාහන ගොඩ ගැසුණු අතර මහපාරේ ගමන් කළ වැසියෝද පොලීසියේ මේ ක්‍රියාවට විරෝධය පලකොට තිබේ.

පසුව වවුනියාව පොලීසියෙන් අමතර පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් යුද හමුදා සෙබළාව අත් අඩංගුවට ගෙන පාරේ ගොඩ ගැසී තිබූ වාහන සියල්ල නිසි ලෙස හසුරුවා උදා වී තිබූ තත්ත්වය සමථයකට පත් කොට තිබේ.

අදාල යුද හමුදා සෙබලා සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2018-07-11 14:27:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links