(ලංකා ඊ නිව්ස් -2018.අගෝ.22, පෙ.ව.3.40) හැත්තෑ දෙහැවිරිදි මහින්ද රාජපක්ෂගේ ඔහු ලඟට බාල සොහොයුරා වූ චන්ද්‍රා රාජපක්ෂ ඊයේ (21) උදෑසන මිය ගියේ ය. 70 හැවිරිදි ඔහු මාස 6 ක පමණ කාලයක සිට අසනීපයෙන් හුන් බව පැවසේ. ඔහු තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පෙරවරුවේ මිය ගොස් තිබේ. චන්ද්‍රා රාජපක්ෂ එක් දරු පියෙකි. චමින්ද රාජපක්ෂ නමැති පුත්‍රයෙකු ඔහුට සිටී.
මහින්දලාගේ පවුලේ බාලම නැගණිය වූ ගාන්ධිනී රාජපක්ෂ (රණවක සමග විවාහ වී සිටි) පසුගිය වසරේ (2017) මැයි මාසයේ දී අභාවප්‍රාප්ත වූවාය.
මහින්ද රාජපක්ෂලාගේ පවුල පිලිවෙලින් මෙසේය.
1939 දී උපන් චමල් රාජපක්ෂ වැඩිමහලුම අයියා වේ.
1942 දී උපන් ජයන්ති රාජපක්ෂ අක්කා ය
1945 දී මහින්ද රාජපක්ෂ උපන්නේය.
1947 දී උපන් අද මිය ගිය චන්ද්‍රා රාජපක්ෂ (මල්ලී)
1947 දීම උපන් බැසිල් රාජපක්ෂ (මල්ලී)
1949 දී උපන් ගෝඨාභය රාජපක්ෂ (මල්ලී)
1952 දී උපන් ටෙක්සාස්හි පදිංචි ඩඩ්ලි රාජපක්ෂ (මල්ලී)
1957 දී උපන් ප්‍රීති රාජපක්ෂ (නංගී - දොස්තර චන්ද්‍රදාස සමග විවාහ වූ)
1959 දී උපන් 2017 මියගිය ගාන්ධිනී රාජපක්ෂ (නංගී - රණවක සමග විවාහ වූ )
ඉහත දරු 9 දෙනාගේ පවුලේ පියා දොන් ඇල්වින් රාජපක්ෂ හෙවත් ඩී.ඒ. රාජපක්ෂ වූ අතර මව දන්දිනා සමරසිංහ දිසානායක විය.
මෙහි දැක්වෙන වීඩියෝවේ දැක්වෙන්නේ පවුලේ වැඩිමහල් සොයුරා වන චමල් රාජපක්ෂ චන්ද්‍රා රාජපක්ෂගේ සිරුර බාර ගැනීමට රෝහලට ගොස් සිටි අවස්ථාවයි. බැසිල් සහ ගෝඨාභය මේ වන විට ඇමරිකාවට ගොස් සිටිති. චන්ද්‍රාගේ සිරුර බාර ගැනීමේ අවස්ථාවට රෝහලට පැමිණ සිටියේ චමල් පමණි
---------------------------
by (2018-08-21 22:13:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි