~

බද්දේගම ප්‍රා.සභා සභාපති මිනිස් ජාවාරමට දකුණු කොරියා ගිහින්..!

(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.23, ප.ව.8.10) ශ්‍රී ලංකාවේ තානාපති සේවයේ ගමන් බලපත්‍රයක් හිමි ජමීල් නමැත්තෙක් මිනිස් ජාවාරමේ යෙදී ඉතාලියේ හසුවෙද්දී රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි පොහොට්ටුවේ දේශපාලුවෙක් මිනිස් ජාවාරමක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින සිද්ධියක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

මේ පුද්ගලයා අන් කිසිවෙකු නොව බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩ නමැති පොහොට්ටු පක්ෂයේ ජයග්‍රාහී සභාපතිවරයා ය. ඔහු පුද්ගලයන් තිදෙනෙකුගෙන් ලක්ෂ 6 බැගින් ලක්ෂ 18 ක් රැගෙන ඔවුන් දකුණු කොරියාවට ගෙන ගොස් බැස්සවීම සඳහා මේ වන විට රටින් පිටව ගොස් තිබේ. පිරිස සමග අනුර නාරංගොඩ ද දකුණු කොරියාව වෙත පැමිණ ඇති අතර පුද්ගලයන් තිදෙනා එහි දමා ඒම මොහුගේ සැලැසුමයි. ඔහු මේ සඳහා අවභාවිතා කරන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරයි. මේ හාදයාද නියත වශයෙන්ම මිනිස් ජාවාරමේ යෙදී හසුවන අතර ඉන් ද දැලි ගෑවෙන්නේ රටේ නාමයේ ය. 

---------------------------
by     (2018-09-23 14:42:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links