(ලංකා ඊ නිව්ස් -2018.ඔක්.26, ප.ව.1.25) ගරුත්වය සුනඛ අධෝ මුඛයේ උලා ගත් විනිසුරුවරියන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත් කිරීමට ජනතාද්‍රෝහී ජනාධිපතිවරයා විසින් කරන ලද වෑයම අවසන් මොහොතේ ව්‍යවස්ථා සභාව විසින් ව්‍යර්ථ කර තිබෙන බව සාතිශය යුක්ති ප්‍රමෝදයෙන් යුතුව රට වැසියා වෙත වාර්තා කරමු.
පුරප්පාඩු වී තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූර දෙකට අභියාචනාධිකරණයේ සිටින ගාමිණී අමරසේකර සහ දූෂිත විනිසුරුවරියක් වන කුප්‍රකට දීපාලි විජේසුන්දර ද ඉන් පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ ධූරයකට තවත් දූෂිත විනිසුරුවරියක් වන මහාධිකරණයේ සිටින කුසලා සරෝජිනී වීරවර්ධන ද ජනාධිපතිවරයා විසින් නම් කර ව්‍යවස්ථා සභාවට එවා තිබිණ.
ලංකා ඊ නිව්ස් පෙර පුවතකින් හෙළිදරව් කරන ලද අන්දමට තම මරාංඟනාවන් දෙදෙනා පත් කරන ලෙස ජනතාද්‍රෝහී ජනාධිපතිට උපදෙස් දී තිබුනේ ලංකාවේ මෙතෙක් හිටපු දූෂිතම අගවිනිසුරුවරයා වූ සරත් නන්ද සිල්වා විසිනි. කෙසේ වෙතත් මේ විනිසුරුවරියන් දෙදෙනා ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළහොත් ලජ්ජාවට පත් වන්නේ සරත් නන්ද නොව තමා බව අවසාන මොහොතේ වටහා ගත් ජනාධිපතිවරයා ඊයේ උදේ 7.45 ට තවත් විනිසුරුවරුන් කිහිප දෙනෙකුගේ නම් කඩිමුඩියේ ව්‍යවස්ථා සභාවට යොමු කර තිබිණ.
අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සහ කුමුදිනී වික්‍රමසිංහ යන දෙදෙනාගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව, අනුර රණසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහාධිකරණ විනිසුරුවරුන්ගේ නම් අභියාචනාධිකරණයටත් ලෙස නම් කර එවා තිබිණ.
මෙහිදී ජනාධිපතිවරයා කර තිබූ බරපතල විෂමාචාරයක් නම් පසුව නම් කර එවු පිරිස සඳහා අගවිනිසුරුවරයාගේ නිර්දේශ නොතිබීමයි. නීත්‍යාණුකූලව ජනාධිපතිවරයා වෙත අදාල නම් ලබා දිය යුතු වන්නේ අධිකරණ සේවා කොමිසම විසින් කරන ලද සමාලෝචනයකින් පසු අගවිනිරුවරයාගේ නිර්දේශ වලින් පසුව වුවද ජනාධිපතිවරයා ඊයේ උදෑසන තදියමේ පසුව ඉදිරිපත් කරන ලද නම් සඳහා එවැනි නිර්දේශ ලබාගෙන නොතිබිණ.
ඉදිරිපත් කරන ලද නම් සලකා බැලූ ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙක සඳහා එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර විනිසුරුවරුන් ගේ නම් දෙක අනුමත කර ජනාධිපතිවරයා වෙත යැවූ අතර ඉන් ඇතිවන අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙක සඳහා ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නම පමණක් අනුමත කර ඉතිරි එක සඳහා වෙනත් නම් එවන ලෙස දන්වා යැවීය.
දූෂිත විනිසුරුවරියන් වූ දීපාලිගේ (මරාගේ චූටි නංගි) සහ කුසලා සරෝජිනී දෙදෙනාගේ නම් ප්‍රතික්ෂේප කර තිබිණ.
ජනාධිපති අභියාචනාධිකරණය සඳහා නම් කර තිබූ හෙයියන්තුඩුව වනාහී සරත් නන්ද සිල්වා සමග දූෂනයේ යෙදුනු අයෙක් වන අතර සරත් නන්ද සිල්වාගේ සංගීත සාජ්ජ වල බයිලා ගැයූවෙකි. අනුර රණසිංහ වනාහී අමු හොරෙකි. මුළු අධිකරණ ක්ෂේත්‍රය තුලම ප්‍රකට පගා කාරයෙකි. මුදලට තීන්දු දෙන්නෙකි.
මේ අයවලුන්ගේ නම් අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණ කොමිසම විසින් නිර්දේශිත නම් නොවීම සැලකිය යුතුය.
ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නම් කර එවූ තුරෙයිරාජා සහ කුමුදිනී වික්‍රමසිංහ දෙදෙනා ගැනද ප්‍රශ්න තිබේ. තුරෙයිරාජා වනාහී ජ්‍යෙෂ්ඨත්වයෙන් 8 වැනි ස්ථානයේ සිටින අයෙකු වන අතර කුමුදිනී වනාහී ජ්‍යෙෂ්ඨත්වයෙන් 4 වැනි ස්ථානයේ සිටින්නියකි. කෙසේ වෙතත් වෙනත් දෝෂ නොමැති නිසා තුරෙයිරාජා විනිසුරුගේ නම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. නමුත් ඒ නම් දෙකද අගවිනිසුරු ඇතුළු අධිකරණ කොමිසම විසින් නිර්දේශ කර නොතිබීම සැලකිය යුත්තකි.
මෙහිදී යුක්තියේ ආධිපත්‍යය බලාපොරොත්තු වන පුරවැසියන්ද නීති ක්ෂේත්‍රයද අධිකරණ ක්ෂේත්‍රයද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන ප්‍රබල ප්‍රශ්නයක් තිබේ. ඒ නම් අභියාචනාධිකරණයේ සභාපති කීර්තිමත් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ශ්‍රේෂාඨාධිකරණය සඳහා ජනාධිපතිවරයා විසින් නම් නොකෙළේ මන්ද යන කාරණයයි. ප්‍රීති පද්මන් සූරසේන වනාහී ජනාධිපතිට හෝ අගමැතිට හෝ වෙනත් තක්කඩියෙකුට හෝ බිය නැති කොන්ද කෙලින් තියාගෙන නඩු තීන්දු දෙන විනිසුරුවරයෙකු වන බැවින් එතුමන් වැනි අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකෙළේදැයි යුක්තියේ ආධිපත්‍යය පතන්නෝ ජනතාද්‍රෝහී ජනාධිපතිවරයාගෙන් විමසති.
---------------------------
by (2018-10-26 08:05:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි