(ලංකා ඊ නිව්ස් -2019.ජන.17, ප.ව.11.45) මිනීමරු කල්ලි හදා උන්ට මුදල් ගෙවා තම රටේ දුප්පත් පුරවැසියන් විසි දහසකට අධිකව මරා මූදේ ගිල්වා අතුරුදහන් කරමින් ශිෂ්ඨ සම්පන්න ලෝකයා ඉදිරියේ මානව වර්ගයාට එරෙහි දරුණු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසා කොන්කර තිබෙන පිලිපීන මිනීමරු ජනාධිපති රොඩ්‍රිගුස් දුතාර්තේ හමුවීමට රටේ ව්‍යවස්ථාව කඩමින් නීච බොරු කාරයෙකු ලෙස ලෝකයා අතර නින්දාවට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෑම සිරිසේනගේ තවත් කුමන්ත්‍රණයකට ආරම්භයක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
මේ හමුව සැලසුම් කර ඇත්තේ විදේශ අමාත්‍යාංශයෙන් නොවන අතර සිරිසේනගේ හෙංචා දැනට රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක විසින් බව දැන ගන්නට තිබේ. දුතාර්තේ මේ වන විට ශිෂ්ඨ සම්පන්න ලෝකයාගෙන් කොන්වී ඇති නමුත් තව දුරටත් ඔහුව පිළිගනු ලබන්නේ රුසියාවේ පුටින් පමණි. දයාන් මේ සම්බන්ධය ගොඩ නගා දී ඇත්තේ ඒ අනුව ය.
දුතාර්තේ මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයක් ගෙන යනවා යයි කියමින් 2016 මැයි මාසයේ ඔහු ජනාධිපති වූ දා සිට මේ වන විට 20,000 කට අධික පිලිපීන දුප්පත් මිනිසුන් මරා දමා ඇතැයි එරට විපක්ෂය කියයි. හියුමන් රයිට්ස් වොච්, ඇමනෙස්ටි ඉන්ටර් නැෂනල් වැනි මානව අයිතිවාසිකම් ගැන සොයන ජාත්‍යන්තර සංවිධාන වල වාර්තා අනුව නීති විරෝධීව මරා දමා ඇති සංඛ්‍යාව 12000 කට අධිකය.
දුතාර්තේ ගේ වත්මන් පිලිපීනය ලංකාවේ පසුගිය මැදමූලන වනචර දශකයේ පාලනය සිහිගන්වන්නකි. මරා දමන මිනිසුන්ගේ සිරුරු රාත්‍රියේම මුහුදට ගෙන ගොස් දමා සාක්කි නැති කරති. හසුවන සිරුරු රෝහල් වලට ගෙන ගියද රෝහල් තුල මාෆියාවක් ගොඩ නගා ඇති අතර වෛද්‍ය සාක්ෂි විකෘති කරති. මිනිසුන් මරා දැමීමට වෙනම ‘හිට් ස්කොඩ්’ තිබේ. ඒ හිට්මෑන් කෙනෙකුට මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකු ඝාතනය කිරීම වෙනුවෙන් ඇ.ඩොලර් 100 ක් ගෙවයි. මත්ද්‍රව්‍ය විකුණන අයෙක් ඝාතනය කරනවාට ඇ.ඩොලර් 200-300 ත් අතර ගණනක් ගෙවයි. මරා දැමූ සිරුරු අසලට ගිනි අවි දමා, ‘ආයුධ පෙන්වන්න යද්දී වෙඩි තිබ්බා’ යි ලංකාවේ පොලිසිය කියනවා වැනි කතාවක් ගොතයි. එසේ ඝාතන සිදුකළ හිට්මෑන්ලා දෙදෙනෙකු මේ ගැන පාපොච්ඡාරණය කර තිබේ. ශිෂ්ඨ සම්පන්න ලෝකයා නුහුලන මෙවැනි අපරාධ නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය දුතාර්තේ මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදුකර ඇතැයි පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර තිබේ.
රාජපක්ෂලාගේ රූකඩ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උඩ දාගෙන හමුවන්නට ගියේ මෙවැනි පාලකයෙකි. මුළු ලෝකයෙන්ම කොන් වී සිටින පාලකයෙකි. හමුවුනා මදිවාට එහි සිට දුතාර්තේගේ මිනීමරු මත්ද්‍රව්‍ය සටන ලෝකයා ආදර්ශයට ගත යුතු යැයි ගොං කතාවක්ද කෙළේය. දැන් ජාත්‍යන්තර මාධ්‍ය වල සිරිසේන පට්ටා ගසනු ඇත.
සිරිසේනගේ සංචාරය කවරාකාරයෙන්වත් ආණ්ඩුවේ සම්බන්ධයක් තිබී නැත. විදේශ ඇමැතිවරයා පමණක් නාමිකව සම්බන්ධ වී තිබිණ. අනෙක් කිසිදු ඇමැතිවරයෙකු සංචාරයට සහභාගී නොවූ අතර සහභාගීව සිටියේ ඩිලාන් පෙරේරාලා වැනි අපතයන් පමණි. අත්සන් කළා යැයි කියන අවබෝධතා ලියැවිලි කිසිදු නීත්‍යාණුකූල පදනමක් නැති ලියැවිලි පමණි. රටට කිසිදු ප්‍රතිලාභයක් ගෙන දෙන නිල විදේශ ගිවිසුම් එකක් වත් ඒ අතර නොවීය.
රාජපක්ෂලාගේ රූකඩ ජනාධිපති සිරිසේන දුතාර්තේ හමුවේ වෙන අරමුණක් ඇතැයි වාර්තා වේ. ඔහු එහි යෑමට පෙරද ලංකාවේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් එල්ලුම් ගහට යවනවාමයි කියමින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේ ය. යලි පැමිණීමෙන් පසුවද ඒ ප්‍රචාරයම ගෙන යනවා ඇත. නමුත් ඔහු ඒ සමග කරන්නට යන්නේ දැනට මරණ දණ්ඩනයට නියම වී සිටින රටේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දුමින්ද සිල්වාට ජනාධිපති නිදහස ලබා දීමයි. ඊට ඔහු පවසනු ඇත්තේ දුමින්ද සිල්වා මරණ දණ්ඩනයට යොමු වුනේ මත්ද්‍රව්‍ය චෝදනාවකට නොව ව්‍යාජ මනුෂ්‍ය ඝාතනයකට කියා ය. මේ සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපති දුමින්දගේ සොයුරු කුඩු නාලිකාව අධිපති රෙනෝ ද සිල්වාට මේ වන විටත් පොරොන්දුවක් ලබා දී ඇතැයි දැන ගන්නට තිබේ.
රෙනෝ ද සිල්වා එකී සැලසුම අනුව මේ වන විටත් දුමින්ද නිදහස් කරන්නැයි කියා පෙත්සමකට අත්සන් ලබා ගනිමින් සිටී. එකක් කියා වෙනකක් කිරීමට දක්ෂ ජනාධිපති සිරිසේනගේ සැලසුම එයයි.
දුමින්ද සිල්වා සිරගතව සිටියද ඔහුගේ කුඩු ජාවාරම ඒ ආකාරයටම එළියේ සිදුවෙමින් තිබේ. රෙනෝ ද සිල්වාගේ කුඩු නාලිකාව කරන්නේ එකී කළු සල්ලි සුදු කිරීම ය. ඊට හොඳම සාක්කියක් වන්නේ මේ වන විට රෙනෝ ද සිල්වා නාරාහේන්පිට චිත්‍රා පටුමගේ ඉදිකරන දැවැන්ත මාළිගාවයි. එය පර්චස් 80 ක් පුරා පැතිරුණු මාලිගාවකි. ප්‍රමාණය වර්ග අඩි 60,000 කි. වර්ග අඩි 60,000 ක නිවසක් තැනීමට ලංකාව වැනි කුඩා දූපතක මාධ්‍ය හිමිකරුවෙකුට කිසිසේත් නොහැකිය. ඒ සියළු මුදල් මත්ද්‍රව්‍ය මුදල් බව නොරහසකි.
සිරිසේන දුමින්ද නිදහස් කර ගැනීමට යන්නේ මීලඟ ජනාධිපතිවරණයක දී ඔහුගේත්, ඔහුගේ කළු සල්ලි වලත්, කුඩු නාලිකාවේත් නොමඳ සහාය ලබා ගැනීමට ය. සිරිසේන මේ වන විට රාජපක්ෂලාගේ රූකඩයක් ලෙස කටයුතු කරන බව සැවොම දන්නා දෙයකි.
ලංකා ඊ නිව්ස් කල් තබා මේ වග හෙළි කරන්නේ එලැඹෙන අනතුර ගැන ජනතාව දැනුවත් කිරීමට ය.
---------------------------
by (2019-01-18 01:53:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි