~

දේශද්‍රෝහී නීච පාලකයා නිදහස් දින කතාවෙන් මාතෘ භූමිය බල්ලාට දැමූ වගයි..!

චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.04, ප.ව.11.45) රටක නාමය, ඒ රටේ ජාතික ධජය, ජාතික ගීය ආදී නිදහස් ස්වෛරී රටකට අනන්‍ය වූ දෑ සඳහන් ප්‍රධාන ලියැවිල්ල වන රටක ව්‍යවස්ථාව කැඩූ බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සත් දෙනෙකුම විසින් තීන්දු කරන ලද දේශද්‍රෝහී නීච පාලකයෙකු රටක නිදහස් උත්සවයක ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේ අවාසනාවන්ත අවස්ථාවකට අද ශ්‍රී ලංකාවේ පුරවැසියෝ මුහුණ දුන්හ. පුරවැසියන් විඳි එකම වාසනාවන්ත කාරණය නම් ඒ නීච දේශද්‍රෝහී පාලකයාගේ අවසන් නිදහස් උත්සවය මෙය වීම පමණි. 

මෛත්‍රීපාල සිරිසේන නමැති ව්‍යවස්ථාව කැඩූ සහ තවදුරටත් කඩමින් සිටින ඒ ජනාධිපතියා අද සිය නිදහස් දින කතාව ලෙස පැවැත්වූ කතාවද  කිසිසේත් නිදහස් දිනයක රටක පාලකයෙකු විසින් නොකළ යුතු කතාවකි. රටේ ගෞරවය ආරක්ෂා කරමින් විදේශයන් රටට හිස නමන ආකාරයේ කතාවක් රාජ්‍ය නායකයා නිදහස් දිනයේ දී කළ යුතු වුවද පොළොන්නරුවේ මුග්ධ සිරිසේන විසින් රටේ පාර්ලිමේන්තුව බාල්දු කරමින් ඔහු නියෝජනය කරන විධායකය හැර අන් සියළුම ආයතන හෙළා දකිමින් අද පැවැත්වූ කතාව රටේ සියළු පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු වූවකි. 
 
ඊට උදාහරණ කිහිපයක් මෙසේය.

ගෝල‌යෝ මිරිස්කුඩු ගහලා පාර්ලිමේන්තුව පිරිහිලා

රටේ ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුව පිරිහී ඇතැයි කී සිරිසේන ඊට උදාහරණ ලෙස කීවේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහ ගත් ආකාරයත් පාර්ලිමේන්තුවේ පොදු දේපොල විනාශ කළ ආකාරයත්ය. මේ වෘක්ෂ සුනඛ පාලකයා මෙසේ කීමට පෙර කණ්නාඩියක් ඉදිරියට ගොස් බැලුවේ නම් ඒ සියළු අපචාර කෙළේ ඔහු විසින් හැදූ හොර ආණ්ඩුවේ ඇමැතිකම් දුන් එවුන් මෙන්ම ඔහුගේම ගෝල බාලයන් බව දකිනු ඇත. පෙර දිනයේ කතානායක පුටුවට වතුර හැලූ බව කී විට ‘වතුර නොවෙයි ඇසිඩ් ගහන්නයි තිබුනේ’ යයි කියා අපචාරයට දිරි දුන්නේ සිරිසේන ය. පසුදා ඔහුගේ මැරයෝ පාර්ලිමේන්තුව තුල මිරිස් කුඩු ගැසුවේ සිරිසේනගෙන් ලද ධෛර්යය අනුව ය. ඒ සියල්ල රූපවාහිනියෙන් නරඹා විනෝද වූ මේ පාහර ජනාධිපතියා අද දක්වා ඒ වනචර ක්‍රියා කළ තමා නායකත්වය දරණ එජනිසයේ මන්ත්‍රීවරුන්ට දුන් දඬුවමක් නැත. එසේ තමා විසින්ම බලු වැඩ කරමින් ලෝකයා ඉදිරියේ ‘පාර්ලිමේන්තුව පිරිහිලා’ යයි රට අගෞරවයට පත් කළ හැක්කේ මෛත්‍රීපාල සිරිසේන වැනි දේශද්‍රෝහී නීච පාලකයෙකුටම පමණි.

ආර්ථිකය කඩා වැට්ටුවේ කව්ද?

රටේ ආර්ථිකය උග්‍ර කඩා වැටීමකට ලක් වී ඇතැයි සිරිසේන කීවේ ය. ඊට දරුණු ලෙසම හේතු වූයේ ඔහු විසින් දියත් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය නිසා රටට අහිමි වී ගිය ආධාර සහ රටින් ඉවත් කර ගත් විදේශ විනිමය බව මේ පාහර පාලකයා නොදන්නේද? ඔහු විසින් දින 52 ක දී රටට අහිමි කළ ධනය දළ වශයෙන් රු. කෝටි හැත්තෑ දහසක් තරම් අධිකය. ඒ තරම් ආර්ථික හානියක් කළ මේ නීච දේශද්‍රෝහියා නිදහස් දිනයේ දී ලොවටම හඬ ගා කීවේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවය.

ජනවාර්ගික ප්‍රශ්නය උග්‍රවෙලාලු

ජනවාර්ගික ප්‍රශ්නය උග්‍ර වී ඇති බවත් දේශපාලන විසඳුමකට ඒමට නොහැකි වීම ගැන කණගාටු වන බවද සිරිසේන කීවේ ය. නමුත් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය ශ්‍රීලනිපයේ යෝජනා ලබා දීම පමා කරමින් එය රබර් කෙළේ මෙකී සිරිසේනම ය. අද දිනයේ ද නව ව්‍යවස්ථා යෝජනාවන්ට එරෙහිව ජනවර්ග අතර සැකය පතුරුවමින් බොරු බේගල් කියා ජාතිවාදය වපුරන්නේ ඔහු විසින් හඳපානේ පත් කළ ඔහුගේ හොර අගමැති රාජපක්ෂ සහ ඔහුම ය. 

රාජ්‍ය සේවකයාට පරිභව කළා

රාජ්‍ය සේවකයන්ගෙන් සියේට 70 ක්ම අකාර්යක්ෂම යැයි කියමින් රාජ්‍ය සේවකයාට ද පහර දුන්නේ ය. රාජ්‍ය සේවකයන්ගෙන් සියේට 70 ක්ම වැඩ නොකර ඉන්නේ නැත. එය පට්ට පල් බොරුවකි. එමෙන්ම රාජ්‍ය සේවකයන් අතර ධූරාවලියෙන් දෙවැනි තැන්හි ලා සැලකෙන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගෙන හසුවූයේ සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මිස අන් කවරෙකුගේ හෝ නොවේ. එහිදී ද තමා වරදේ මූලිකයාව හිඳිමින් සමස්ථ රාජ්‍ය සේවකයාටම ලෝකයා ඉදිරියේ පරිභව කෙළේ පොළොන්නරුවේ සිරිසේනලාගේ තිබෙන දේශද්‍රෝහී කම මැනැවින් ප්‍රදර්ශනය කරමිනි. 

ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා

ඔහු ව්‍යාජ සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරමින් රට ලෝකයා ඉදිරියේ බාල්දු කෙළේ ය. රටේ ජනගහනයෙන් සියේට 50 කගේ ආදායම දිනකට රුපියල් 1000 කට අඩු යැයි කීමත් රටේ දරුවන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙනවා යැයි කීමත් එවැනි වැරදි සංඛ්‍යාලේඛනයන් ය. ලංකාවේ දුප්පත්කමේ සීමාවෙන් පහතින් ඉන්නේ සියේට 50 ක් නොව සියේට 6.7 කි. රටේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් නියමිත බරට අඩුවෙන් ඉන්නේ සියේට 20 කි. ඒ අනුව සිරිසේන ලෝකයා හමුවේ රටේ සත්‍ය තත්ත්වය සඟවා රට දුප්පත් කාලකන්නි රටක් බවට වැරදි චිත්‍රයක් පෙන්වීය. මෙවැන්නක් කළ හැක්කේ ද‍ේ්ශද්‍රෝහියෙකුට මිස අන් කවරයෙකුට ද?

කුඩුදුමියාට නිදහස ‌‌දෙන්න වළිකමින් රට මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක්ලු

තව ඔහු නිදහස් දිනයේ දී කී කතාවක් වන්නේ රට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මධ්‍යස්ථානයක්ව ඇති බවයි. මෙවැන්නක් නිදහස් දින කතාවක දී නොකළ යුත්තක් නමුත් ඊට ද වගකිව යුතු වන්නේ කව්දැයි උදාහරණ සහිතව පෙන්විය හැකිය. පසුගිය කාලයේ වරෙක කිලෝ 700 ක් පමණ ද තවත් වරෙක කිලෝ 200 කට අධිකවද ටොන් එකකට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මාස දෙකක් තුල අති සාර්ථක  මත්ද්‍රව්‍ය  වැටලීම් දෙකක් සිදුකළ මහ මොළකරුවා අද විශ්‍රාම ගනිද්දී ඔහුට සේවා දිගුවක් නොදුන් සිරිසේන අද දිනයේ දීම මෙවැනි ප්‍රකාශයක් කිරීම දෛවෝපගත ය. ඒ මහමොළකරුවා අන් කිසිවෙක් නොව එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් ය. සිරිසේන ඔහුගේ හෙංචයියන් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන වැනි නීතිය කැඩූ උන්ට සේවා දිගු පිට සේවා දිගු දුන්න ද ලතීෆ්ට සේවා දිගුවක් දී තව වසරක් හෝ මත්ද්‍රව්‍ය නාශනයේ යෙදෙන්නැයි කීවේ නැත. එපමණක් නොව හිරේ හිඳගෙනද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් කොළඹ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා ලෙස කටයුතු කරන කුඩු දුමින්දට ජනාධිපති සමාව දී එළියට ගන්නට වළිකන්නේ ද ජනාධිපති සිරිසේන ම ය. ජනාධිපති සිරිසේන මත්ද්‍රව්‍ය මධ්‍යස්ථාන ගැන කතා කරද්දී ඔහුගේ පුතා ද මත්ද්‍රව්‍ය පානය කරන්නෙක් වීම ද දෛවෝපගත ය. 
 
කෙසේ වෙතත් අභ්‍යන්තර ආරක්ෂක රැස්වීමක දී සාකච්ඡා කළ යුතු කාරණයක් වූ දෙයක් රාජ්‍ය නායකයා ලෙස ‘රට මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක්’ යැයි නිදහස් දිනයේ දී ලොවට හඬ ගා කීම දේශද්‍රෝහී ක්‍රියාවකි. 

පරිසර වනසමින් කරන සංරක්ෂණය

මේ නීච මිනිසා පරිසර ඇමැතිධූරයද දරමින් සිංහරාජය නකල්ස් රක්ෂිතය ආදිය ඇස් පනා පිට වනසමින් පරිසර සංරක්ෂණය විසඳිය යුතු ප්‍රශ්නයකැයි අද කතාවේ දී දෙඩැවූයේ මේ රටේ ඉන්නේ බූරුවන් යැයි සිතා විය යුතුය.

අපි නොදන්න ඥාති සංග්‍රහය 

ඥාති සංග්‍රහය රටේ තවත් ව්‍යසනයක් යැයි සිරිසේන කියද්දී ටෙලිකොම් ජාතික සම්පත වනසන සිරිසේනගේ මලයා කුමාරසිංහ සිරිසේන ද පසෙක ප්‍රභූ අසුනක වාඩි ගෙන සිටියේ ය. තමා ජනාධිපති වීමෙන් පසුව හාල් මාෆියාවක් හදන්නට, හෝටල්  පැටව් ගහන්නට තම සොයුරු ඩඩ්ලි සිරිසේනට ඉඩ හදා දුන් මේකා, තම දියණිය කෝටිපතිනියක් කළ මේකා, ලක්ෂ ගණන් වල ඇඳුම් අඳින බෑනෙක් බිහි කළ මේකා, මිලියන 500 ක මාලිගාවක් මිලදී ගැනීමට හැකි නමුත් රස්සාවක් නැති පුතෙකු බිහිකළ මේකා ඥාති සංග්‍රහය ගැන රටට නිදහස් දිනයේ දේශනා පැවැත්වීමට තරම් ලජ්ජා නැති එකෙකු විය.

කුසලතාවාද‌යේ අග්‍රඵලය නාමල් කුමාර 

කුසලතාවාදය රටට අවශ්‍යයයි කී සිරිසේනගෙන් ඇසිය යුත්තේ තම මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්ය සාධක බලකායට හමුදාවෙන් දෙවතාවක් පැන ගිය, හොර අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ, නාමල් කුමාර වැන්නෙක් දහස් ගණනක වැටුප් දී බඳවා ගත්තේ කුසලතාවාදය අනුවද කියා ය. 

අවංක දේශපාලනඥයන් නැතිලු 

දූෂනය ඉවත්කිරීමට අවංක දේශපාලනඥයන් හිඟයක් තිබේ යයිද සිරිසේන පැවසීය. නමුත් මේකා ඔක්තෝම්බර් 26 දා හඳපානේ අගමැති ලෙස පත් කළේ දශකයක දූෂනයන්ට කප් ගැසූ මහින්ද රාජපක්ෂය. ඔහුගේ හොර ඇමැති මණ්ඩලයට අධිකරණයේ නඩු තොග ගණන් තිබෙන දූෂිතයන් පත්කෙළේය. අද අවංක දේශපාලනඥයන් නැතැයි කියන අතරේ ජෙනරාල් සරත් ෆොන්සේකාට ඇමැතිධූරයක් දීම ප්‍රතික්ෂේප කරන්නේ ය.

ටැබ් මාරයාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

අවසාන වශයෙන් මොහු කී තවත් අපූරු ප්‍රකාශයක් සඳහන් කළ යුතුය. 21 වැනි සියවසට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය යැයි සිරිසේන කීවේය. උසස් පෙළ පාසැල් සිසුන්ට ටැබ් එකක් දීමට ආණ්ඩුව මුදල් වෙන්කර තිබියදීත් එය වැළැක්වූ සිරිසේන නමැති මනෝ විකෘති පාලකයා මෙවැනි ප්‍රකාශ කිරීම විහිළුවකි. 

එකටම සිටිමු..

මේ නීච දේශද්‍රෝහී පාලකයාගේ මුළු නිදහස් දින කතාවම එකම සම්ප්‍රප්පලාපයකි. ලෝකයා ඉදිරියේ රට නිග්‍රහයට ලක් කළ කතාවකි. සියළු රට වැසියන් නීච පාලකයාගේ නිදහස් දින කතාව හෙළා දැකිය යුතු නමුත් මෙවර  නිදහස් දින තේමාව නම් ඔහුටම ගැලපෙන්නකි. ඒ ‘එකට සිටිමු’ යන්නයි. ඔහු එය කියන්නේ රටට නොව රාජපක්ෂලාගේ පොහොට්ටුවට ය. ශ්‍රීලනිපය සමග එකට සිටිමු කියා ය. 

චන්ද්‍ර ප්‍රදීප්

---------------------------
by     (2019-02-05 11:12:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links