(ලංකා ඊ නිව්ස් -2019.පෙබ.25, ප.ව.12.40) පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී බම්බලපිටිය මංසන්ධියකදී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඩිෆෙන්ඩර් රියක හප්පා යටකර බරපතල තුවාල සිදුකළ බව දැන දැනම පලා ගොස් ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ පුත් රවිශ්ක අලුත්ගම සහ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත් විසිත ශ්‍රී විජේසේකර නමැති අය ඇතුළු පිරිසක් බව හෙළිවී තිබේ.
අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රිය පොලිස් නිලධාරියා හැපී විසි වී යාමෙන් පසු ඔහුගේ ඇඟට උඩින් ගමන් කර ඇති අතර පසුව ඩිෆෙන්ඩර් රිය නවත්වා පැමිණි මොවුන් පොලිස් නිලධාරියා වැටී සිටින අන්දම නරඹා යළි රථයේ නැගී පළා ගිය අන්දම සීසීටීවී කැමරා වල සටහන් වී තිබේ. ඩිෆෙන්ඩර් රිය සමග පසුපසින් පැමිණි ඔවුන්ගේම මිතුරන් සිටි තවත් ප්‍රාඩෝ වර්ගයේ රථයක් ද හඳුනාගෙන ඇත.
අනතුර සිදුකර ඇත්තේ 24 දා අලුයම 4.35 ට පමණ ය. ගාලුපාරේ කොල්ලුපිටිය දෙසට ධාවනය වූ පොලිස් යතුරු පැදිය යට කරන්නේ වැල්ලවත්ත දෙසට ධාවනය වූ WP FZ 9143 දරණ ඩිෆෙන්ඩර් රථයයි.
මෙහි අයිතිකරු වන්නේ පෙර කී පොලිස් අධිකාරීවරයාගේ පුත් රංචිගොඩ ආරච්චිගේ විසිත ශ්‍රී විජේසේකර නම් වයස අවුරුදු 27 ක් වූ අයයි. ඔහු අංක 422/2 ගාලුපාර කොළඹ 03 දරණ ලිපිනයේ පදිංචි අයෙකි. අනතුර සිදුකරන අවස්ථාවේදී ඔහු රථයේ සිට ඇති අතර රථය පදවා ඇත්තේ අංක 1047, පොතුඅරාව පාර, තලංගම උතුර, මාලාබේ පදිංචි වයස 27 ක් වූ රත්නායක මුදියන්සේලාගේ නවිඳු ඔමේෂ් රත්නායක නමැත්තෙකි.
මෙම අනතුර සිදුකළ රථයේ සිටි අනෙක් පුද්ගලයන් වන්නේ රවිශ්ක අලුත්ගමගේ නම් මහින්දානන්දගේ පුතා, යෝෂිත ගුණරත්න නමැත්තෙකු සහ විද්‍යා විශ්ව දර්ශනී නම් තරුණියකි.
ඉහත සියළුම දෙනා අනතුරක් සිදුකළ බවත් අනතුරට ලක්වූ පුද්ගලයා අසාධ්‍ය බවත් දැන දැනම ඔහුව එතැනම දමා පලා යති.
ඩිෆෙන්ඩරය අනතුර සිදුකර පලා යද්දී ඊට පසුපසින් ආ ඔවුන්ගේම මිතුරන් සිටි ප්‍රාඩෝ රථයේ අයිතිකරු වන්නේ කොළඹ 03, 05 වන පටුමගේ අංක 109 දරණ ස්ථානයේ පදිංචි දුමින්ද සුදම්මික ආටිගල නමැති වයස 28 හැවිරිදි අයෙකි. රථය පදවා ඇත්තේ ද ඔහු විසින්ම ය. එකී රථයේ ගමන් ගත් අය ලෙස පැපිලියානේ පදිංචි ශිරාන් මැතිව් දිනේෂ් (23) සහ දාබරේ නමැති දෙදෙනෙකුද හඳුනාගෙන සිටිති.
ඉහත නම් සඳහන් සියළුම දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. අනතුර සිදුකළ පුද්ගලයාට අමතරව අනෙක් සියළුම දෙනාට අනතුරක් සිදුවූ බව දැන දැනම නොදන්වා පලා යාමට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳිප්පිලිගේ ආනන්ද සාගර සරත්චන්ද්‍ර නමැති නිලධාරියා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යව ප්‍රතිකාර ලබයි. ඔහු මීට මාස කිහිපයකට පෙර බයිපාස් හෘද සැත්කමකට ද භාජනය වූ අයෙක් බව පැවසේ.
---------------------------
by (2019-02-26 09:55:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි